
ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා බින් ලාඩන් සැඟවී සිටින තැනක් පිළිබඳව නිවැරදි ඔත්තුවක් සපයන්නෙකුට ඩොලර් දශලක්ෂයක ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් බව පෙබරවාරි මස විසිඅටවැනිදා ඇමෙරිකානු රාජ්‍ය
ත්‍රස්ථමර්ධන ඒකකය ප්‍රකාශයට පත්කළේය. දැනට තිස් හැවිරිදි හම්සා බින් ලාඩන් මෑතක සිට අල්කයිඩා ත්‍රස්ථ සංවිධානයේ නායක තනතුරට පත්ව සිටින බවට තොරතුරු ලැබී ඇති බව, එෆ්.බී.අයි ඇමෙරිකානු රහස් ඔත්තු සේවය කියයි. තම පියා ඝාතනය කළ පළිය ඇමෙරිකාවෙන් සහ ඔවුන්ට හිතවත්කම් දක්වන අනෙකුත් රටවලින් ගැනීමට සූදානම් වෙන ලෙස අන්තර්ජාලය ඔස්සේ තම අනුගාමිකයන්ට හම්සා විසින් මෑතකදී නිවේදනයක් නිකුත් කර ඇති බව ද, එෆ්.බී.අයි ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඔසාමා බින් ලාඩන් තම බිරියන් හයදෙනාගෙන් ලද දරුවන් විසිහයදෙනාගෙන් එක් පුතෙකි හම්සා. ඔසාමා විසින් තම පුත්‍ර හම්සාට බාලවියේ සිටම ගිනිඅවි පුහුණුව ලබාදී ඇත. 2011 වසරේ මැයි මස දෙවැනිදා පකිස්ථානයේ අබොතාබාද් හිදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා මෙහෙයුම දියත් කිරීමේදී, එවකට දොළොස් හැවිරිදි හම්සා ද තම පියා සමග සිටින්නට ඇතැයි ඇමෙරිකානුවෝ විශ්වාස කළද, එම මෙහෙයුමේදී ඔසාමා සමග මියගියේ හම්සාගේ තවත් සොහොයුරෙකු වූ කලිඩ් ය.
ඔසාමා බින් ලාඩන් ඝාතනයෙන් පසුව ඔහුගේ දරුවෝ බොහෝ දෙනෙකු ඉරාණයේ රැකවරණ ලැබූ අතර, හම්සා ආගිය අතක් සොයාගැනීමට මෙතෙක් නොහැකිවී ඇත. ඔසාමාගෙන් පසුව අල්කයිඩා නායකත්වයට පත් ඊජිප්තු ජාතික හිටපු ශල්‍ය වෛද්‍යවරයකු වූ අයිමන් අල් ස්වාහිරි විසින් හම්සා රැකගන්නට ඇතැයි විශ්වාස කෙරේ. අල් ස්වාහිරි විසින් අල්කයිඩා නායකත්වය දැන් පිය උරුමයට පවරා ඇති බවක්, ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්ථ මර්ධන ඒකකය විශ්වාස කරයි.
අල්කයිඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් මස එකොළොස්වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හී නිවුන් කුළුණුවලට එල්ල කරන ලද ප්‍රහාරය සැලසුම්කළ මොළකරු වූ මොහමඩ් අට්ටාගේ දියණියක සමග පසුගිය වසරේ මැද භාගයේ හම්සා ඉරාණයේ දී විවාහ වූ බවට පැතිර ගිය ආරංචිය, පසුව අල්කයිඩා සංවිධානය විසින් ද අනුමත කර තිබුණි. හම්සා අල්කයිඩා ත්‍රස්ථ රැකවරණ ලබමින් පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ කොතැනක හෝ සැඟවී සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්ථමර්ධන ඒකකය විශ්වාස කරයි.
හම්සා වහාම අල්ලාගත යුතු ත්‍රස්ථයකු ලෙස ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද දිනයේදීම, සවුදි අරාබිය හම්සාගේ එරට පුරවැසිභාවය අවලංගු කරදමා ඇත.
ඇමෙරිකාව විසින් හම්සා ඇල්ලීම පිළිබඳව නිකුත් කර ඇති ලිඛිත නිවේදනය, හම්සා තම පියාවූ ඔසාමා සමග සහ, ඔහු බාල වියේදී සටන් බිමේ සිටි ආකාරය ද දැක්වෙන ඡායාරූප කීපයක් මේ සමඟ දැක්වේ.


යටියන ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බින් ලාඩන්ගේ පුතා අල්ලා දුන්නොත් ඇමෙරිකාවෙන් ඩොලර් දශ ලක්ෂයක්