IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉතාලියෙන් උගත යුතු පුරාවිද්‍යා නටබුන් සංරක්ෂණ කලාව

 

ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවිද්‍යා ස්ථාන අනූහතරක් පමණ විනාශ කරමින් ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ වී තිබුණි. ඊට අමතරව සංරක්ෂණයේ නාමයෙන් කෙරෙන විද්‍යාත්මක මැදහත්වීම් මගින්, සංස්කෘතිකමය වටිනාකමක් ඇති පෞරාණික නටබුන් විනාශ වෙමින් ඇති බවට ද බරපතළ චෝදනා නැගෙමින් ඇත. සංස්කෘතික උරුමය අපේ ජීවය වන අතරම විදේශ විනිමය ලබාදෙන සංචාරක ආකර්ෂණය ද එයම වේ. එබැවින් සංස්කෘතික වටිනාකමක් ඇති අපේ ඓතිහාසික දේපොළ රැකගැනීමට අප මීට වඩා උනන්දුවක් දැක්විය යුතුව ඇත.   


ඉතාලිය කාර්මික රටක් වුව ද තවමත් රටේ ප‍්‍රධාන ආදායම් මාර්ග ලෙස පවතින්නේ සංචාරක ව්‍යාපාරය හා කෘෂි නිෂ්පාදන අපනයනය ය. 2016 වසර තුළ පමණක් ඉතාලියට පැමිණ ඇති විදේශික සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන පනස් හයකි. (ඉතාලියේ මුළු ජනගහණය මිලියන හැටයි දශම අටකි). මෙම සංචාරකයින් බොහෝ දෙනකුගේ ප‍්‍රධාන අරමුණ රෝම අධිරාජ්‍යයේ ශ‍්‍රී විභූතිය පෙන්නුම් කරන රට පුරා විසිර ඇති නටබුන් දැකබලා ගැනීමය. මෙම නටබුන් රටේ ප‍්‍රධාන සංචාරක ආකර්ෂණය වන බැවින්, ඒවා ආරක්ෂා කිරීමේ මෙන්ම නඩත්තුවේදී ද ඉතාලිය දක්වන්නේ නොමඳ සැලකිල්ලකි. නටබුන් රැුකගැනීම සඳහා පමණක් නොව නටබුන් සංරක්ෂණයේදී ද අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන් නීති ලෙස සම්මතව ලේඛනගත කර ඇත. සංස්කෘතික දේපොළ රැකගැනීමේදී අසමසම ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස අපට ඉතාලියෙන් උගත හැකි පාඩම් බොහෝය.

 

  


ඉතාලියේ හඳුනාගත් පෞරාණික වටිනාකමක් ඇති සියලූම ස්ථාන ලයිස්තුගතව, ගැසට් පත‍්‍රයක් මගින් ආරක්ෂා වී ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ස්ථාන හෝ සිද්ධස්ථාන ගැසට් ආඥවක් මගින් වෙන්කර ආරක්ෂා කිරීමේ ක‍්‍රමවේදයේ අඩුපාඩු බොහෝය. උදාහරණ ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත‍්‍රික්කයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන 59ක් හඳුනාගෙන ඇතුව ද ගැසට් කර ආරක්ෂක කලාප ලෙස වෙන්කර ඇත්තේ ඉන් දෙකක් පමණි. අනාරක්ෂිත කලාප හිතුවක්කාරයන්ගෙන්් විනාශවීම වැළක්වීම දුෂ්කරය.   


ඉතාලියේ පෞරාණික වටිනාකමක් ඇති නටබුන් බදාමය කුඩා කොටසක් විනාශ වී ගිය ද එය සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කළ යුතු පිළිගත් ක‍්‍රමවේදයක් ඇත. විනාශ වී යන පෞරාණික බදාමය සංරක්ෂණය කිරීමට පෙර රසායනාගාර ක‍්‍රියාවලියක් මගින් මුල් බදාමය සාදා ඇති අමුද්‍රව්‍ය හෙළිදරව් කරගත යුතුය. ඒ වට්ටෝරුව අනුවම සාදාගත් දෙවැනි බදාමයකින් තොරව සංරක්ෂණය නීත්‍යානුකූල නොවේ. මේ බදාම ස්වල්පයක් ගැන පමණි.   

 


විනාශයට පත් බදාමයක් මත චිත‍්‍ර ලෙස හෝ වෙනත් ආකාරයකින් වර්ණ පදාස තවරා ඇත්නම්, ඒ වර්ණ සංයෝගය නිවැරැුදිව හඳුනාගැනීමෙන් තොර සංරක්ෂණය නීති විරෝධී ලෙස සැලකේ. එපමණක් නොව වර්ණ ආලේපයේදී ද හෙළිදරව් කරගන්නා මුල් ක‍්‍රමවේදයට අනුවම වර්ණ ආලේපනය ද කළ යුතුය. උදාහරණ ලෙස, මයිකල් ආංජෙලෝ බිත්ති මත සිතුවම් ඇඳීමේදී බදාමය තවරා එය වියළී යාමට පෙර වර්ණ භාවිතයෙන් චිත‍්‍රය ඇඳ පසුව ගිනි උඳුන් මගින් එය වේළාගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර ඇත. ශතක පහකට පසුව අද පවා, මයිකල් ආංජෙලෝගේ චිත‍්‍ර සංරක්ෂණයේදී අනුගමන කෙරෙන්නේ එදා අනුගමනය කරන ලද ඒ ක‍්‍රමවේදයමය.   
බදාමය හෝ වර්ණ හෝ යොදාගනිමින් සංරක්ෂණය කිරීමට පෙර, ඒ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පැවැත්ම පිළිබඳව සහතිකයක් දීම සම්බන්ධව ද ක‍්‍රියා කළ යුතුය. නටබුන් සංරක්ෂණය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වසර ගණනක දේශගුණික විපර්යාස දින කීපයක් තුළ කෘතිමව මැවිය හැකි මෙවලමක් මගින් පර්යේෂණයට භාජන කිරීම සිරිතය. සංරක්ෂණයේ කාල පැවැත්ම පිළිබඳව සහතිකයක් නිකුත් කිරීමට මෙය අත්‍යවශ්‍ය වේ.   


නටබුන් මත සංරක්ෂණ කාර්යය ඇරඹීමට පෙර, උක්ත සියලූ පර්යේෂණයන්ගේ වාර්තාවන් සමග මුළු සංරක්ෂණ ක‍්‍රියාවලිය සඳහන් වාර්තාවක් ඉතාලි සංස්කෘතික දේපොළ භාර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුය. මෙම අනුමැතියෙන් තොර හිතුවක්කාර සංරක්ෂණ මැදහත්වීම් ඉතාලියේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.   

 


ඓතිහාසික කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ හිතුවක්කාර නව ඉදිකිරීම් හේතුවෙන් එහි පෞරාණිකත්වය වැනසී, දැන් ‘‘බීච් හෝටලයකට” සමාන බව කියා තිබුණේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ ය. (2016 නොවැම්බර් මස 20 වැනි ඉරිදා ලංකාදීප පුවත්පතේ හය වැනි පිටුව ‘‘අහෝ කුඩුම්බිගල ඉවරයි’’ ලිපිය. ශ‍්‍රී ලංකාවේ බොහෝ විට නටබුන් ස්ථාන භාරකාරත්වය දරන්නෝ සංරක්ෂණයේ ප‍්‍රතිසංස්කරණයේ හෝ නවීකරණයේ වෙනස පිළිබඳව අබමල් රේණුවක තරම්වත් දැනුමක් ඇත්තෝ නොවෙති. ඓතිහාසික වටිනාකමක් ඇති දේ සංරක්ෂණයේ මුවාවෙන් විනාශයට පත්වෙන්නේ ඒ නිසාය. ඓතිහාසික වටිනාකමක් ඇති නටබුන් සම්බන්ධයෙන් වැරදී යන හිතුවක්කාර සංරක්ෂණයට වගකිවයුත්තෝ දඬුවමට යටත්වෙන පරිදි නීති රීති සකස්විය යුතුය.   
ජාත්‍යන්තර ඇගයීමට ලක්වීමට තරම් සුදුසු ශිල්පීන් ශ‍්‍රී ලංකා සංරක්ෂණ ක්ෂේත‍්‍රයේ සිටින බව කියන්නේ වගකීමෙන් යුතුවය.

යුනෙස්කෝවේ ලෝක උරුමයට අයත් නටබුන් සංරක්ෂණය පිළිබඳව වගකීම දරන ඉහළම නිලධාරීන් අතලොස්ස අතර, මව්බිමේදී නිසි අගැයීමට ලක්නොවූ ශ‍්‍රී ලාංකික පුත‍්‍රයකු ද සිටී. හෙතෙම අන් කවරකුවත් නොව කොටි ත‍්‍රස්තයන් එදා ශ‍්‍රී දළදා මාළිගයට එල්ල කළ බෝම්බයෙන් වැනසී ගිය වාහල්කඩ ප‍්‍රතිනිර්මාණය කිරීමට මුල්වූ ශිල්පියාමය.   


පැරණි නටබුන් සංරක්ෂණය සඳහා යොදාගනු ලබන මෙවලම් හා රසායනාගාර ක‍්‍රියාවලිය හා අමුද්‍රව්‍ය මිල අධිකය. ශී‍්‍රි ලංකා මුදලින් නම් ඇතැම් දේ කෝටි ගණනින්ය. එහෙත් ඉතිහාසය යනු අපේ පමණක් නොව අපේ අනාගත පරපුරේ ද අයිතියකි. එබැවින් ඒවා නිරුපද්‍රිතව අනාගතය වෙත භාරදිය යුතුය. මැති ඇමැතිවරුන්ට සැප වාහන ගන්නා මුදල හා ඔවුන්ගේ පරම්පරා නඩත්තු කිරීමට වැය කරන මහජන මුදල නම් මේ සඳහා හොඳටම ප‍්‍රමාණවත්ය.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

ඉතාලියෙන් උගත යුතු පුරාවිද්‍යා නටබුන් සංරක්ෂණ කලාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site