IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුරෝපයේ අලංකාරම කඨින මහෝත්සවය නාපෝලි බෞද්ධ විහාරයේදී

 

 

ඉල් මස යනු සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි බෞද්ධ විහාරස්ථානවල ද කඨින පින්කම් පවත්වන මාසයයි.  


වස් කාලය අවසන් වීමත් සමග ඉල් පුර පසළොස්වක පොහෝ දිනයට පෙර සියලුම විහාරස්ථානවල කඨින මහා පින්කම පවත්වා අවසන් කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. යුරෝපයේ විශාලතම සහ අලංකාරතම බෞද්ධ විහාරය වන නාපෝලි බෞද්ධ විහාරයේ කඨින මහා පුණ්‍යෝත්සවය නොවැම්බර් මස 17 සහ 18 යන දෙදින පුරා පැවැත්විණි.  
නොවැම්බර් මස 17 වැනි දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් ද, පසුදින එනම් නොවැම්බර් 18 දක්ෂිණාවක් ද පැවැත්විණි. මේ සඳහා ජර්මනිය, ස්විට්සර්ලන්තය, ශ්‍රී ලංකා මෙන්ම ඉතාලියේ විවිධ නගරවලින් ද ස්වාමින් වහන්සේලා පහළොස් නමක් (19) වැඩම කළහ. නොවැම්බර් 18 දින පැමිණි සියලුම පිරිස වෙත දහවල් බත් දන්සලක් පැවැත්වීමට ද සංවිධායකයෝ කටයුතු කර තිබුණි.  


මෙදින මෙම පිංකම සඳහා නාපෝලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ​බෞද්ධ, අබෞද්ධ පිරිස එක්දහස් පන්සියයකට අධික පිරිසක් පැමිණ සිටියහ. මෙහි විශේෂත්වය වන්නේ මේ සඳහා ඉතාලි ජාතිකයන් බොහෝ පිරිසක් ද සහභාගිවීමයි.  


නාපෝලි බෞද්ධ විහාරයේ කඨින පුණ්‍යොත්සවය එහි විහාරාධිපති පූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී පනංගල වජිරඥාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව පරිදි දායක සභාව සංවිධානය කර තිබුණු අතර, මෙහි වැඩම කළ ස්වාමින් වහන්සේලා විශේෂයෙන් සඳහන් කරනු ලැබුවේ, උන්වහන්සේලා යුරෝපයේ දුටු අලංකාරතම විහාරස්ථානය සහ උත්කර්ෂවත්ම කඨින මහා පින්කම මෙය බවයි.  

 


නාමල් පතිනායක  
නාපෝලිය - ඉතාලිය.



අදහස් (0)

යුරෝපයේ අලංකාරම කඨින මහෝත්සවය නාපෝලි බෞද්ධ විහාරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site