
අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 72ක් පිරීම ශ්‍රී ලංකාව අති උත්කර්ෂවත් අයුරින් සමරද්දී ඊට සමගාමීව ඩුබායි දේශයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා එක්ව ඩුබායිහී වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ඉමහත් අභිමානයෙන් යුතුව නිදහස සැමරූහ.
ඩුබායි දේශයේ අභිනව කොන්සල් ජෙනරාල්තුමන් වන නලින්ද විජේරත්න මහතා විසින් ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය බෞද්ධාගමික වතාවත් මෙහෙය වූ අතර අන්‍යආගමික පූජකතුමන්ලා විසින් ලක්වැසියනට හා රටට ආශිර්වාද කරමින් සෙත් පැතූහ. කොන්සල් ජෙනරාල්තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වූ අතර, ජනාධිපතිතුමන්ගේ, අග්‍රාමාත්‍යතුමන්ගේ සහ විදේශ අමාත්‍යතුමන්ගේ නිදහස් දින පණිවුඩ කිය වීමෙන් අනතුරුව කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න මහතා විසින් උත්සව සභාව අමතන ලදී.
උත්සවාවසානයේ කැවුම් කිරිබතින් පිරුණු තේ පැන් සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සංවිධානය කොට තිබිණ.
සුරංගි අතුකෝරල, සාජා සිට.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි දේශයේදී ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරූ අයුරු