
සෞදි අරාබියේ රාමසාන් උපවාස කාලය පුරාම ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් මෙන්ම වෙනත් ජාතීන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් සංග්‍රහයන් පැවැත්වීමට දමාම් ඉස්ලාමින් සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලාංකික සහ තමිල්නාඩු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි. දහසකට අධික බැතිමතුන් සහ අනෙකුත් ජාතීන් වෙනුවෙන් මාසයක් පුරාවට පැවැති මෙම ඉෆ්තාර් භෝජන සංග්‍රය වෙනුවෙන් සෞදි අරාබියේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම අනෙකුත් දානපතීන්ගේ දායකත්වයෙන් ඉතා සාර්ථකව ඉටු කළ බව ශ්‍රී ලාංකික මවුලවිතුමකු වන මොනරාගල අබ්දුල් අසිඉස් මොහොමඩ් මහතා සඳහන් කරයි.
පසුගිය 15 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවැති මෙම ඉෆ්තාර් භෝජන සංග්‍රහයේ ප්‍රධාන ධර්ම දේශකයකු ලෙස කටයුතු කළ අබ්දුල් අසිස් මහතා පැමිණ සිටි ඉන්දියානු (දමිළ) සහ ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් සඳහන් කළේ අලුයම සලාතයෙන් අැරැඹෙන උපවාස කාලය සන්ධ්‍යා භාගය සමඟ අවසන් සලා හෝරාව දක්වා ඉතා සංගමයෙන් මෙන්ම භක්තියෙන් තම ශීලය රැකගත යුතු බවත් සමානාත්මතාවය සහ සහෝදරත්වය සනිටුහන් කර ගනිමින් ආදර්ශමත් දිවියක් ගත කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවත්ය. විශේෂයෙන්ම ඉස්ලාම් භක්තිකයින් ‘සකාත්’ යනුවෙන් හඳුන්වන (දුප්පතුන් සඳහා ආධාර ලබාදෙන) අරමුදල් සඳහා තම ආදායමෙන් හැකි පමණින් උපකාර කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන තේමාවක් බව ද මවුලවි අසිස් මහතා සඳහන් කරයි.

ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට
2025 දෙසැම්බර් මස 18
517
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාමසාන් උපවාස මාසයේ සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉෆ්තාර් සත්කාරයක්