රටක උපදින දරුවන් ඒ රටේ මව්වරු, රටේ සම්පත, ශක්තිය, ධෛර්ය, සිහල බසින් වර්ණවත් ලෙස කවියට, රසයට වචනයෙන් කාන්තාව වර්ණනාකර ඇතත්, එලෙසම එයට විරුද්ධවූ වර්ණයක් ද දී ඇත. අප රටේ කාන්තාව ඉතාම පහත් මට්ටමකින් අඩු තක්සේරුවක සිටියත් ලෝකයේ ප්‍රථම අගමැතිනියද, ආසියාවේ ප්‍රථම විධායක ජනාධිපතිනියද ශ්‍රී ලාංකික කාන්තාවක් බව අප අමතක නොකළ යුතුයි.
1909 මාර්තු මස 08 වැනි දින නිව්යෝර්ක් නුවර ඇඟලුම් කම්හලක ඇතිවූ කාන්තා වැඩ වර්ජනයක් හේතු කොට එහි අයිතිකරු විසින් එම කාන්තාවන් සියලු දෙනා කම්හල තුළ දොරගුලුලා ගිනිබත් කිරීම හේතු කොට පසුව ගොඩ නගා ගන්නා ලද ජාත්‍යන්තර ලෝක කාන්තා දිනය යනුවෙන් මාර්තු මස 08 වැනිදින සිහිපත් කෙරේ. ලෝකයක් එකතුවී වසරක් පාසා මෙදින සැමරුම් පැවැත්වුවද මෙය අපට පෑන් තුඩට සහ කථනයට පමණක් සීමා වූවා සේ හැඟෙමු.
යුරෝපා කාන්තාවන් සමග ආසියාතික කාන්තාවන් ගත් කල අහසට පොළොව සේය. එයට හේතු වී ඇත්තේ යුරෝපා කාන්තාවන්ට සම තැනද, නිසි තැනද හිමි වෙන අතර ආසියාතික කාන්තාවන්ට මේ දෙතැනම අහිමි කමයි. පිය සොයුරු සටනින් පසු සැමියාගේ සටනට හසුවෙන කාන්තාවන් යුරෝපයේ නැත. මේ සියලු සටන් උරුමයෙන්ම ලැබූ කාන්තාවන් ආසියාතික යැයි කිව හැක.
අප ප්‍රණාමය පළමුව හිමි විය යුත්තේ ලෝකයම දෝතින් වඩාගෙන දරුවන්ට කිරි පොවන මෑණිවරුන්ටයි. තවද අලුයම බස්රියට හෝ කෝච්චියට ගොඩ වෙන කාන්තාවන්, රැකියාවල් හමාර කර රාත්‍රි කාලයේ නැවත එලෙසම බස් රියට හෝ කෝච්චියට ගොඩ වී තම නිවෙස් කරා පා තබන්නේ ඉහළට ගත් හුස්ම පහලට හෙලා ගැනීමට තරම් ශක්තියක් නොමැතිවයි. ඒ අතරතුර එම කාන්තාවන්ට එල්ලවෙන හිංසනයන් සහ අතවර එමටයි. කම්හලට, ගොවිපොලට දහඩිය පූජා කරන කැකුලු වියේදීම නැසූ දියණියන් අප අමතක නොකළ යුතු වෙමු. රටට දැයට ශක්තියක් වන අපගේ රණවිරු සෙබළියන්ද, රට වෙනුවෙන් දිවිදුන් සෙබළුන්ගේ අනාථවී සිටින දරු පවුල් අප සෙනෙහසින් සිහිපත් කළ යුතුයි.
කිරට හඬන දරුවන්ට වාරු දෙන්න, දරුවන් ගේ බඩ ගින්න නිවන්න, කිරි පිහියට, තේ දල්ලට, වැලි කතරට අසුවුනු කාන්තාවන් අනන්තයි. බී මතින් ගෙට ගොඩ වී සොඳුරු වදන් සමඟ ගුටි බැට විඳින්නේ මේ දරුවන්ගේ අම්මලායි. මැද පෙරදිග ගෘහ සේවිකාවන් සඳහා විදේශගතවීමට අප රටේ නීතියෙන් ඉඩ කඩ තිබුණද ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල කාන්තාවන්ව ගෘහ සේවය සඳහා පිටරට යැවීම නීතියෙන් තහනම්ය.
අපමන දුක් ගැහැට, සමච්චලය, ගුටි බැට, නින්දා අපහාස අඩු මුදලට ශ්‍රමය සුරාකෑම, ජීවිත විනාශ වීම් අඩුවක් නොමැත. වැඩ වර්ජන අඩුවක් නොවුවද එයට නිසි පිළිසරණක් ද නැත. උසස් නිලධාරින්ට ඇති බිය හේතු කොට අකටයුතුකම් වලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසු බසිති. මෙවැනි වාතාවරණයක් අපට යුරෝපා රටවල දැකීමට නොලැබීම ඉතා වාසනාවකි.
කාන්තාවන් සෞඛ්‍ය සහ අධ්‍යාපනයෙන් පෝෂණය වීම වැදගත් වෙන්නේ තම දරුපවුල් ඉන් නිසි ලෙස ශක්තිමත් වීමයි. අධ්‍යාපනයෙන් උසස් මට්ටම් වල සිටින කාන්තාවන් බොහෝ වුවද තම තමුන්ගේ හැකියාවන්ට සුදුසු තැන සොයා යෑම ඉතා අපහසු කාර්යයකි.
ශ්‍රී ලාංකික කාන්තාවට සම තැනද, නිසි තැනද මේ දෙතැනම නොමැති බව මින් වැටහේ. පවුලක ශක්තිමත්භාවය කාන්තාවයි. ඇය ශක්තියේ දේවතාවියයි. හිංසනයට, පීඩනයට එරෙහිව හඬ නැගීම කාන්තාවන් සතු වගකීමකි. බලධාරීන්, විරුද්ධ පාර්ශ්ව එයට බිය විය යුතු නැත. මෙය පෑන් තුඩට, කොළයට සහ මෙම දිනයට පමණක් සීමා නොවී කාන්තාවන්ට ඉදිරියට යෑමටද බලයටද ඉඩ දිය යුතු යැයි හැඟෙන්නේය.
අනෝමා ගමලත්-රෝමය, ඉතාලිය.
කතුනගේ දිනක් සමරන්නද කොහොම කෙසේ
2025 දෙසැම්බර් මස 04
49
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
345
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිරිය කාන්තාවෝ