IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉතාලි රූ රැජිණ 2018 තරගයේ සැබෑ ජයග්‍රාහිකාව තෙවැනි ස්ථානය හිමිකරගත් පාදයක් අහිමි ක්යාරා

ඉතාලි රූ රැජිණ 2018 කිරුළ සඳහා අවසන් මහා තරගය සැප්තැම්බර් මස දහඅට වැනි දින පැවැත්විණි. මෙම තරගයෙන් විසිහය හැවිරිදි කර්ලොත්තා මජොරානා රූමතිය ඉතාලි රූ රැජිණ ලෙස කිරුළ පැළැන්දීය. අ‌ෑ විවාහක කාන්තාවක් වෙන අතර, චිත්‍රපට සහ රූපවාහිනී වෘත්තාන්ත කීපයක සුළු චරිත කීපයක් රඟපෑ නිළියකි. අද ඉතාලි පමණක් නොව ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය ද ඇයට වඩා වැඩියෙන් කතා කරන්නේ මෙම තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ක්යාරා බෝර්දි නම් වූ රූමතිය පිළිබඳවය. සියලු ජනමාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඉතාලි රූ රැජිණ 2018 තරගයේ සැබෑ ජයග්‍රාහිකාව ක්යාරා බෝර්දි බවය. ඒ ඇයි?   


ඉතාලි රූ රැජිණ 2018 කිරුළ සඳහා ප්‍රාදේශීය රූ රැජිණ තරගවලින් ජයගත් රූමතියන් තිස්තුන්දෙනකු තරගවැදී සිටියහ. මේ අතර සිටි දහඅට හැවිරිදි ක්යාරා බෝර්දි වෙත මුල සිටම සැමගේ අවධානය යොමුවිය. එයට හේතුව වූවේ ඇය කෘත්‍රිම පාදයකින් ගමන් කරන ආබාධිත තරුණියක වීමය.   


වයස අවුරුදු දොළහේදී යතුරුපැදි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ක්යාරා බෝර්දි, ජීවිතය යළි හිමිකරගත්තේ වම් පාදයේ දණහිසට මදක් පහළින් අහිමි වූ ආබාධිතයකු ලෙසය. වම් පාදය අහිමි වුවද ජීවිතය හමුවේ පරාජය භාරගැනීමට ඇය සිතුවේ නැත. කෘත්‍රිම පාදයක ආධාරයෙන් ඇය ජීවිතය ජයගැනීමේ සටනට මුහුණ දුන්නාය.   


ක්යාරා බෝර්දි ඉතාලි රූ රැජිණ 2018 තරගයේ අවසන් වටයට මුහුණ දුන් විට සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් විය. එම පිරිස ක්යාරා බෝර්දිට චෝදනා කළේ ඇය තම ආබාධිත තත්ත්වය උපයෝගී කරගනිමින් මහජන අනුකම්පාව ලබා වැඩි මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමේ තුච්ඡ චේතනාවකින් තරගයට සහභාගී වෙන බවය. මෙම චෝදනා එල්ල කළවුන්ගෙන් බහුතරය කාන්තාවෝය.   


සමාජ වෙබ් අඩවි මඩ ප්‍රහාරයන්ට ක්යාරා බෝර්දි නොසැලී මුහුණ දුන්නාය. ඇය ප්‍රකාශ කළේ වයස අවුරුදු දොළහේදී සිදු වූ යතුරුපැදි අනතුරින් ජීවිතය බේරාගැනීම තමන් ලද ලොකුම ජයග්‍රහණය බවය. අවයවයක් අහිමිවීම හෝ වෙනත් ආබාධිත තත්ත්වයක් ජීවිතයේ නැවතීමේ ළකුණ කර නොගත යුතු බවට ශාක්ෂියක් ලෙස ඇය මෙම තරගයට සහභාගී වූ බව ඇය මාධ්‍ය අමතා කියා සිටියාය. ඉතාලි රූ රැජිණ 2018 කිරුළ අහිමි වුවද, වේදිකාවේදී ශාලාව දෙදරා යන අයුරින් ලද අත්පොළසන් හඬ ඇගේ ආත්ම ශක්තිය තව තවත් වර්ධනය කළ බව ඇය වැඩිදුරටත් කියයි. ජීවිතය ආපසු යැවීමට කිසිම අවාසනාවන්ත තත්ත්වයකට නොහැකි බව ඇය විසින් සමාජයට දීමට වෙර දරන පණිවිඩයයි. ඉතාලි මෙන්ම ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය ද අද කියන්නේ ක්යාරා බෝර්දි ඉතාලි රූ රැජිණ 2018 ලෙස කිරුළ නොපැළදුව ද, තරගයේ සැබෑ ජයග්‍රාහිකාව ඇය බවය.   


මීට වසර කීපයකට පෙර එනම් 1997 වසරේ ඉතාලි රූ රැජිණ අවසන් වටයෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් අන්නලීසා මිනෙත්ති නෙත් අඳ රූමතියකි. එහෙත් තරගය අවසන් වෙන තුරුම ඒ බව දැන සිටියේ තරග සංවිධායකයෝ පමණි. තරග විනිශ්චය ජූරිය පවා ඒ බව දැනගත්තේ පසුවය. ඉතාලි රූ රැජිණ තරග අවස්ථාවේ වේදිකාව මත එහා මෙහා ගමන් කිරීම, අවශ්‍ය ස්ථානවල නිසි ලෙස නතරවීම පමණක් නොව වේදිකාවට පිවිසීම සහ පිටවීම සඳහා වූ දැවැන්ත පඩිපෙළ තරණය කිරීම ද මෙම රූමතිය විසින් කර තිබුණේ ඉතා සියුම් ශ්‍රව්‍ය උපකරණයක් මගින් තිරය පිටුපස සිට කෙනෙකුන් විසින් දෙන ලද නියෝගයන්ට අනුව බව පසුව හෙළි විය. මෙම රූමතිය ඊළඟ වසරේ සන්රේමෝ ඉතාලි මහා සංගීත තරගයෙන් (ආධුනික ගායනා) ප්‍රථම ස්ථානය ද හිමිකර ගත්තාය.   


ඉතාලි රූ රැජිණ තරග ඉතිහාසයේ වඩාත්ම මතභේදයට තුඩු දුන්නේ දොමිනිකානු සම්භවයක් ඇති කළු රූමතියක වූ ඩැනී මෙන්ඩ්ස් 1996 දී ඉතාලි රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමය. මෙම රූමතියගේ ශරීර වර්ණය හමුවේ ඉතාලි ජනරජ ව්‍යවස්ථාවේ සම අයිතිවාසිකම් පිළිබඳව විග්‍රහ කෙරෙන 18 වැනි වගන්තිය බොහෝ දෙනෙකුට අමතකව ගියේය.   


ඉතාලි රූ රැජිණ 1996 කිරුළ හිමිකරගත් කළු රූමතිය ඩැනී මෙන්ඩ්ස් සහ ක්යාරා බෝර්දි ඡායාරූපවලින් දැක්වේ.   

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය



අදහස් (0)

ඉතාලි රූ රැජිණ 2018 තරගයේ සැබෑ ජයග්‍රාහිකාව තෙවැනි ස්ථානය හිමිකරගත් පාදයක් අහිමි ක්යාරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site