IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කෙනඩි පවුලේ අවාසනාවන්ත මරණ ලයිස්තුව තවත් දික් වෙයි අගෝස්තු මාසය කෙනඩිවරුන්ට අපලයි

කෙනඩි පවුලේ පැරණි ඡායාරූපයක්

 

 

කියන කරන බොහෝ දේ සෘනාත්මක ප්‍රතිඵල ගෙන දේ නම්, එය අවාසනාවක් ලෙස බොහෝ අය සලකති. මෙහිදී සුභ සෙත පතා ඇතැමෙකු ආගමික ප්‍රතිකර්මවල පිහිට පතති. කිසියම් පුද්ගලයෙකුට හෝ පවුලකට පරම්පරාවකට අභිරහස් ලෙස පරිහානිය හෝ ජීවිත විනාශය ළඟාවේ නම්, එය ශාපයක් ලෙස සැලකීමට ද ඇතැමෙකු පුරුදුවී සිටී. ලෝ පසිඳු ශාපයන් අතර ටූටන්කාමන්ගේ ශාපය ද එකකි. (ටූටන්කාමන්ගේ සොහොන් කුටිය විවර කළ සහ එම ගවේෂණයට දායක වූ සියළුදෙනාම පාහේ අභිරහස් ලෙස මියගියහ.) 
අපේ යුගයේ ශාපයන් අතර ලොව වඩාත්ම කතාබහට ලක්වී ඇත්තේ ඇමෙරිකාවේ කෙනඩි පවුලට පළදෙමින් ඇති ශාපයයි. කෙනඩි පවුලට උදාවී ඇති මේ අවාසනාවන්ත කාලයේ ආරම්භය දෙවැනි ලෝක යුද්ධ කාලය දක්වා අතීතයට දිවයයි. මීට වසර පනහකට පෙර, එනම් 1969 වසරේ අගෝස්තු මස පළමුවැනිදා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සහෝදරයකු වූ ටෙඩ් කෙනඩි විසින්, කෙනඩි පවුලට ශාපයක් පළදෙමින් ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදුණි. 


ටෙඩ් කෙනඩිගේ ප්‍රකාශයට වසර පනහක් පිරෙණ දා කෙනඩි පවුලේ තවත් සාමාජිකාවක අභිරහස් ලෙස මරණයට පත්වීම ලොව මවිතයට පත්කර ඇත. මෙසේ අභිරහස් ලෙස මරණයට පත්ව ඇත්තේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයකු වූ රොබට් කෙනඩිගේ සහ එම ආර්යාවගේ මිණිබිරියක වූ වික්ටෝරියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු විසි දෙහැවිරිදී තරුණියයි. මිත්තනියගේ නිවසේ කාමරයක් තුළ මියැදී සිටි ඇයගේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය අධිමාත්‍රාව යයි නිල නොවෙන ආරංචි මාර්ග පවසයි. ඇගේ පියා වූ කාර්ට්නි කෙනඩි, 1974 අයර්ලන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිරබත් කෑ නිවැරදිකරුවෙකි. (කෙනඩි පවුල ඈත අතීතයේදී අයර්ලන්තයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවෝ වෙති.) 


කෙනඩි පවුලේ මෙම අවාසනාවන්ත මරණ ඉතිහාසය 1944 දක්වා ඈතට දිව යන්නකි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ වැඩිමහල් සොහොයුරු හමුදා ලුතිනන්වරයකුව සිටි ජෝසප් කෙනඩි, දෙවැනි ලෝක යුද්ධ සමයේ එනම් 1944 අගෝස්තු මස පළමුවැනිදා පියාසර කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය රැගත් ගුවන්යානය ප්‍රංශය අසල ගුවනේ පුපුරා යාමෙන් මියගියේ සුන්නද්ධූලි වීමෙනි. 


ජෝසප් කෙනඩිගේ මරණයෙන් වසර හතරකට පසුව 1948 දී ඔහුගේ සහෝදරියක වූ කැතලීන් කැවන්ඩිෂ් ගුවන් අනතුරකින් මියගියාය. කෙනඩි පවුල වසා පැතිර යන ශාපයේ ඊළඟ බිල්ල බවට පත්වූයේ 1963 අගෝස්තු මස ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ පුතුව ඉපිද, දින දෙකකින් මියගිය පැට්ට්‍රික් කෙනඩිය. 


පැට්ට්‍රික් කෙනඩිගේ අභාවයෙන් මාස තුනකට පසුව, ජෝන් එෆ්. කෙනඩි 1963 වසරේ නොවැම්බර් මස ලී හාවි ඔස්වල්ඞ් විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඊට වසර පහකට පසුව 1968 ජෝන් එෆ්. කෙනඩිගේ සහෝදර රොබට් කෙනඩි ද සහසිකයකු විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ කෙනඩි පවුලේ පස්වැනි අවාසනාවන්ත මරණයයි. 
රොබට් කෙනඩිගේ මරණයෙන් වසර දහසයකට පසුව 1984 දී ඔහුගේ පුත් ඩේවිඩ් කෙනඩි මියගියේ මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීම හේතුවෙන්ය. 1997 වසරේ ඩේවිඩ්ගේ සොහොයුරු මයිකල් කෙනඩි හිම ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ හදිසි අනතුරකින් මියගියේය. 

 

ජෝන් එෆ්. කෙනඩි රථය තුළ වෙඩි වැදී සිටි අයුරු

 

 


ජෝන් එෆ්. කෙනඩිගේ පුත්‍ර කනිෂ්ඨ ජේ.එෆ්.කේ. 1999 දී අත්ලන්තික් සාගරය මතදී සිදුවූ ගුවන් අනතුරකින් මියගියේ තම බිරිඳ ඇතුළු පවුලේ තවත් සාමාජිකයන් කීපදෙනෙකු ද සමගින් ය. 2012 වසරේදී රොබට් කෙනඩිගේ වැන්දඹු බිරිඳ පනස් දෙහැවිරිදී මාරි රිචඩ්සන් අභිරහස් ලෙස ගෙල වැලදා මියැදී සිට සොයාගන්නා ලදී. 


මේ වසරේ අගෝස්තු මස පළමුවැනිදා මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවකින් මියගිය ලිබර්ටි කෙනඩි, කෙනඩි අවාසනාවන්ත මරණ ලයිස්තුවේ දහවැනි මරණය ලෙස සටහන්වේ. කෙනඩිවරු කීපදෙනෙකුම අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අගෝස්තු මාසයේ දීය. එබැවින් අගෝස්තුව කෙනඩිවරුන්ට අපල මාසයක් ලෙස සැලකේ. 

 


චාපි කෝසලා - මියුනිච්, ජර්මනිය.



අදහස් (0)

කෙනඩි පවුලේ අවාසනාවන්ත මරණ ලයිස්තුව තවත් දික් වෙයි අගෝස්තු මාසය කෙනඩිවරුන්ට අපලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1440 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site