IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං වෙලා

පෘතුගාලය කාලයකට ඉහත එනම් ක්‍රි.ව. 1500 සිට 1800 දක්වා කාලය තුළ ඉතා බලසම්පන්න වෙළෙඳ නැවක හමුදාවක් තිබුණු බව ඉතිහාසය කියයි. මෙම නාවික ශක්තිය හේතුකොටගෙන රටවල් ගණනාවක් යටත් කරගෙන තිබුණි. මෙම රටවල් අතර බ්‍රසීලය, ඇන්ගෝලාව, මුසැම්බියාව වැනි විශාල රටවල් ද ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද විය. ඉන්දියාවේ ගොවා නගරයේ අද වෙන විටත් ඇත්තේ පෘතුගිසි සංස්කෘතියකි.   


පෘතුගාලය ද එක්තරා කාලයකදී ඒකාධිපති පාලනයක් ගෙනගිය රටකි. 1974 පෘතුගාලය ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලන ක්‍රමයට එක්විය. පෘතුගාලය ඉතා දර්ශනීය රටකි. වර්ෂ ගණනාවක් පැරණි ගොඩනැගිලි අදටත් රජයේ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. ඒවා ඉතාමත් ශක්තිමත් මෙන්ම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණයන්ය. අද ඉදිකෙරෙන ගොඩනැගිලිවලට වඩා සිත්ගන්නාසුළු යයි පැවසුවොත් එය නිවැරදිය.   


අද පෘතුගාලයේ ජනගහනය මිලියන 10.07 කි. සියයට අනූපහක් පමණ සිටින්නේ ක්‍රිස්තු භක්තිකයින්ය. එදා මෙන් සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට අතමිට සරු නැත. කාලයකට ඉහත යටත් කරගත් රටවලින් සූරාගත් ධනයෙන් ඉතා ප්‍රීතිමත් කාලපරිච්ඡේදයක් ගත කළ පෘතුගිසිකාරයෝ අද එදිනෙදා ජීවිතය ගතකරන්නේ ඉතාමත් දුක සේය.   


වස්කෝ ද ගාමාගේ නායකත්වයෙන් රටවල් ආක්‍රමණය කළ අතර එතුළ ලෝකයේ ජනගහනයෙන් මිලියන දෙසීයක් පමණ අද වෙනවිටත් පෘතුගිසි භාෂාව කථා කරන බව පොත්පත්වල සඳහන් වේ. ඔහුන්ගේ ආධිපත්‍යයට යටත් කරගෙන සිටි සෑම රටකම කතෝලික ධර්මය ප්‍රගුණ කළෝය.   


පෘතුගීසි ජනතාව කොතරම් ආර්ථික ප්‍රශ්න ඇතත් කාලා බීලා සිංදු කියලා බයිලා කියලා විනෝදයෙන් ජීවත්වන ජනතාවක් ලෙසට හඳුන්වා දිය හැක. මේ රටේ විශේෂයක් වෙනුයේ ගම්බද මෙන්ම නගරවල ඉතා ලාබාල වයසේ සිට ළමුන් පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටීමය. සමහරු අතුපාරවල් මෙන්ම පදික වේදිකාවේද සෙල්ලම් කරන ආකාරය දකින්නට ඇත.   


යුරෝපයේ අනිකුත් රටවල් මෙන්ම පෘතුගාලය ද පිරිසිදුව තබාගැනීමට රජය මහත් වෙහෙසක් දරයි. ඒ සඳහා විශාල මුදලක් වියදම් කරයි. ක්‍රි.ව. 1949 දී ආරම්භ කරන ලද නෙටෝ (Nato) සංවිධානයේ (North Atlantik Treaty Organization) ආරම්භක රටවල් අතර පෘතුගාලය ද වෙයි. යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳන කල පෘතුගාලයේ ආර්ථිකය එතරම්ම සතුටුදායකයි කිව නොහැක. විරැකියාවෙන් පෙලෙන්නන්ගේ ගණන සියයට 20%කි. මුළු ජනගහනය මිලියන 10.07 කි. දල දේශීය අාද‌ායම වර්ධනයෙන් යුරෝපයේ රටවලින් විසිවැනි ස්ථානයේ සිටී.   


‘පෝර්තෝ වයින්’ ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය වයින් වර්ගයකි. නිෂ්පාදනය කරනුයේ පෘතුගාලයයි. රෙදි නිෂ්පාදනය, සපත්තු නිෂ්පාදනය, ආහාර සැකසීම (Food Processing) දැව පල්ප, කඩද‌ාසි, ලෝහ වර්ගවලින් නිෂ්පාදිත භාණ්ඩ, ටින් මාළු නිෂ්පාදනය සහ සංචාරක ව්‍යාපාරය පෘතුගාලයේ ප්‍රධානතම විදේශීය, ආද‌ායම් උපදවන මාර්ග අතර වේ. එමෙන්ම චීස් වර්ග නිෂ්පාදනය කරති. කිරි ගවයින් සහ බැටලුවන් ඇති කිරීම සඳහා හෙක්ටර්යාර් පන්සිය තිස්දාහක විශාල බිම් ප්‍රමාණයක් ඇත. එළිමහන් ආපන ශාලාවල තරුණියන් සංචාරකයින් දුටු විට Ola ‘ඕලා හලෝ’, ‘වෝසේ වින්ද්‍රෙ ලිස්ඩන්’ ඔබ ලිස්ඩන් නගරයට සාදරයෙන් පිළිගනිමු හඬ නගා කියති.   


පෘතුගාලය සංචාරයට ඉතාමත්ම හොඳ විනෝද විය හැකි රටකි. ඔයිලා නාදයෙන් නැටුමෙන් දිවා රාත්‍රියේ සංචාරකයින්ව පිනවති.   
රෝලන්ඩ් කුරණගේ



අදහස් (0)

එදා රටවල් ඇල්ලූ පෘතුගීසිකාරයා අද නට්ටං වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site