IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාප්තුමා වතිකානයේ විදුලි සෝපානයක විනාඩි විස්සක් සිරවී සිට බේරාගනී

 

පළමුවැනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්තුමෝ තත්පරයට වැඩ කරන පාප්තුමෙකු ලෙස ප්‍රකට ය. අමුත්තන් හමුවීමේ කාලසටහන්වලදී එතුමෝ විනාඩි කීපයකට පෙර නියමිත ශාලාවට පැමිණ අමුත්තන් පිළිගැනීමට බලා සිටීම සිරිතය. (මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාප්තුමන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ, පාප්තුමෝ නියමිත වේලාවට පැය භාගයකට පමණ පෙර සිට නියමිත ශාලාවේ අපේ ජනාධිපතිතුමා පැමිණෙනතුරු බලා සිටිය බව මා සමඟ කීවේ පාප්තුමා සහ ජනාධිපතිතුමා අතර සංවාදය පරිවර්ථනය කිරීමේ කාර්යය භාරව සිටි මගේ මිතුරාය). කිසියම් ආකාරයකින් පාප්තුමන් අතින් කෙරෙන ප්‍රමාදයකදී හෝ අත්වැරදිමකදී (එවැන්නක් නොකෙරෙන තරම්ය) එතුමෝ ඒ පිළිබඳව දහස්වර තම කණගාටුව ප්‍රකාශ කරති. 


සෑම සතියකම ඉරුදින දහවල් දොළහට පාප්තුමෝ වතිකානයේ තම කාර්යාල කාමර කවුළුවෙන් ශාන්ත පීතර චතුරශ්‍රයට ඒකරාශීව සිටින දහස් ගණනින්, ඇතැම්විට ලක්ෂ ගණනින් වෙන බැතිමතුන් ඇමතීම සහ ආශිර්වාද කිරීම චාරිත්‍රයකි. සෑම ඉරිදාවකම දහවල දොළහ කනිසම ලකුණුවෙනවිටම පාප්තුමෝ උක්ත කවුළුවෙන් ජනකාය වෙත පෙනී සිටින්නේ ආශිර්වාදාචාරයත් සමගම ය. 


සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදා ද දහස් ගණනින් වූ බැතිමතුන් පිරිසක් දහවල ​ෙදාළහ කනිසම ආසන්න වෙනවිට පාප්තුමාගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට ඒකරාශීව සිටියහ. මද්දහන දොළහ පසුවෙමින් තිබුණි. එහෙත් පාප්තුමා නියමිත වේලාවට නියමිත කවුළුවෙන් දර්ශනය වූයේ නැත. පාප්තුමාගේ ප්‍රමාදය ශාන්ත පීතර චතුරශ්‍රයේ සිටි බැතිමතුන්ට ද දැනෙන්නට විය. ඔවුහු කුතුහලාත්මකව නොසන්සුන්තාවයට පත්වෙමින් සිටියහ. විනාඩි අටක ප්‍රමාදයකින් පසුව නියමිත කවුළුවෙන් පෙනී සිටි පාප්තුමෝ, තම ප්‍රමාදයට කරුණු ඉදිරිපත් කරමින් පැමිණ සිටි බැතිමතුන්ගෙන් සමාව ඇයද සිටියහ. මෙය විශ්ව රූපවාහිනී ජාලය ඔස්සේ මුළු ලොවම දැකබලා ගත්හ. 


සිදුව තිබුණේ පාප්තුමෝ තම නිල නිවසේ සිට බැතිමතුන්ට ආශීර්වාද කිරීම සඳහා තම කාර්යාල කාමරයේ නියමිත කවුළුව වෙත තම ලේකම්වරයා ද සමඟ පැමිණෙමින් සිටියදී විදුලි සෝපානය ක්‍රියා විරහිත වීමෙන් ඒ තුළ සිරවීමය. (දෙදෙනෙකුට පමණක් වරකට ගමන් කළහැකි මෙම විදුලි සෝපානය ඉතා කුඩා එකක් බවද, එය මීට වසර විස්සකට පෙර සවිකරන ලද්දක් බව ද වතිකානය පසුව ප්‍රකාශකර තිබුණි.) වතිකාන ගිනි නිවන සේවයේ විනාඩි විස්සක මැදහත්වීමකින් පසුව පාප්තුමා සහ එතුමාගේ ලේකම්වරයා ද මුදාගෙන ඇත. මෙම අපහසුතාවෙන් පාප්තුමා කලබලයට පත්නොවී විදුලි සෝපානයෙන් පිටතට ගන්නාතුරු නිසොල්මනේ සිටි බව එතුමා සමඟ සිටි ලේකම්වරයා විසින් පසුව ප්‍රකාශකර තිබුණි. 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.



අදහස් (0)

පාප්තුමා වතිකානයේ විදුලි සෝපානයක විනාඩි විස්සක් සිරවී සිට බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site