
ඕමාන් රාජ්‍යයේ පාලක සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ පැතීමේ බෝධි පූජා පිංකමක් බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට ඕමානයේ සේවයේ නියැලුණු ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව මෙම නොවැම්බර් 18 ෙසනසුරාදා කටයුතු යොදා තිබිණ.
මුස්ලිම් රටක් වන ඕමාන් රාජ්‍යය තුළ සේවයේ නියුතු ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වන්දනාමාන කිරීම පිණිස විහාරස්ථානයක් ඉදිකර ගැනීමට අවසරදීම මුල්කර ගනිමින් ඊට කෘතගුණ සැලකීමක් ලෙස මෙම පුණ්‍යකර්මය සිදු කරන බව ඉහත සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවේ වි.රු. කුලතුංග මහතා සඳහන් කරයි.
ඕමානයේ ඇති බෞද්ධ විහාරයේ ඇතුළත දර්ශනයක් ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.