IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ප්‍රංශ දරුවා බේරාගත් අප්‍රිකානු ස්පයිඩර්මෑන්ට ප්‍රංශ පුරවැසිකම

මමොඩු ගසාමා ප්‍රංශ රජයෙන් පිරිනැමුණු සහතිකය සමඟ.

මමොඩු ගසාමා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමඟ.

දරුවා බේරාගත් අවස්ථාව මහමග සිටි පිරිස වීඩියෝ ගත කළ දර්ශන කීපයක්.

 

සරත් ඍතුව ආරම්භ වූ ප්‍රංශයේ මේ දිනවල රාත්‍රී 08 යනු සවස් කාලය මෙන් හොඳට එළිය වැටී ඇත්තේය. අඳුර වැටෙන්නේ රාත්‍රී 10ට පමණය. එද‌ා දිනය මැයි මස 26 වැනි සෙනසුරාද‌ාය. වේලාව රාත්‍රී 08ය. ස්ථානය පැරීසියේ කලාප අංක 18හි මාර්ක්ස් ඩොමුවා පාරේ තට්ටු 8ක් උසැති මහල් නිවසක් ඉදිරිපිට කෑ ගසමින් විසිල් ගසමින් සමහරු අඬමින් ආධාර ඉල්ලා කෑගසති.   


ඒ අතරතුර මෙම තට්ටු මහල් නිවස ඉදිරියෙන් ගමන් කරමින් සිටි තරුණයෙක් ආධාර ඉල්ලා කෑගසන පිරිස තට්ටු මහලේ මුදුනත දෙස බලමින් කෑගසනු දුටු හෙයින් තරුණයාද තට්ටු මහල දෙස බැලීය. පුදුමයකි, කුඩා දරුවෙක් මහල් ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ පිහිටි නිවසක ආරක්ෂිත යකඩ වැටක් සහිත බැල්කනියේ පිට පැත්තෙන් යකඩ වැට එක් අතකින් අල්ලා කෑ ගසමින් එල්ලී සිටියේය. සිව්වැනි මහලේ එම නිවසට බිත්තියකින් වෙන්වූ අනෙක් පැත්තේ නිවසේ හිමියාද ඔහුගේ බැල්කනියේ සිටිමින් දැඩි දුෂ්කර ඉරියව්වකින් අනෙක් පැත්තේ එල්ලී කෑ ගසන දරුවාගේ අතකින් අල්ලා ඔහුද ආධාර ඉල්ලා කෑගසමින් සිටී. 


තවත් ස්වල්ප වේලාවක් කල් ගත වුවහොත් දරුවා තට්ටු 4කින් බිමට වැටීම නොවැළැක්විය හැකි ඛේදවාචකයක් බව මොහොතින් අවබෝධ කරගත් ඉහත සඳහන් පාරේ ගමන් කළ තරුණයා මහල් නිවාසයේ පිට පැත්තෙන් බැල්කනියෙන් බැල්කනියට එල්ලී ස්පයිඩර් මෑන් චරිතයට සමාන දස්කම්පාමින් විනාඩි දෙකක් වැනි සුළු කාලයක් තුළ සිව්වැනි මහල දක්වා තරණය කොට අවුරුදු 4ක් වයසැති ඒ කුඩා දරුවාගේ ජීවිතය බේරාගත්තේය. ඒ සැනින් මහ පාරේ කෑගසමින් සිටි විශාල පිරිස අත්පොලසන් දෙමින් ජය ඝෝෂා නැගීය. 


මහල් නිවාසයේ මෙම ත්‍රාසජනක ක්‍රියාව සිදුවෙන මොහොතේ ඒ අවට සිටි පිරිස් තම ජංගම දුරකතනවලින් මෙම වීර ක්‍රියාව වීඩියෝ ගත කළහ. සිද්ධියෙන් පසු එම වීඩියෝපට අන්තර්ජාලයේ සමාජජාලා අතරට එක්වීමෙන් පසු එක් දිනක් තුළ පමණක් ලක්ෂ 30ක් එය නරඹා තිබුණේය. මෙම ලිපිය ලියන 29වැනි අඟහරුවාදාා වෙනවිට ලක්ෂ 60ක් නරඹා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබුණේය. මෙම වීඩියෝ පටය නැරඹීමෙන් පසු පැරීසියේ නගරාධිපතිනිය ඈන් හිඩල්ගෝ මහත්මිය මෙම තරුණයා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී ඔහුගේ වීර ක්‍රියාව අගයමින් ඔහුට සුබ පැතූ අතර 28වැනි සඳුදාා උදේ 09.50ට ජනාධිපති මන්දිරයේදී ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා හමුවීමට අවස්ථාව ලැබුණේය. එම හමුවීම විනාඩි 20ක් පමණ වූයේය. 


ප්‍රංශ ජනපති හමුවීමෙන් පසු ඔහුට ජීවිතයක් බේරාගනිමින් ප්‍රංශය තුළ වීර ක්‍රියාවක් සිදුකිරීම හේතු කොට ජාතික වීර පදක්කමක් සමඟ ඩිප්ලෝමා සහතිකයක් ජනපති අතින් පිරි නැමීය. ඒ වෙනවිටත් ප්‍රංශ භූමියේ ජීවත්වීමට කිසිඳු බලපත්‍රයක් නොතිබුණ මෙම තරුණයාට ප්‍රංශයේ රැඳීමට අවශ්‍ය බලපත්‍රයක් හා ප්‍රංශ පුරවැසිභාවයද හිමි වූයේය. ඒ සඳහා ඇවැසි පරිපාලන කටයුතු සම්පුර්ණ කිරීම සඳහා 29 වැනි අඟහරුවාදාා උදේ 10ට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යාලයකට පැමිණෙන ලෙස ඔහුට දන්වා ඇත. ඒ සමඟම ප්‍රංශයේ සිවිල් ආරක්ෂක හා ගිනි නිවන හමුදාාවේ (Sapeurs - Pompiers) රැකියාවකට අනුයුක්ත කිරීමට අවශ්‍ය නිර්දේශය ප්‍රංශයේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු ඇමැති ජෙරාඩ් කොලොම්බ් (Gerard Collomb) මහතා විසින් ලබා දුන් අතර මෙම තරුණයා තාවකාලිකව පදිංචිව සිටි මොන්ත්‍රොයිල් (Montreuil) ග්‍රාමයේ නගර සභාව විසින් ඔහුට නිදන කාමර දෙකක් සහිත අංගසම්පූර්ණ රජයේ නිවාසයක්ද ලබාදීමට කටයුතු කළේය. 


අප්‍රිකානු මහද්වීපයේ මාලී නම් රාජ්‍යයේ උපන් මමොඩු ගසාමා (Mamadou Gassama) නම් මෙම තරුණයා වයස අවුරුදු 17දී ඉසුරු සොයා යුරෝපයට ඇතුල්වීමට අදිටන් කොට රටින් පිටවූයේය. බුකිනා ෆාසෝ, නයිජර් යුද්ධය පැවැති සමයේ ලිබියාව හරහා ටියුනිසියාවට පැමිණි ඔහු එතැන් සිට බෝට්ටුවකින් පැමිණ ඉතාලියට ඇතුල්වීමේදී පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේය. 


කෙසේ නමුදු දුෂ්කර මඟක් ගෙවා අවුරුදු 5කට පසු වර්ෂ 2017 සැප්තැම්බර් මස ප්‍රංශයට ඇතුළු වී බලපත්‍රයක් නොමැතිව හොර රහසේ ජීවත්වෙන අතරතුර ඔහුගේ ඉරණම වෙනස් කළ පසුගිය ත්‍රාසජනක අවස්ථාවට මුහුණ දුන්නේය. එම සිදුවීමෙන් පසු ප්‍රංශ පුරවැසිභාවය, ලෝකයේම පැසසුමට ලක්වූ වර්ෂ 1831දී ආරම්භ කළ ප්‍රංශයේ සිවිල් ආරක්ෂක හා ගිනි නිවන හමුද‌ාවේ රැකියාවක් හා රජයේ නිවාසයක් හිමිකර ගැනීමට වාසනාවන්තයෙක් වූ ඔහු අද ප්‍රංශයේ වීරයෙක් ලෙස ඉතිහාසයට එක්වී අවසන්ය. 


ඉහත සිදුවීම වෙනවිට එම දරුවා තනියම නිවෙස තුළ සිටියදී සුපර් මාර්කට් ගිය දරුවගේ පියා පොලිස් අත්අඩංගුවට ගත් අතර දරුවා රජයේ ළමා ආරක්ෂක හා පරිවාස දෙපාර්තමේන්තුව යටතේ රැකවරණය ලබන්නේය. දරුවා බැලීමට පියාට නීතියෙන් ඉඩකඩ අහුරා ඇති අතර ඉහත සිද්ධියට ඔහු වරදකරු වුවහොත් වසර 5ක සිර දඬුවමක් හා යුරෝ 30000ක් හෙවත් රුපියල් ලක්ෂ 57ක දඩයකට යටත් වෙන්නේය. 


වීර ක්‍රියාව සිදුකළ වීඩියෝ පටය පහත සඳහන් යූටියුබ් ජාලයෙන් නැරඹිය හැක.

 


https://www.youtube.com/watch?v=pd79zyrwSKU

 

 

 

සුනිල් ආනන්ද



අදහස් (0)

ප්‍රංශ දරුවා බේරාගත් අප්‍රිකානු ස්පයිඩර්මෑන්ට ප්‍රංශ පුරවැසිකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2124 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site