IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝත්සවය

 

දුරු රට වෙසෙමින් තම ආගම දහමේ වතාවත් උවමනා පරිදි කරගන්න නොහැකි එමීර් රාජ්‍යයේ වෙසෙන බෞද්ධයන්ට නොසිතූ විරූ උතුම් වාසනාවක් පසුගියදා පහළ විණ. 


ශ්‍රී ලංකාවේ සිට වැඩමවනු ලැබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ, නීලවර්ණ අති උතුම් කේශ ධාතූන් වහන්සේ සමඟ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ප්‍රමුඛ අඤ්ඤා කොණ්ඩඤ්ඤ, උරුවේල කාශ්‍යප, සරභූ, ගව්පති, යස, අංගුලිමාල, බුද්ධරක්ඛිත මහරහත් ධාතූන් වහන්සේලා ද මහ ප්‍රජාපති ගෝතමී මහ රහත් මෙහෙණින් වහන්සේගේ අති උතුම් ධාතූන් වහන්සේලා ද ඩුබායි ලංකාරාමයේ දායක සභාව හා ඩුබායිහි වෙසෙන අම්බලන්ගොඩ ධර්මාශෝක ආදි සිසුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ඩුබායිහි ලංකාරාම විහාරස්ථානයට වැඩම කරවනු ලදුව දින දෙකක් තිස්සේ අපමණ පුද සත්කාරයෙන් පිදුම් දෙමින් මහජන ප්‍රදර්ශනයට විවෘත කරන ලදී. 
එම දින දෙක මුළුල්ලේ සිය දහස් ගණන් සැදැහැති බෞද්ධයෝ මෙම දුර්ලභ අවස්ථාවට සහභාගි වූහ. මෙවන් උතුම් කටයුත්තක් අරාබි එමීර් රාජ්‍යය නොව මැද පෙරදිග කලාපයේම සිදු කරන ලද්දේ පළමු වරට විය හැකි බව පැමිණ සිටි අය පැවසූහ. 


එම සුපින්බර අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ. 

 

 

 

 

 

 


(ඡායාරූප සුරංගි අතුකෝරල සහ චමිල් මෙන්ඩිස්)
සුරංගි අතුකෝරල - සාජා සිට.



අදහස් (0)

ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site