
නොවැම්බරේ හිම පියලි වැටෙද්දි
වැටුනත් නෙත් ළඟ නැවතුණු කඳුළක්
උණුසුම හෙව්වා දිය වී යන්නට
නොවැම්බරේ
සීතල හිම දැල් කවුළුව මැද්දේ
ගෙතුලේ නැති උණුසුමකට ඇඬුවා
මිදුලේ තණ පත් අතරේ බිඳෙනා
වැසි දිය බිඳු නැගි ඉකි හඬ ඇසුනා
නොවැම්බරේ
ඔබ දුර අන් සතු බැව් සිත් දැන දැන
සීතල දෑතින් කවුළුව වැහුවා
යහනේ ඇතිරිලි අතරේ වැතිරී
ඔබ කොතැනක දැයි අඳුරේ හෙව්වා
නොවැම්බරේ
ජයන්ත රත්නසිරි ගලප්පත්තිගේ
ඕස්ට්‍රේලියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd