IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික උත්සවය

 

සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික මහා සමුළුව පසුගිය සිකුරාදා දමාම් ඉන්ස්පියර් ඇකඩමික් ශ්‍රවණාගාරයේදී අති උත්සවශ්‍රීයෙන් පැවැත්විණ. මෙම මහා සමුළුව සඳහා විශේෂ සම්භාවනීය ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා සමඟ ඉන්ස්පියර් ඇකඩමි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුඩාන් ජාතික ආචාර්ය සාලා මහතාද මහත් හරිසරින් පිළිගනු ලැබුයේ කුඩා පාසල් දැරියන් විසින් මල් කළඹක් පිළිගැන්වීමෙනි. අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් මෙන්ම පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් විශාල පිරිසක්ද සහභාගි වූහ.


2015 වසරේ සෞදි අරාබියේ හිටපු තානාපති හුසේන් මොහොමඩ් මහතාගේ සහ එවකට ශ්‍රී ලාංකික විදෙස් ගත සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙකුගේ අදහසකට අනුව ඉදිරිපත්වූ යෝජනාවක් මත ක්‍රියාත්මකවූ දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ මුලිකව සෞදි රියාල් දෙලක්ෂ පනස් දහසක් පමණ අති විශාල ප්‍රාග්ධනයක් යොදවමින් වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා නව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ මාර්ගෝපදේශකත්වය මත 16 දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් පත් කළ අතර එහි සාමාජිකයින් ලෙස සභාපති අමීර් කේ. මොහොමඩ් (ACMA, MSC) Chairman, SLDIS, ආර්.එම්.එම් කලීල් (MBA) founder & Chairman, එච්. ජබරුල්ලා (BADIP, IN HR Management, එම් එච් නසරුල්ලා, මොහමඩ් නව්ෆල් Bsc hons, Msc (chemistry) & PGDE vice (Principal & CAIE/IELTS coordinator (බංගලාදේශ් ජාත්‍යන්තර පාසල) සිවරාජ් ෂන්මුගන්, ආදම් ලෙබ්බේ සබුර් (bachelor of IT Engineer), ඒ යුසුබ් ලෙබ්බේ, මොහොමඩ් ජසිත් (BBN (hon) CMA-USA. MAPH-SL) මොහොමඩ් මුනාෆ්දීන්, ෂේක් එම් එස් එම් මකීන් (BA.HON) සලාහුදීන් මොහොමඩ් ෂේක්, මොහොමඩ් ලෆීර් මොහොමඩ් රිඵාන් අහමඩ් රසීන් රිෆාන්, අහමඩ් රසින් බුහාරි bsc Eng (MBA) සහ චාලි තලයරත්න (ව්‍යාපාරික) පත්කළ අතර එම කමිටුව විසින් සෞදි අරාබි රජය සහ සෞදි අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් සමග මනා සම්බන්ධතාවක් ගොඩ නගමින් තම පාසල සඳහා නිත්‍යානුකුලව තාවකාලික බලපත්‍රයක් ලබා ගැනීමට සමත්වූයේ තානාපති අස්මි තාසිම් මහතා මඟ පෙන්වීම සහ උනන්දුව මතයි.

 

 


කෙසේ වුවද මේ වන විට සෞදි රජය මගින් මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස් වැනි ශ්‍රේණිය දක්වා ළමුන් ඇතුළත් කොට ජාත්‍යන්තර පාසලක් ලෙස ස්ථිර බලපත්‍රය ලබා දී ඇති අතර ශ්‍රී ලංකා, පාකිස්තාන් සහ සුඩාන් ජාතික දරු දැරියන් 150 කට අධික ප්‍රමාණයක් ඉගනුම ලබන බව සිවරාජ් ෂන්මුගන් මහතා පවසයි. එසේම මෙම ජාත්‍යන්තර පාසල බ්‍රිතාන්‍ය ප්‍රමිතිකරණයට අනුව සිංහල, ඉංග්‍රීසි දමිළ යන භාෂා තුනෙන්ම ඉගෙනුම ලැබීමට ඇති නවීන පහසුකම්වලින් යුක්තව සම්පුර්ණ ජාත්‍යන්තර පාසලක් ලෙස සෞදි රජය පිළිගෙන ඇති බවද සිවරාජ් මහතා පවසයි.


මෙම විශේෂ අවස්ථාවට සහභාගිවු තානාපති අස්මි තාසිම් මහතා විසින් දේශනයක්ද පැවැත්වූ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස සභාපති අධ්‍යක්ෂ වේලාවන් සුබ්‍රමනියම් සහ මොහොමඩ් සවුසිෆ්, මොහොමඩ් රින්ෆාන්, මොහොමඩ් ෆෛසල්, සෛෆල්ලා සමුන්, හුසේන් මොහොමඩ් යන අය තානාපති අසමි තාසිම් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ඉදිරි කාල සීමාව තුළ තම රාජකාරිය මනාව ඉටු කරන බව සපථ කරමිනි.


මෙම අවස්ථාවට ශ්‍රී ලාංකික නර්තන කිහිපයක්ද කුඩා දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද අතර ශ්‍රී ලාංකික ගුරු භවතුන්ගේ දක්ෂතාවන් දරු දැරියන්ගෙන් මොනවට පැහැදිලි විය. ශ්‍රී ලංකා පාසල වෙනුවෙන් තම ශ්‍රමය ධනය කාලය කැප කරමින් මහගු සේවයක් ඉටු කරන ලද සියලුම සාමාජිකයින් හට කුසලාන සම්මාන පිරි නැමීමද සිදුවුයේ තානාපති අස්මි තාසිම් මහතා අතිනි.

 


ලලිත් ප්‍රේමලාල් - සෞදි අරාබිය



අදහස් (0)

දමාම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ වාර්ෂික උත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site