IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉතාලියේ උමං දුම්රිය පොළක රෝම යුගයේ කෞතුකාගාරයක්

 

ක‍්‍රිස්තු පූර්ව පළමුවැනි ශතවර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ පස්වැනි ශතවර්ෂය දක්වා වූ ශතවර්ෂ හයකට ආසන්න කාලයක් පැවති රෝම අධිරාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානය වූවේ රෝමයයි. රෝම අධිරාජ්‍යයේ පරිපාලන ගොඩනැගිලි, අධිරාජ්‍යයාගේ මාලිගා, සිටු මැදුරු හා පොදු ජන වාසස්ථාන ද රදළ හා සාමාන්‍ය ජනයාගේ සුභසිද්ධිය සහ විනෝදය සඳහා වන සියලුම අංගෝපාංගවලින් ද සම්පූර්ණ වූ රෝමය, සුවිසල් නගරයක්ව අද මෙන්ම එදා ද පැවතුනි. ක‍්‍රි.ව. පස්වැනි ශතවර්ෂයේ අවසන් භාගයේ පටන් රෝම අධිරාජ්‍යයේ වැටීමත් සමගම මෙම සුවිසල් නගරය ජරාජීර්ණවී කාලයේ වැලිතලාවෙන් වැසීයාමට පටන්ගති. පසුකාලීනව එම නටඹුන් මත කලින් කල අවශ්‍යතාවයට අනුව නව ගොඩනැගිලි ඉදිවෙන්නට විය.   


රෝම අධිරාජ්‍ය බිඳවැටී ශතවර්ෂ ගණනකට පසුව වුවද, වර්තමානයේ විවිධ   
හේතූන් මත රෝමයේ භූ කැනීම් කිරීමේදී ඓතිහාසික වටිනාකමක් ඇති නටඹුන් හමුවීම වැළකිය නොහැකිය. කෙටියෙන් කිවහොත් ඓතිහාසික වටිනාකමක් ඇති වළං කටු කැබැල්ලක් හෝ හමුනොවෙන බිම් අඟලක් රෝමයේ නැති තරම් ය. භූගත මේ ඉපැරණි ඓතිහාසික දේ අතර දෙවැනි ලෝක සංග‍්‍රාමයේ දී ජර්මන් නාසි හමුදාවන් විසින් මෙන්ම එක්සත් ජාතීන්ගේ හමුදාවන් විසින් ද ගුවනින් හෙළන ලද එහෙත් පුපුරා නොගිය ටොන් ගණන් බරැති බෝම්බ ද වේ.   

 


රෝමයේ තෙවැනි උමං දුම්රිය සේවය (මෙට්රෝ සී) සඳහා කිලෝ මීටර 25.6ක් දිග උමඟක් සඳහා 2007 වසරේදී ආරම්භ කරන ලද කැනීම්වලදී, යුග කීපයකට අයත් ඓතිහාසික වටිනාකමක් ඇති නටඹුන් කොටස් දහස් ගණනින් හමුවී ඇත. මෙසේ හමුවූ සියලුම කෞතුක වස්තූන් එක්තැන් කර, සැන් ජොවන්නි උමං දුම්රියපොළ තුළ දැන් කෞතුකාගාරයක් විවෘත කර ඇත.   


පොළව මට්ටමේ සිට මීටර් 27ක් භූගතව පිහිටා ඇති මෙම උමං දුම්රිය පොළ මහජනයාට විවෘත කිරීමත් සමගම, මෙම කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව උමං දුම්රිය මගීන්ට ලැබෙනු ඇත. පොළව මතුපිට දොරටුවේ සිට භූගත උමං දුම්රිය වේදිකාවට පිවිසෙන විදුලි සෝපනවල ගමන් කරන මගීන්ට කෞතුකාගාරය තුළ තබා ඇති නටඹුන් හමුවූ ඒ ඒ යුගයට අයත් පස් ස්ථර හඳුනාගැනීම සඳහා පැහැදිළිව සටහන් කර ඇත. උමං දුම්රිය පොළ කෞතුකාගාරයේ තබා ඇති මුල්‍යමය තක්සේරුවක් කළ නොහැකි කෞතුක වස්තූන්ගේ ආරක්ෂාව සඳහා නවීන ආරක්ෂක මෙවලම් ද සවිකර ඇත. මෙම කෞතුකාගාරය නැරඹීම සඳහා විශේෂ ප‍්‍රවේශපතක් මිලට ගැනීමක් අවශ්‍ය නොවන අතර උමං දුම්රිය ගමන සඳහා යෙදාගත් ප‍්‍රවේශපතම වලංගුය. රෝමයේ සැන් ජොවන්නි උමං දුම්රිය පොළ කෞතුකාගාරයේ දර්ශන කීපයක් ඡායාරූපවලින් දැක්වේ.   

 


ගැස්කොන් ලාසරස්  
රෝමය, ඉතාලිය.   



අදහස් (0)

ඉතාලියේ උමං දුම්රිය පොළක රෝම යුගයේ කෞතුකාගාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site