සූදුරු ඇටෙත් ගෙන කැටයම් කරන නඩේ
නෑ බොරු කෙළි කවට කරතොත් කරන වැඩේ
ලෝකුරු රිදී ලී කැටයම් ගොඩට ගොඩේ
නේඹුරු දොඩම් යුෂ කලරින් බඩට ලෙඩේ
රෑ වරු ගණන් විළිලා පිපි ගොහොරු මඩේ
රූසිරු විදාගෙන හිනැහී හැඩට හැඩේ
ලෝතුරු පියුම් පැහැගත් හප බුලත් විඩේ
වීදුරු පෙට්ටි තුළ පිපිලා මාර වැඩේ
රෑ තරු නෙඔන් ඉටිපන්දම් පාට කුඩේ
දූවරු කැමති ඉමිටේෂන් විවිධ හැඩේ
වීදුරු නළෙන් තවරා ඇල්පෙනෙති තුඩේ
කෝඳුරු තෙලුත් විකුණනවා චීන කඩේ
රසීකලා
රෝමය, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd