
මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට නිරතුරු සිදුවෙන අනවසර සංක්‍රමණය මැඬලීමේ නව පියවරක් ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසකට අනුව දේශසීමාව හරහා ඉදිකිරීමට නියමිත දැවැන්ත තාප්පය සැලසුම් කිරීමේ වැඩකටයුතු ඇමෙරිකානු සමාගම් හතරකට පවරා ඇති බව ඇමෙරිකානු ආරංචිමාර්ග පවසයි.

ඇමෙරිකාවේ සැන් දියෙගෝ සිට බ්‍රවුන්ස්විල් දක්වා (මෙක්සිකානු භූමියේ ටිජුආනා සිට මටමොරොස් දක්වා) වන ඇමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව කිලෝ මීටර තුන්දහස් දෙසීයක් දිග ය. මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට අනවසර සංක්‍රමණිකයන් බහුලව ඇදී එන ඇතැම් කපොළු හරහා දැනටමත් කිලෝ මීටර දහසක පමණ කඩින් කඩ තාප්ප කොටස් ඉදිකර ඇත.
තාප්පය ඉදිකිරීමේදී පැහැර හැරිය නොහැකි කොන්දේසි අතර මීටර් නවයක් උස තාප්පය පරිසර අලංකාරයට බාධාවක් නොවිය යුතුය. උමං මාර්ග සාදා ආරක්ෂිත මායිම තරණය කළ නොහැකිවෙන පරිදි තාප්පය මීටර් දෙකක් පොළොව යටට ද ඉදිවිය යුතු ය. මොනයම් ආකාරයකින් හෝ තාප්පය තරණය කිරීම අපහසු විය යුතුය. සිදුරුකිරීම කැඩීම අපහසු වෙන අමුද්‍රව්‍යවලින් තාප්පය නිමාවිය යුතුය.
උක්ත සියලු කොන්දේසි ගරුකරමින් කිලෝ මීටර තුන්දහසක් දිග තාප්පයක් ඉදිකිරීම පහසු කටයුත්තක් නොවෙන අතර, තාප්පය ඉදිකිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කරවා ගැනීම ද ට්‍රම්ප්ට දුෂ්කර කාර්යයක් වෙනු ඇත. සමස්ථ වියදම ඩොලර් බිලියන 66 ඉක්මවනු ඇතැයි කියන මෙම තාප්පයේ මුල් අදියර සඳහා ඩොලර් මිලියන විස්සක මුදලක් දැනට පාර්ලිමේන්තුවෙන් අනුමතවී ඇතුව ද වැඩි මුදලක් වෙන්කිරීම සෙනෙට් සභාව විසින් කල් දමමින් ඇත. හාර්වේ කුණාටුවෙන් සිදුවූ අලාභහානි වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වෙන්කර ඇති ආධාර මුදල ඇමෙරිකා මෙක්සිකෝ තාප්පය වෙනුවෙන් යොදාගැනීම කෙරෙහි ට්‍රම්ප්ගේ අදහසට රට තුළ එතරම් ප්‍රසාදයක් නැත.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
2025 නොවැම්බර් මස 21
174
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇමෙරිකා මෙක්සිකෝ දේශ සීමා තාප්පයට ෙඩාලර් බිලියන 66 ක්