IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ යුදෙව් ජාතික විරෝධයක් පැතිරේ

සොහොන් කොත් විනාශයට

 

 

මේ දිනවල ප්‍රංශයේ යුදෙව් විරෝධයක් ගොඩ නැගෙමින් පවතින්නේය. එහි පළමු විරෝධය ලෙස පසුගිය සතියේ පැරිස් කලාප අංක 11හි ස්ථාපිත තැපැල් පෙට්ටිවල යුදෙව් විරෝධී පාඨ හා නාසි සංකේත ඇඳ තිබුණේය. ඉන් අනතුරුව පසුගිය 16 වැනි සෙනසුරාදාා පැරීසියේ මේ දිනවල සිදුවෙන කහ ජැකට් විරෝධයකදී ප්‍රංශයේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වන යුදෙව් උපතක් ඇති ප්‍රංශ ජාතික ඇලන් පින්කිල්ක්‍රට් (Alain Finkielkraut) මහතාට නින්දා අපහාස ඇති වෙන ලෙස මහ පාරේ බැණ වැදුනේය.   


ඉන්පසු මෙහි ආසන්නම සිදුවීම ලෙස පෙබරවරි 19 වැනි අඟහරුවාදාා නැගෙනහිර ප්‍රංශයේ ජර්මන් දේශ සීමාවේ බාරේන් (Bas-Rhin) ප්‍රදේශයේ පිහිටි කට්ශෙන්හයිම් (Quatzenheim) යුදෙව් ජාතික සුසාන භූමියක පිහිටි සොහොන් කොත් 96 ක ජර්මන් නාසි හමුදාා සංකේතය ඇඳ වෛරය ඇති කරන ප්‍රකාශ ජර්මන් භාෂාවෙන් සටහන් තබා සොහාන් කොත් විනාශ කොට ඇත්තේය. 


ඉහත සිදුවීම් හේතු කොට ප්‍රංශයේ වෙසෙන යුදෙව් ජාතිකයන්ගේ විරෝධයක් කරළියට පැමිණියේය. එබැවින් 19 වැනිදා දහවල් ප්‍රංශ ජනාධිපති, අභ්‍යන්තර ආරක්ෂක ඇමති ප්‍රංශයේ ප්‍රධාන යුදෙව් පූජකවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉහත සුසාන භූමිය පරීක්ෂා කිරීමට පැමිණියෝය. එදිනම සවස පැරීසියේ පිහිටි මහජන චතුරශ්‍රයේදී මෙම ක්‍රියාවන් හෙළා දකිමින් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සාමකාමි උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ප්‍රංශයේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් එම නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, ප්‍රංශ අගමැති, හිටපු ජනාධිපතිවරුන් වන නිකොලා සාර්කෝසි, ප්‍රංශුවා ඔලොන්ද්, පැරිස් නගරාධිපතිනිය ඇතුළු විවිධ පිරිස් ඉහත උද්ඝෝෂණයට සහභාගිවීම විශේෂත්වයකි. මෙවැනි උද්ඝෝෂණ යුදෙව් ජාතිකයන් විශාල ලෙස ජීවත් වෙන ප්‍රධාන නගර ලෙස සැලකෙන මාර්සෙයිල්, ලියෝන්, ස්ට්‍රාර්ස්බෝර්ග්, තුලුස් නීස්, ලීල් යන නගරවලද පැවැතියේය. 


මෙවැනි සිදුවීම් මීට පෙර වසර වලදී ද විටින් විටි සිදුවී ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම එය හෙළා දකිමින් විවිධ ප්‍රභූවරු, දේශපාලන අධිකාරිය සහභාගීවූ උද්ඝෝෂණ පැවැත් වූයේය. 


ලෝකය පුරා ජීවත් වෙන යුදෙව් ජාතීන්ගේ ජනගහනය අතර ඊශ්‍රායලය, ඇමෙරිකාව, රුසියාවට පසු වැඩිපුර යුදෙව් ජාතිකයන් ජීවත් වෙන රට ප්‍රංශය ලෙස සැලකේ. ප්‍රංශය තුළ ඔවුන්ගේ ජනගහනය ලක්ෂ 5 ක් පමණවේ. එය ප්‍රංශයේ සමස්ත ජනගහනයෙන් සියයට එකක් පමණය. එනමුදු ඔවුන්ගේ ශක්තිය අති විශාලය. ඒ සඳහා බෙහෝ උදාහරණ ඇත්තේය. 


කෙසේ නමුදු ඉහත සුසාන භූමියට හානිකළ කිසිවෙකු මේවෙන විටත් අත් අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර ඒ සඳහා පුළුල් පරීක්ෂණ සිදුවෙමින් පවතී. 

 

 

සාමකාමී උද්ඝෝෂණයක්

 

 

 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට



අදහස් (0)

ප්‍රංශයේ යුදෙව් ජාතික විරෝධයක් පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site