IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පැරීසියේ පුබුදු සඟරාව ළමා පරපුරට දෙන උතුම් ආදර්ශය

 

 

පහළට එල්ලා වැටුනු බෝපත්වලින් පිරි අතු ශාඛාවක් යට අසුන් ගත් භික්ෂූන් වහන්සේ නමක් රූපවාහිනියක් නරඹමින් සිටින්නේය. පසුබිමේ බිත්තියේ එල්ලා ඇති දින දර්ශනයකි. පැරීසියේ ධම්ම චක්ක බෞද්ධ විහාර දහම් පාසලේ ඉගෙනුම ලබන නෙත්මි දියණිය විසින් ඉහත රූප රාමු පෙළ චිත්‍රයකට නගා තිබුණි. සෑම ඉරිදාාවකම අනෙක් දරුවන් මෙන් දොළොස් හැවිරිදි නෙත්මී දීකිරිකෑගේ දියණියද දහම් පාසල් පැමිණේ. මඳක් වේලාසනින් දහම් පාසලට පැමිණෙන ඇය මුලින්ම තම මව සමඟ විහාර කුටියට යාබද ඔෆිස් කාමරයේ සිටින විහාරාධිපති කෝ ආනන්ද හිමියන් වැඳ නමස්කාරකොට දහම් පාසල් පංති කාමරයට පිය නගයි.   


විවේක ඇති විට රට තොට තොරතුරු සොයමින් පරිගණකය ඉදිරියේ වැඩ විසීම නායක හාමුදුරුවන්ගේ සිරිතක්ය. දාානමය කටයුතු හා වෙනත් පූජණීය අවස්ථාවන් සටහන්කොට තබන දින දර්ශනයක්ද පසෙකින් එල්ලා ඇත්තේය. නායක හාමුදුරුවන්ගේ දින චරියාව සටහන්කොට තබන්නේ ඉහත දින සහිත කැලැන්ඩරයේය. ඊට අමතරව මේසය උඩ දින පොතක්ද ඇත්තේය. එසේ නමුදු නෙත්මී දියණියගේ චිත්‍රයට එය හසුවී නොමැත. කෙසේ නමුදු දහම් පාසල ඇරඹීමට පෙර නායක ස්වාමීන් වහන්සේ වැඳ නමස්කාර කිරීම සිරිතක්වූ නෙත්මී දියණියගේ මනස තුළ ඉහත දසුන තැන්පත් වූවාට සැකයක් නැත. ඒ මන්ද?   


පැරීසියේ ධම්ම චක්ක දහම් පාසලේ දරු දැරියන්ගේ නිර්මාණ, කවි, කථා, රචනා ඇතුළත් සිඟිති සඟරාවක් සෑම පාසල් වාරයක් අවසන් වීමට පෙර එළි දක්වන්නේය. එය පුබුදු ළමා සඟරාව ලෙස හැඳින්වේ. දශක තුනකට ආසන්න ඉතිහාසයක් ඇති පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ දරු දැරියන් එළි දක්වන ඉහත ළමා සඟරාවට ද දශකයකට වඩා ඉතිහාසයක් ඇත්තේය. එම පාසලේ ආචාර්ය සෝමපාල විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් එකල මුලින්ම එළිදැක්වූ මෙම සඟරාව සෑම වසරකම දහම් පාසලේ දරු දැරියන්ගේ නිර්මාණ ඇතුළත් පිටුවලින් සකස්වී ඇත්තේය. වසරක් තුළ සිංහල භාෂාව සහ දහම් දැනුම ලබන දරුවන්ගේ දැනුම එක්කොට තබන එක් මෙවලමක් ලෙස පුබුදු ළමා සඟරාව එළිදැක්වීම අගේකොට සැලකිය යුතු කාර්යයක් යැයි හැඳින්වීම ඉතාමත් යෝග්‍යවේ.   


ඒ අනුව මෙවර එළිදැක්වූ පුබුදු සඟරාවේ මුල් කවරයට ඉහත කථාව ඇතුළත් නෙත්මී දියණියගේ සිතුවම ඇතුළත්කොට තිබුණේය. නායක හාමුදුරුවන්ගේ දින චරියාවේ කොටසක් සිතුවම් කළ නිර්මාණය මෙවර සඟරාවේ මුල් පිටුවට තෝරා ගැනීමද විශේෂ වෙන්නේය.   

 

 


අපේ රට, අලියා, පොල් ගස, අම්මා, අපේ ගුරුතුමිය, අපේ පන්සලේ හාමුදුරුවෝ, සීගිරිය ආදීලෙස දරුවන්ගේ රචනාවලින් හා චිත්‍රවලින් මෙවර පුබුදු කලාපය වර්ණවත්වී තිබුණේය. පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම දහම් පාසලේ විමලා බණ්ඩාර මිය, අන්ජලී රත්නායක මිය, විජයන්ති හේවගේ මිය, මාදීකා බැබිලේ මිය, ඉන්දු අතුකෝරාල මිය, යමුනා පයාගල මිය, අනෝජා වීරසේකර මිය, ශසී හා සුමිතා මිය, හර්ෂා කෝග්‍රේව් මිය, සෝමපාල විජේසිංහ මයා, සුදත් ප්‍රනාන්දු මයා, අමර ගුණසේකර මයා, ඒ.පී. පෙරේරා මයා යන ගුරු භවතුන් ස්වේච්ඡාවෙන් එදාා සිට අද දක්වාම දරුවන්ට සිංහල භාෂාව හා දහම් දැනුම ලබා දීමට කැපවීම දෙමාපියන් වෙන අප කවුරුත් අගේකොට සැලකිය යුතුය. ඔවුන්ට ගෞරව පූර්වකව ස්තුතිය පුද කළ යුතුය.   


විදේශයන්හි ස්ථාපිත ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන ඇසුරෙන් පවත්වාගෙන යන දහම් පාසල් අතුරෙන් පැරීසියේ ධම්ම චක්ක දහම් සෙවන ඉදිරියෙන්ම සිටිනා දහම් පාසලක් ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. පාසලෙන් විෂය මූලිකව අධ්‍යාපනය හදාාරන දරුවන්ට දැහැමින් යුතු ජීවිතයක් ගොඩ නගා ගැනීමට දහම් පාසලෙන් ලැබෙන මෙහෙවර මෙතෙක් යැයි කියා නිම කළ නොහැක. සතියේ දිනයන්හී තම මව් භාෂාව හෝ වෙනත් භාෂාවකින් ඉගෙනුම ලබන දරුවාට දහම් පාසල ලබා දෙන දහම් දැනුම ඔහු හෝ ඇය යහපත් මඟට ගෙන ඒමට බෙහෙවින් උපකාරීවීම එදාා සිට සිදු වූයේය. අදද එසේමය.   


ඉහත දහම් පාසලේ මේ දක්වා ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික දූ දරුවන් වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, රාජ්‍ය පරිපාලන හා වෙනත් ආදී ලෙස ප්‍රංශයේ විවිධ ක්‍ෂේත්‍රයන්හි සිංහල භාෂා දැනුම සමඟ එක්වී සිටීම ඉහත දහම් සෙවනේ වටිනාකම මනාවට ඔප්පු කර ඇත්තේය. පැරීසියේ ධම්ම චක්ක දහම් පාසල සැමදා දියුණු වෙමින් සිංහල සමාජයට වැඩ දායක ළමා පරපුරක් බිහි කිරීමට තව තවත් ධෛර්ය ලැබේවායි අපි පතමු.   

 


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට.



අදහස් (0)

පැරීසියේ පුබුදු සඟරාව ළමා පරපුරට දෙන උතුම් ආදර්ශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 967 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1025 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site