IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දේශාභිමානය ලොවට පෙන්වූ කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා දිනය

 

සෑම ශ‍්‍රී ලාංකිකයෙකු ම විදේශයකදී සිංහ කොඩියකි. අප විසින් විදේශයකදී කරනු ලබන හොඳ හෝ නරක ප‍්‍රචාරය වෙන්නේ අපේ පුද්ගල නාමය අබිබවා ගිය ශ‍්‍රී ලංකා ලේබලය යටතේ ය. ශ‍්‍රිී ලාංකිකයෙකු විදේශයකදී බැබලීම යනු සිංහ කොඩිය කුඹමස්ථක කිරීමකි. කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් හෝ විදේශයකදී සිංහ කොඩිය කුඹමස්ථක කිරීම යනු උපන් රටට කරනු ලබන ඉහළම ගෞරවයයි. මොවුන්ගේ ආචාරශීලී බව හා ත්‍යාගශීලී බවින් විදේශිකයෝ ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රධාදායික ආගන්තුක සත්කාරය හඳුනාගනිති.   
එසේ ගෞරවයට පාත‍්‍රවූ කෙනෙකුන්ට හෝ පිරිසකට හෝ අපේ සංස්කෘතිය පිළිබඳව දෘෂ්‍යමය පණිවිඩයක් විදේශික අසල්වැසියාට දීම පහසු ය. අපේ පිළිගැනීම මත පමණක් දෙනු ලබන පණිවිඩය ග‍්‍රහණය කරගැනීමට විදේශික අසල්වැසියා සූදානම් ය. මෙසේ අපේ රට පිළිබඳව යහපත් පණිවිඩය ලොවට බෙදාහරින්නෝ බහුල නැත. ඔවුන් විරළ ය. එම විරළයන් අතර ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ශ‍්‍රී ලංකා පදනමට හිමි වෙන්නේ ප‍්‍රධාන ස්ථානයකි.   

 


කැලිෆෝනියාවේ ශ‍්‍රී ලංකා පදනමේ නිර්මාතෘවරයා වෙන්නේ විශේෂඥ වෛද්‍ය වෝල්ටර් ජයසිංහ ය. ඔහුගේ අප‍්‍රතිහත ධෛර්යය හා පරිත්‍යාගශීලී බව නිසාම 2003 දී ආරම්භ කරන ලද කැලිෆෝනියාවේ ශ‍්‍රී ලංකා පදනම අද වෙන විට ඇමෙරිකානුවන් අතර ගෞරවයට පාත‍්‍රවූ සංවිධානයක් බවට පත්ව ඇත. වසරකට දෙතුන්වරක් කැලිෆෝනියාවේ විවිධ නගරවල මෙම සංවිධානය විසින් උත්සවාකාරයෙන් පවත්වනු ලබන සංස්කෘතික සංදර්ශන, විදේශිකයා ශ‍්‍රී ලංකාවට ඇදගන්නා කාන්දමක් බඳු ය.   


කැලිෆෝනියාවේ ශ‍්‍රී ලාංකික පදනම විසින් ජූලි මස පහළොස්වැනි සෙනසුරාදා පැසඩේනා නගරයේ පවත්වන්නට යෙදුණු ශ‍්‍රී ලංකා දිනය, ඇමෙරිකානුවන්ගේ නෙත් සිත් පැහැරගත් සංස්කෘතික සංදර්ශනයක් බවට පත්විය. අපේ අසමසම ​ෙප්‍රෟඪත්වය විදහා දක්වමින් රාවනා රජු, විජය - කුවේනිය, සංඝමිත්තා තෙරණිය, දන්තධාතුව ශ‍්‍රී ලංකාවට වැඩම කළ හේමමාලා හා දන්ත කුමරු, කැප්පෙටිපොළ අධිකාරම පෙරටු කරගෙන බෙර තාලයට නර්තනයේ යෙදුණු උඩරට පහතරට නැටුම් සහිතව වීදි සංචාරය කළ සංස්කෘතික පෙරහැර, දස දහස් ගණනින් වූ ඇමෙරිකානුවෝ නැරඹුවේ කුතුහලය හා විමතිය මුසුව ය.   


පෙරහැරෙන් පසුව වෙස් නැටුම්, වන්නම්, ජන ගායනා, බෙර වාදන ඇතුළුව පැවැත්වුණු සංස්කෘතික සංදර්ශනයට ප‍්‍රවීණ මෙන්ම ආධුණික ශිල්පීන් එකසිය පනහක් පමණ සහභාගී වූහ. දැවැන්ත ශාලාවේ ඉඩකඩ අපහසුකම ද නොතකා මෙම සංදර්ශනය නැරඹීම සඳහා සංවිධායකයන් බලාපොරොත්තු වූ ඉලක්කය ඉක්මවා ගිය අතිවිශාල පිරිසක් රැස්ව සිටියහ.   


කැලිෆෝනියාවේ ශ‍්‍රී ලංකා දිනය සැමරීම අතරතුර අපේ සාම්ප‍්‍රදායික ඇඳුම් මෝස්තර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වුණු අතර, උත්සව පරිශ‍්‍රය තුළ පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකික ආහාරපාන හා අත්කම් වෙළෙඳ කුටි ශ‍්‍රී ලංකාවට සංචාරකයින් ඇදගැනීමට කදිම ප‍්‍රචාරක මාධ්‍යයක් විය.   


කැලිෆෝනියාවේ ශ‍්‍රී ලංකා පදනම විසින් පැසඩේනා නගරයේ පවත්වන්නට යෙදුණු ශ‍්‍රී ලංකා දිනයේ අවස්ථා කීපයක් ඡායාරූපයන්ගෙන් දැක්වේ.   


සටහන,   
රංජිත් ක්ලැරන්ස්.  
ඡායාරූප,   
ආනන්ද දිසානායක.  



අදහස් (0)

දේශාභිමානය ලොවට පෙන්වූ කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා දිනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site