
අප්‍රියෙල් කැරැල්ල හේතුවෙන් 1971 විශ්වවිද්‍යාල වසා දැමුවේ හදිසියෙනි. ඒ දිනවල ක්‍රියාත්මක වූ ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ තරුණ පිරිස්වලට හිතකර නොවීය. තැන තැන අත්අඩංගුවට ගැනීම් ය. ප්‍රශ්න කිරීම් ය. ඒ අතර ම අතුරුදන්වීම් ද සිදුවිය. මේ වාතාවරණය සරසවි සිසුන්ට වඩාත් බරපතළ විය. තරුණ දූ දරුවන් සිටි දෙමාපියන් ද සිටියේ භීතියෙනි.
විශ්වවිද්‍යාලයෙන් ගෙදර පැමිණි මා, මගේ දෙමාපියන් විසින් මැයි මාසයේදී ම රැකියාවකට යොමුකරන ලද්දේ මා වෙනුවෙන් කිසියම් ආරක්ෂාවක් සැපයිම් වස් ය. මේ මුල්ම රැකියාව වූවේ මීගමුව තලාහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක හෝටලයක ය. මෙම හෝටලය පිහිටියේ මීගමු කළපුවත් මහ මුහුදත් අතර පිහිටි බිම් කඩක ය. හෝටල් පරිශ්‍රයත් පිහිනුම් තටාක පරිශ්‍රයත් වෙන් කරමින් මීගමුව (ජාඇළ) පමුණුගම මහා මාර්ගය වැටී තිබුණි. ඒ දිනවල පැවති වාතාවරණය අනුව එතැන ආරක්ෂාකාරී විය. ඇඳිරිනීතිය පැවති හෝ අනාරක්ෂාකාරී යයි හැඟුණු දිනවල සේවා අවසානයේ ගෙදර නොපැමිණ, සේවක නේවාසිකාගාරයේ ලැගුම්ගත හැකි විය. සේවක නේවාසිකාගාරයේ නිත්‍ය පදිංචිකරුවකු වූ මාතලේ ප්‍රදේශයේ සිට පැමිණ සිටි මැලේ ජාතික සමොහන් සහ මා අතර මිත්‍රත්වයක් ගොඩනැගුණේ මේ නේවාසිකාගාරයේදී ය. අපේ අදහස් උදහස් බොහෝ සේ ගැලපුණි.
“මචං මරු සීන් එකක් තියෙනවා වරෙන් බලන්න යන්න”, මහ රෑක සමොහන් විසින් මා අවදි කරන ලද්දේ සේවක නේවාසිකාගාරයේ නිදා සිටි දිනක ය. එවකට රාත්‍රි කාලයේ හෝටලයේ නේවාසික සුද්දන්ගේ සුද්දියන්ගේ “මාර සීන්” වර්ගයක් ද විය. හෝටල් පරිශ්‍රය තුළ හැසිරිය යුත්තේ නිල ඇඳුමින් පමණක් බැවින් නිල ඇඳුමෙන් සැරසී, සමොහන්ගේ පෙරෙත්තය නිසාම මම ඔහු අනුව ගියෙමි.
හෝටල් පරිශ්‍රයෙන් පිටව, මහ මග තරණය කර පිහිනුම් තටාක පරිශ්‍රයට ඇතුළු වුණෙමු. මාර සීන් එක එතැන විය. පිහිනුම් තටාකයේ සිට මුහුදු වෙරළට බැසීම සඳහා වූ පඩිපෙළ මත වාඩි වී අපි ඒ දෙස බලා සිටියෙමු.
බැසයාමට සූදානම් සඳ සිතිජයට ආසන්නය. සඳ එළියෙන් අහසේ තිබුණු වළාකුළු කීපය ආලෝකමත් ය. දිය මත වැටුණු සඳ ප්‍රතිබිම්බය ඍජු රේඛාවක් ලෙස අප වෙත වැටී තිබුණි. මුහුදු සුළඟ සෞම්‍යය. තරමක් ශීතල ය. ඇත්තෙන්ම එය රමණීය දසුනක් ම විය. ඒ දසුන පැවතියේ සුළු මොහොතකි. සිතිජය වැළඳගත් සඳ, ගමන පමා වූ කලෙක මෙන්, මෙතෙක් නොවුණු කඩිනමකින් මුහුදේ ගිලී ගියේය.
“හඳ දැක්කම පිස්සු හැදෙනව මචං” සමොහන් කීවේය.
ඒ ඒ දිනවල සඳ බැසයාමට ආසන්නව සිතිජයට සමීපවෙන වේලාවන් සමොහන් නිවැරදිව දැන සිටියේය. ඊට පසු ද කීප වතාවක් ම අපි එලෙසින් ම සඳ බැස යනු බලා සිටියෙමු. ඒ සෑම වතාවක ම සඳ දුටුවිට පිස්සු හැදෙන කතාව මගේ මිතුරා කීවේය.
මම කවුළු තිරය මෑත්කර පිටත බලමි. සිසිරයේ ශීතල, උණුසුම්කර ඇති නිවස තුළ දැනෙන්නේ නැත. සඳළුතලය ඔබ්බෙහි තෙරක් නොපෙනෙන විසල් රෝම නගරයේ නිවි නිවී දැල්වෙන සූසැටදහසක් විදුලි බුබුළු අතර සඳ බැස යමින් ඇත. ඒ එදා තලාහේනේ සිතිජයේ බැස ගිය සඳ ම ය. “හඳ දැක්කම පිස්සු හැදෙනව මචං” මට සමොහන්ගේ වචන සිහිවේ. “මන්මද වෙත සබද සඳ දැකුමෙන් නිබද” මම කවියකට පද පෙළක් කුරුටුගාමි.
රසීකලා
රෝමය, ඉතාලිය.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කවියක නිමිත්ත