
ප්‍රංශය 2018 ලෝක පාපන්දු ශුරතාව දිනාගැනීමත් සමගම, එම ජයග්‍රහණය සැමරීමේදී දැනට පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත්ව ඇති මොනාලිසා චිත්‍රයට කිසිවකු විසින් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම අන්දවා, එම චිත්‍රය අන්තර්ජාලයට මුදාහැර තිබීම පිළිබඳව ඉතාලියේ බොහෝදෙනෙකු තම අප්‍රසාදය පළකරති.
අද මොනාලිසා ලෙස ප්‍රසිද්ධව ඇත්තේ, ඉතාලි ජාතික ලෙනාඩෝ ඩා වින්චි විසින් 1506 දී එවකට ෆිරෙන්සියේ සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ෆ්‍රැන්සිස්කෝ ජොකොන්දා ගේ බිරිඳ වූ, ලීසා ජෙරර්දීනී ගේ සිතුවම් කළ රුව ය. 1516 දී ලෙනාඩෝ ඩා වින්චි ප්‍රංශයට සංක්‍රමණය වීමේදී මෙම චිත්‍රය රැගෙන ගොස්, එහිදී පළවැනි ෆ්‍රැන්සිස්කෝ රජුට විකුණා ඇත. 1797 සිට මෙම චිත්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර, නැපෝලියන් බොනපාට් විසින් මෙය රැගෙනගොස් තම යහන් ගැඹේ තබාගෙන සිටි බවක් ද පැවසේ.
කෙසේ නමුදු 1804 නැවත මොනාලිසා සිතුවම ලූවර් කෞතුකාගාර භාරයට පත්වී ඇත. අද වුවද ඉතාලි ජාතිකයන් විසින් මෙම චිත්‍රය හඳුන්වනු ලබන්නේ මොනාලිසා ලෙස නොව ජොකොන්දා (ඇගේ සැමියාගේ පෙළපත් නාමය) ලෙස ය. මොන නමින් හැඳින්වුවද, ජගත් කීර්තියට පත්වුවද, ලෙනාඩෝ ඩා වින්චි විසින් සිතුවම් කර ඇති අනෙකුත් කාන්තා මධ්‍යම ප්‍රමාණ රූප හා සැසඳීමේදී, මොනාලිසා හොඳම සිතුවම නොවේ. (සෙන්ටි මීටර් 77 ක් උස හා සෙන්ටි මීටර් 53 ක් පළල මොනාලිසා චිත්‍රය, ඇහැටු පවුලට අයත් යුරෝපයේ වැවෙන ගසකින් ඉරාගත් ලෑල්ලක් මත තෙල් සායමින් නිර්මාණය කර ඇති අතර, තෙවරකට වැඩි වාර ගණනක් ලෙනාඩෝ විසින්ම මෙම චිත්‍රයේ වෙනස්කම් කර ඇති බව එක්ස් කිරණ පර්යේෂණ මගින් තහවුරු වී ඇත)
මොනාලිසා චිත්‍රයට ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම ඇන්ඳවීම පිළිබඳව උරණවී සිටින ඉතාලි ජාතිකයන් කියන්නේ, ජොකොන්දා ප්‍රංශයේ පදිංචිව සිටියද ඇය ඉතාලි පුරවැසියක බවය. තම ලෝක පාපන්දු ජයග්‍රහණය සැමරීමේදී, විදේශික කාන්තාවකට තම පිළේ නිල ඇඳුම අන්ඳවා ප්‍රචාරය කිරීම නොසුදුසු බව බොහෝදෙනාගේ පිළිගැනීමය.
2018 ලෝක පාපන්දු ශුරතා තරග සඳහා සුදුසුකම් ලැබීමේ මුල් තරගවලදීම ඉතාලිය පරාජයට පත්වීමේ වේදනාව උක්ත අප්‍රසාදය තුළ නැතුවාම නැතැයි සිතෙන්නේ, හඬන්නට සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වාගෙයි යන අපේ කියමන සිහිවෙන විටය.
මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් ඉතාලියේ තම ප්‍රචාරක කටයුතු සඳහා, දැනට ෆිරෙන්සියේ උෆිට්සි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මයිකල් ආන්ජෙලෝ ගේ ඩේවිඩ් ප්‍රතිමාවට සරමක් අන්දවා කළ නිර්මාණයක් යොදාගත්තද, එය මතභේදයට තුඩු දුන්නේ නැත.
කල්ප ගුරුගේ
මිලානෝ
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
757
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නිල බැනියම මොනාලිසාට ඇන්දුවාට ඉතාලිය අමනාපෙන්