IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දූමෝ හිදී පින්කම් මාලාවක්

 

සිංහල දමිළ ජනතාව  පසුගිය අප්‍රියෙල් මාසයේ මුල් දෙසතිය ගත කළේ ඉමහත් උද්දාමයෙනි. ඒ සිංහල දමිළ අළුත් අවුරුද්ද උදාවීමේ සතුට භුක්ති විඳීමෙනි. මුළු රටම අවුරුදු සිරියෙන් උද්දාමයට පත් වෙද්දී දේශයට විදේශ විනිමය ගෙන එන ශ්‍රී ලාංකීක ප්‍රජාවටද එම අවුරුදු උද්දාමයෙ සුවඳ දැනෙන්නට විය. මව්බිමේ ජනතාව මෙන්ම ඔවුන්ද සිංහල අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු උත්සව  සංවිධානය කිරීමට ලක ලෑස්ති වූහ. ඒ අනුව ඉතාලියේ මිලානෝ නගරයේද අවුරුදු උදානය නමින් අවුරුදු උත්සවයක් පැවැත්වීමට පසුගිය අප්‍රියෙල් 28වෙනි ඉරු දිනට නියම කර ගෙන තිබුණි. එහෙත් මුළු රටම භීතියට සහ සන්ත්‍රාසයට පත් කරමින් අන්තවාදී ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්, පසුගිය අප්‍රියෙල් 21 වෙනි ඉරු දින 300කට අධික සංඛ්‍යාවක් මරණයට පත් කරමින් 600කට අධික ප්‍රමාණයකට තුවාල සිදු කරමින් මහා ඛේදවාචකයට රට  ගොදුරු විය. මෙම ම්ලේඡ්ච ප්‍රහාරය පිළිබඳ තොරතුරු විශ්ව ගම්මානයක් වූ ලොව පුරා පැතිර යන්නට ගතවූයේ තත්පර ගණනකි. ප්‍රහාරය පිළිබඳව සැලවීමත් සමගම අප්‍රියෙල් 28 වෙනි දිනට නියම කර තුබූ මිලානෝ අවුරුදු උදානය අවලංගු කිරීමට සංවිධාකයින් තීරණය කළහ. ඒ වෙනුවට විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් සර්ව ආගමික පුන්‍යානුමෝදනාවක් සහ ආශිර්වාද දේව මෙහෙයක් සංවිධානය කිරීමටද ඔවුන් තීරණය  කළහ. එය යථාර්තයක් බවට පත් කරමින් පසුගිය අප්‍රියෙල්  මස 28වෙනි ඉරු දින අපරභාගයේ මිලානෝ සුප්‍රසිද්ධ දූමෝ චතුරශ්‍රයේදී මෙම සර්ව ආගමික මෙහෙය පැවැත්වීය.


බෞද්ධ, කතෝලික, හින්දු සහ මුස්ලිම්  ශ්‍රී ලාංකීක ජනී ජනයා සිංහ ධජ අතට ගෙන මිලානෝ දූමෝ චතුරශ්‍රයට රොද බැඳ ගත්හ. ඒ තම සහෝදර ජනතාවට සෙත් පැතීමේ උදාර කර්තව්‍යයට දායක වීමටය. මෙම සර්ව ආගමික අවස්ථාව සඳහා රාජකීය පණ්ඩිත මහගම විපුලසිරි  ස්වාමීන් වහන්ස්ද, මිලානෝ ලංකාරාමවාසී පූජ්‍ය ඔලබොඩුවේ උදිත ස්වාමීන් වහන්සේද, ඉතාලි ජාතික ලොරෙදානා කන්‍යා සොහොයුරියද, දීගහකොටුවේගෙදර ශකරියා රිස්වී පූජකතුමන් සහ සනත් ජයශාන්ත මහත්මාද එක් වී සිටියහ. මිය ගිය අය සඳහා පැන් වැඩීමේ සහ මල් පහන් පූජා කිරීමේ වතාවත් සමගම අනිකුත් ආගමික කටයුතුද ඉතාමත් බැතිබරව සිඳු කළ බව සඳහන් කළ  යුතුය. මේ අතර සිංහ ධජ  රැගත් පිරිස අතර ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවද සහභාගී වී සිටිනු දක්නට ලැබීම විශේෂ කරුණකි. මෙම අවස්ථාව වාර්තා කිරීම සඳහ ඉතාලි ජාතික මාධ්‍යවේදීන් පිරිසක්ද දූමෝ චතුරස්‍රයට පැමිණ සිටියහ. 


සුමිත් අරුණ ඉතාලියේ මිලානෝ නුවර සිට



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දූමෝ හිදී පින්කම් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site