

උපන් දා සිට අරාබි එමිරේට් රාජ්‍යයේ දිවිගෙවන ශ්‍රී ලාංකික දූ දරුවන් වෙසක් කූඩුවක් දකින්නේ මව්බිමට නිවාඩුවට ගිය විටය. නො එසේනම් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා යම් පටි හෝ කූරු විශේෂයකින් වෙසක් කූඩුවක් සකස් කිරීමේදීය.
සරුංගල් ද එසේය. චීනයෙන් ආනයනය කළ අරුමෝසම් සරුංගල් විනා අප කුඩා කල සිදු කළ පරිදි ඉරටු හෝ බට පතුරෙන් තට්ටුව බැඳ විවිධාකාරයේ හැඩයන්ගෙන් සරුංගල් සෑදීමක් ගැන ඔවුන් නොදන්නේමය.
මේ බව වටහා ගත් සිලෝන් මියුසික් ඇකඩමියේ නිර්මාතෘ සුරේෂ් තිලකරත්න මහතා විසින් තම ඇකඩමියේ දරුවන්ට ලංකාවෙන් ගෙන්වා ගත් බටපතුරු, ඉරටු හා සව්කොළ ආධාරයෙන් වෙසක් කූඩු හා සරුංගල් සෑදීමේ වැඩසටහනක් නොබෝදා ක්‍රියාවට නංවන ලදී.
වෙසක් උළෙලටද සමගාමීව පවත්වන්නට යෙදුණු මෙම වැඩ සටහනේදී සුරේෂ් මහතාගේ ගුරු උපදෙස් හා අනුදැණුම මත බටපතුරු බැඳ රැළිකපා සව් කොළ අලවා වෙසක් කූඩු තැනූ පොඩිත්තෝ අනතුරුව විවිධාකරයේ සරුංගල ද ඉරටු හා බටපතුරින් සෑදූහ.
අනතුරුව තම සරුංගල් රැගෙන මුහුදු වෙරළට ගිය පොඩිත්තෝ තරඟයට සරුංගල් යවමින් තම දෙමාපියන් කුඩා අවධියේ ලද සොඳුරු අත්දැකීම් ඩුබායි රාජ්‍යයේදී අත් විඳ ගනිමින් සතුටු වූහ. එම අවස්ථාවේ ඡායාරූප මම් සමග දැක්වේ.
සුරංගි අතුකෝරල
සාජා සිට.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩුබායිහි ලාංකික දරුවන්ගේ වෙසක්කූඩු හා සරුංගල් සැණකෙළිය