



ඩුබායි හි වෙසෙන මුස්ලිම් සහෝදර ජනතාවට මේ එළැඹ ඇත්තේ ඔවුන්ගේ ආගමානුකූලව ඉතාම සුපින්වත් කාලයයි. එනම් රාමසාන් සමයයි. දානය, පරිත්‍යාගය, මිත්‍රත්වය, හොඳ හිත එකිනෙකා කෙරෙහි පතුරවමින් තම ජීවිතය යහපත් කර ගැනීමට මුස්ලිම් ජනතාව මෙම දින 30 පාරිශුද්ධ කාල වකවානුවේ සැදී පැහැදී සිටිති.
ජාති ආගම් කුල භේද සැමදාමත් පසෙකට කොට පොදු යහපත් කටයුත්තේ දී සාමූහිකත්වයෙන් කටයුතු කරන ඩුබායි හි ලාංකිකයන් පසුගියදා ඩුබායි කොන්සල් කාර්යාල පරිශ්‍රයේ පිහිටි දහම් පාසල් ශාලාවේදී එකට එකතු වී ඩුබායි හි වෙසෙන මුස්ලිම් සහෝදර ජනතාව විසින් සංවිධානය කළ මෙම ඉෆ්තාර් භෝජන සංග්‍රහයට සහභාගී වූහ. බෞද්ධ භික්ෂූන් වහන්සේ ද හින්දු කතෝලික පූජකතුමන්ලා ද සහභාගී වූ මෙම ඉෆ්තාර් සංග්‍රහයට පැමිණි සියලු ආගම්වලට අයත් පිරිස ඇමතූ මුනීර් මුලාෆර් මවුලවි තුමා හා තවත් කීපදෙනකුම උත්සව සභාවේදී තම අදහස් දැක්වූහ.
එම අවස්ථාවේ ඡායාරූප මේ සමගින්
සුරංගි අතුකෝරළ
සාජා සිට
2025 දෙසැම්බර් මස 18
229
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායි ලාංකිකයන් එකමුතු කළ ඉෆ්තාර් භෝජන සංග්‍රහය