IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මිලානෝ නගරය බැබලවූ නත්තල් ආසිරි සැඳෑව

 

ලොව පුරා විසිරී සිටින කතෝලික ජනතාව ඉමහත් උද්දාමයට පත්වෙන මාසය ලෙස දෙසැම්බර් මාසය හැඳින්විය හැකිය. ඔවුන්ගේ හදවත් තුළට ගලා එන රුධිර දහරා තුළ පවා තැන්පත්වී ඇති සදා ජීවමානව වැඩ වසන ජේසු සමිඳාණන්ගේ උපත සිදුවූ මාසය දෙසැම්බරය බැවින් ඔවුන් එසේ උද්දාමයට පත් වෙති. දෙසැම්බරය උදාවූ දින සිට අවසාන දින දක්වාම මෙම උද්දාමශීලී භාවයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ සිරිතකි. ඒ නිසා සාමයේ කුමාරයා ලෙස විරුදාවලිය ලත් ජේසු සමිඳුන්ගේ උපත සිහි කිරීමේ ප්‍රීතිමත් අවස්ථාව කතෝලික ජනතාව සමරන්නේ ඉමහත් උද්දාමශීලී බැතියෙනි.


ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන සංක්‍රමණික ශ්‍රී ලාංකීකයින්ගේ කිතුණු සංඝය මෙවරත් මෙම ප්‍රීතිමත් නත්තල සැමරීම සඳහා නත්තල් ආසිරි සැඳෑව නමින් නත්තල් උත්සවයක් සංවිධානය කර තිබුණි. මිලානෝ චෙන්ත්‍රෝ ඇස්තෙරියා ශාලාවේදී පසු ගිය ඉරු දින සවස් භාගයේ නත්තල් ආසිරි සැඳෑව ආසිරි ගැන්විනි. මිලානෝ කිතුණු සංඝය භාර ප්‍රින්කි රෝෂන් සහ දෙශාන් පෙරේරා ගරු පියතුමන්ලාගේ අනුශාසකත්වයෙන් නත්තල් ආසිරි සැඳෑව සංවිධානය කර තිබුණි.  


මිලානෝ නුවර වෙසෙන සියළුම ශ්‍රම සංක්‍රමණිකයින් බාරව සිටින ඉතාලි ජාතික ජන්කාර්ලෝ කුවාර්ඩ්‍රි ගරු පියතුමන් සමඟ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අති පූජ්‍ය පණ්ඩිත මහගම විපුලසිරි මහා නාහිමිපාණන් සහ මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ගරු ඩෙන්සිල් ෆොන්සේකා මහත්මාද මෙම අවස්ථාව සඳහා ආරාධනා ලැබ සිටියහ.  


මිලානෝ නත්තල් ආසිරි සැඳෑව මෙවර හැඩගැන්වීමේදී විවිධ වයස් කාණ්ඩවලට අයත් දරු දැරියන්ගේ ප්‍රතිභාව සඳහා වැඩි කාල පරාසයක් වෙන්කර තිබීම සතුටට කරුණකි. එම දූදරුවන් ඉදිරිපත්කළ කැරොල් ගායනා, නර්ථන අංග සහ නාට්‍යමය ජවනිකා නෙත් සිත් බැඳ ගැනීමට සමත් විය. දරුවන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා වෙහෙස වුනු කිතුණු සංඝයේ දහම් පාසලේ ගුරු භවතුන් සහ දෙමව්පියන් වෙත එහි ප්‍රණාමය හිමි විය යුතුය.


උත්සවයේ උච්චතම අවස්ථාව වූයේ නත්තල් සීයාගේ පැමිණීමය. ශාලාව පුරා විසිරී සිටින දරු පැටවුන් නත්තල් සීයා වටා රොද බැඳ ගෙන නත්තල් ගීත ගායනා කරමින් වේදිකාව මතට පිවිසුණු අවස්ථාවේ මුළු ශාලාවම නත්තල් සිරියෙන් බැබලවෙන්නට විය. නත්තල් සීයාගෙන් තෑගි ලබාගත් කුඩා කුමර කුමරියෝ තම දෙගුරුන්ගේ තුරුලට වැදී චෙන්ත්‍රෝ ඇස්තේරියාවෙන් පිටවී ගියේ සාමයේ කුමාරයාණන් ලොවට ගෙන ආ සාමයේ පණිවිඩය තම පුංචි සිත් තුළ තැන්පත් කර ගනිමින් බව නිසැකය. 

 

 


සුමිත් අරුණ 
ඉතාලියේ මිලානෝ නුවර සිට 
ඡායාරූප අයිවන් ප්‍රනාන්දූ



අදහස් (0)

මිලානෝ නගරය බැබලවූ නත්තල් ආසිරි සැඳෑව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site