විහිදෙන රළපෙළ
සුදු පෙන කැටිවුණ
ඔබේ මුව මඩලේ
සිරිය වගෙයි
හිරු අවරට ගොස්
සිතිජයේ සැඟවුණු
රත් පැහැයෙන්
ඔබේ දෙතොල් දිලෙයි
මිදුම් සළුවෙන් ඈත මෑත වුණ
කඳු පෙළ සමාන ඔබේ හිතටයි
සිතිවිලි සිරකර අඟුල් දමාදෝ
ඔබේ නිහඬ බව මට වද දෙයි
සයිප්‍රස්-අරදිප්පු සිට,
මීගමුව- දළුපත,
ජයනි ප්‍රනාන්දු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd