(ඉරිදා ලංකාදීප චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ මහතාණන් අභ්‍ාවප්‍රාප්ත වී දෙවසරක් පිරීම නිමිත්තෙනි)
හාසය රසය මුසු චිත්තර කලා වට 

මඩිස්සලෙන් ලක් කළෙ අප සිනා වට
හිතවත් දයා මැතිඳුන්ගේ වියෝ වට
දෙවසර ගත වුනා සිහිපත් උනා මට
ඕපාදූපයක් සිදුවන දෙයක් සොයා
ලුනු ගම්මිරිස් එක්කර එය හොඳට ලියා
මඩිස්සලේ අපෙ ආදරණීය දයා
මින් දෙවසකට පෙර අප අතැර ගියා
සුන්දර කලා ලොව ආලෝකවත් කළ
නිවිලා ගියා දැල්වුනු එම පහන් සිල
සිතුවම් ඔබේ හිතවත කළ නොහැක මිල
මතකයෙ තිබේ පැ දස්කම් පෙලින් පෙල
ඔබ වැනි කලා මිතුරෙක් මතු මතුත් බවේ
යළි වාසනාවන් දැකුමට කලා ලොවේ
හද තුළ තවම ඔබ ඇඳි රූ රටා මැවේ
දයාබර මිතුර පතනෙමි නිවන් සුවේ
ප්‍රේමා කංකානම්ගේ
රෝමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd