
පෙබරවාරි මස 23 වැනි දින එක්සත් එමීර් රාජ්‍යයේ, සාජා නගරයේදී 11 වැනි වරටත් පවත් වනු ලැබූ ඕල්කොට් පාසල් අාදිසිසු සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලියේ 2018 වසරේ ශූරතා ජයග‍්‍රහණය අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.
ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, ධර්මපාල විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, මහින්ද විද්‍යාලය, මලියදේව විද්‍යාලය සහ රාහුල විද්‍යාලය යන පාසල්වල එක්සත් එමීර් රාජ්‍යයේ අාදිසිසු ඕල්කොට් පාසල් එකමුතුව වාර්ෂිකව අතිඋත්කර්ශවත් අන්දමින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලියේ 2016, 2017, 2018 යන වසර තුනේදීම පිට පිට මෙම ශුරතා කුසලාන ධර්මාශෝක විද්‍යාලය විසින් දිනාගැනීම විශේෂ සිදුවීමක් විය.
අවසන් පූර්ව තරඟවලදී මහනුවර ධර්මරාජ විද්‍යාලය පරදා මාතර රාහුල විද්‍යාලයත්, කොළඹ ආනන්ද විද්‍යාලය පරදා අම්බන්ගොඩ ධර්මශෝක විද්‍යාලයත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන ලදී. රාහුල විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවති අවසන් මහා තරගයේදී මුලින් පන්දුවට පහරදුන් රාහුල කණ්ඩායම් ඉනිම සීමිත පන්දුවාර 5 තුළ දී කඩුලු 5 දැවී ලකුණු 46 කට සීමා කිරීමට ධර්මාශෝක කණ්ඩායමේ පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් සමත්වූ අතර ලකුණු 47 ජයග‍්‍රහී ඉලක්කයක් හඹා ගිය ධර්මාශෝක ක‍්‍රීඩකයින් පන්දු වාර 3 කුත් පන්දු 3කදී කඩුලු 3 පමණක් දැවී එම ජයග‍්‍රහණය ලබා ගන්නා ලදී.
ශූරතා කුසලානය අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය
අනු ශූරතා කුසලානය මාතර රාහුල විද්‍යාලය
ශූරතා පළිහ කොළඹ නාලන්දා විද්‍යාලය
අනු ශූරතා පළිහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
ශූරතා පළිහ ගාල්ල මහින්ද විද්‍යාලය
අනු ශූරතා පළිහ කුරුණෑගල මලියදේව විද්‍යාලය
තරඟාවලියේ වීරයා සම්මානය ධර්මාශෝක විද්‍යාලයේ තනුෂ ප‍්‍රබෝධ
තරඟාවලියේ හොඳම පිතිකරු සම්මානය ධර්මාශෝක විද්‍යාලයේ පසිඳු ප‍්‍රභාශ්
තරඟාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානය ධර්මාශෝක විද්‍යාලයේ නායක සිනෙත් චතුරංග
අවසන් මහා තරඟයේ වීරයා සම්මානය ධර්මාශෝක විද්‍යාලයේ පසිඳු ප‍්‍රභාශ්
හොඳම කුටි නිර්මාණය ධර්මාශෝක විද්‍යාලය
සුරංගි අතුකෝරල
සාජා සිට
2025 නොවැම්බර් මස 04
346
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2151
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුබායි ක්‍රිකට් ජය මෙවරත් ධර්මාශෝක කණ්ඩායමට