IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එංගලන්තයේ රාජකීය පවුලට එක්වූ මෙගන් මර්කල්ටත් නිල ලාංඡනයක්

 

එංගලන්තයේ එළිසබෙත් මහ රැජිනගේ මුණුබුරු හැරී කුමරුන් සමග විවාහ වීමත් සමග සසෙක්ස් හි ආදිපාදවරිය ලෙස නම් කෙරුණු ඇමෙරිකානු ජාතික මෙගන් මර්කල්ට හිමි රාජකීය නිල ලාංඡනය, ​ෙකන්සින්ග්ටන් මාලිගය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.  


මල් පිපුණ තණ බිමක් මත දකුණු පසින් හැරී කුමරු සංඛේතවත් කරමින් සිංහයෙකු ද, වම්පසින් මෙගන් මර්කල් සංඛේතවත් කරමින් ඔටුන්නක් ගෙල වටා පැළඳි නයිටින්ගේල් පක්ෂියෙකු ද අල්ලාගෙන සිටින බ්‍රිතාන්‍ය කිරීටය දරන පළිහක් සහිත සංඛේතය, සසෙක්ස් ආදිපාදවරිය​ෙග් රාජකීය නිල ලාංඡනය වේ. මෙගන් මර්කල් උපත ලද කැලි​ෙෆා්නියා ප්‍රාන්තය මුහුණලා සිටින පැසිෆික් සාගරය සංඛේතවත් කිරීම සඳහා, මෙම පළිහේ නයිටින්ගේල් පක්ෂියා විසින් අල්ලාගෙන සිටින වම්පස නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇත. කහ පැහැති ඉරි දෙකින් කැලිෆෝනියවේ හිරු එළිය ද, පිහාටු තුනෙන් වචනයේ බලය ද සංඛේතවත් කෙරේ.  


මෙගන් මර්කල්ගේ අධීක්ෂණය යටතේ තෝමස් වුඩ්ලොක් විසින් නිර්මාණය කර ඇති මෙම රාජකීය නිල ලාංඡනය ප්‍රසිද්ධ කිරීමට පෙර එළිසබෙත් මහ රැජිනගේ අනුමැතිය ලද බව ද ප්‍රකාශ වේ. එංගලන්ත රජ පවුලේ සෑම සාමාජිකයෙකුටම ම තමන්ට හිමි නිල ලාංඡනයක් ඇත.  


සසෙක්හි ආදිපාදවරිය ලෙස පිළිගැනෙන මෙගන් මර්කල්ගේ රාජකීය නිල ලාංඡනය මේ සමග දැක්වේ.

 

 

 

ගැස්කොන් ලාසරස්.  
රෝමය, ඉතාලිය.



අදහස් (0)

එංගලන්තයේ රාජකීය පවුලට එක්වූ මෙගන් මර්කල්ටත් නිල ලාංඡනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site