IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඇත්තටම ගිරා බෙනයට රිළව් රිංගලාද

 

ලෝකයේ බොහෝ ප‍්‍රසිද්ධ ක්‍රීඩාවන්ට මුල් තැනක් හිමි ප‍්‍රංශය ක්‍රිකට් ක්‍රීඩාව හඳුනන්නේ නැත. එබැවින් ප‍්‍රංශයේදී ක‍්‍රිකට් ගැන කතාවක් තියා ලෝකයේ සුප‍්‍රසිද්ධ ක‍්‍රිඩා සඟරා හා පුවත් පත් අතර ඉදිරියෙන්ම සිටින ප‍්‍රංශයේ මුද්‍රිත ‘‘ලෙ එකිප්” ක‍්‍රීඩා පුවත් පත හෝ කෙදිනකවත් ක්‍රිකට් ක‍්‍රීඩාව ගැන සඳහනක් යොදනවා දශක තුනකට ආසන්නව ප‍්‍රංශයේ ජීවත් වෙන මටද දැක ගැනීමට නොලැබුණි. ක‍්‍රිකට් ක්‍රීඩාවට ප‍්‍රංශය තුළ ඇත්තේ එවැනි පිළිගැනීමකි.   


එවැනි පරිසරයක ප‍්‍රංශයට ක‍්‍රිකට් හඳුනා දීමට මුල් වූයේ ශ්‍රී ලාංකිකයෝ යැයි හැඳින්වීම අතිශෝක්තියක් නොවන්නේය. මීට දශක තුනකට පමණ පෙර සිට ප‍්‍රංශයට පැමිණි ලාංකිකයෝ ක‍්‍රිකට් ක්‍රීඩාව ඇරඹීමට කටයුතු කළෝය. ඒ අනුව ආරම්භයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් කිහිපයකින් ක‍්‍රිකට් ශූරතා තරඟාවලියක් ආරම්භ කළ අතර මේ වන විට ශ්‍රී ලාංකික, ඉන්දියානු, පාකිස්ථානු, බංගලාදේශය ආදී රටවල ක‍්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිස් විසින් ගොඩනැගූ කණ්ඩායම් කිහිපයක් ක‍්‍රිකට් ක්‍රීඩාව ප‍්‍රංශය තුළ ප‍්‍රචලිත කිරීමේ මෙහෙවරක යෙදෙමින් සිටී.  

 


යුරෝපයට ගිම්හානය ළඟා වෙත්ම ඉහත ජාතිකයන්ට අයත් කණ්ඩායම් ක‍්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙති. මෙවැනි පරිසරයක ලෝක ශූරතාව හිමි කරගත් ශ්‍රී ලාංකික සුප‍්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහභාගිවූ පැරීසියේ ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ සය සමාජික ක‍්‍රිකට් තරඟාවලියක් පසුගියදා පැරීසියට නුදුරින් පිහිටි බගතලේ ක්‍රීඩාංගණයේදී ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූයේය. දහසක් කැමරා කාච ඉදිරියේ අරවින්ද පෙනී සිටියේය. අරවින්ද ක්‍රිකට් ගැසුවේය. අරවින්ද කුසලාන බෙදා දුන්නේය. උත්සවය අවසන් වූවා පමණය මහා ධාරානිපාත වැස්සක් පැරීසියට ඇද හැළුනේය. මහා ගිගිරුම් හඬින් පිරි තද වැස්ස පැයකටත් වඩා පැවැතියේය. ක‍්‍රිකට් ආපනශාලාවේ විකිණීමට සබන් කැට නොතිබුණේය. එබැවින් සබන් නොගා නා ගත් ක්‍රිකට් ලෝලියෝ නිවෙස් කරා ගියෝය. අරවින්ද වටකර ගත් කුඩ හමුදාවක් අරවින්දව නිරූපද්‍රිතව වාහනයට නංවා පිටත් කළේය. මහා වැස්සට පෙර ක්‍රීඩාංගණය වෙලාගත් හිරු රශ්මියට සැඟවී තුරුලතා තුළදී අරවින්ද සමඟ ඉන්දීය සාගරයේ මුතු ඇටය තුළ ඇති ක‍්‍රිකට් ගැන කතා කළේය.  


ප‍්‍රශ්නය: ප‍්‍රංශය යනු ක‍්‍රිකට් ක්‍රීඩාවට එතරම් විශේෂත්වක් නොදක්වන එම ක්‍රීඩාවට ජනප‍්‍රිය රටක් නොවේ. එසේ නමුදු පැරීසියේ ශ්‍රී ලාංකිකයෝ දශක තුනක පමණ සිට ක්‍රිකට් ක‍්‍රීඩාව ප‍්‍රංශය තුළ ප‍්‍රචලිත කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදු කරමින් සිටී. ඔබ සහභාගි වෙන මෙම ක‍්‍රිකට් ශූරතාවය එහි එක් ප‍්‍රථිපලයක් ලෙස හැදින්වීමද අතිශෝක්තියක් නොවේ. ඒ ගැන ඔබගේ විස්තර කිරීම කුමක්ද?   
පිළිතුර:
ශ්‍රී ලංකාවෙත් ක‍්‍රිකට් ආරම්භ කරන විට මේ වගේ තමයි. නමුත් එම ක්‍රීඩාවට ආදරය කරන පිරිස බොහෝම කැපවීමෙන් ක‍්‍රියා කරපු නිසා අපටත් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීමටත් ඒ නිසාම ලෝක කුසලානය ජය ගැනීම දක්වාත් පැමිණීමට හැකිවුණා. මම පසුගිය අවුරුද්දේ මේ වගේම ජර්මනියේ පැවැත්වූ ක්‍රිකට් ක්‍රීඩා තරඟ මාලාවකට සහභාගි වුණා. ඉන්දියාව, පාකිස්ථානය, ලංකාව වගේ රටවල පිරිස එම තරඟවලට සහභාගි වුණා. ඇත්තටම එය හොඳ දෙයක්. රටවල් වශයෙනුත්, ආගම් කුල මල භේදවලින් තොරව අපට එසේ එකතුවී ක‍්‍රීඩා කිරීමට හැකිවීමත් අගය කළ යුතු හා වියයුතු දෙයක්. ඒ ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම අද ප‍්‍රංශයේ පැවැති මෙම ක‍්‍රිකට් ක්‍රීඩා මාලාවත් එවැනිම අවස්ථාවක්. එයට සහභාගි වීමට ලැබීම ගැනද මම සතුටු වෙනවා. ලෝක ක‍්‍රිකට් සංගමයත් එවැනි උත්සහායන් ගනිමින් සිටීම සතුටට කරුණක්. එම නිසා ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ ක‍්‍රිකට් ක්‍රීඩාව මෙම රටේ ප‍්‍රචලිත කිරීමට ගන්නා උත්සාහය ගැන මම අතිශයින්ම සතුටු වෙන අතරම එය සාර්ථක වේවායි පතනවා.  

 


ප‍්‍රශ්නය: ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ පළපුරුදු විශාල අත්දැකීම් සම්භාරයක් හිමි ක‍්‍රිකට් ක්‍රීඩාවේ ලෝක ශූරයෙක්. 1996 දී ශ්‍රී ලංකාව ලෝක ශූරතාවය ජය ගත් තරඟ මාලාවේ පැවැති ඉන්දියාව සමග අවසන් පූර්ව තරඟයේ ඔබ විසින් දැක්වූ දස්කම් අදටත් අපේ මතකය තුළ රැඳී ඇත්තේය. එදා ඔබගේ දස්කම් ශ්‍රී ලංකාව ලෝක ශූරයන් කිරීමට ඉවහල්වූ බව ක්‍රීඩා ලෝලීයෝ දනිති. එවැනි අත්දැකීම් ඇති ඔබ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන කරන තක්සේරුව කුමක්ද?   

පිළිතුර: ඇත්තටම අද අපිට ඉතාමත්ම තරුණ ක්‍රීඩකයෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දෙකකින් එළැඹෙන ඊළඟ ලෝක ශූරතාව ඉලක්ක කොට අපේ ක‍්‍රිකට් තේරීම් කමිටුව ක‍්‍රියා කළොත්; අපට ලෝක ශූරතාව ජය ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙන්න පුළුවන්. ඒ සඳහා දැන් සිටම සැලසුම් කළයුතු වෙනවා. ඒ වගකීම තේරීම් කමිටුව සතුයි. එය නිවැරැදි ලෙස සිදුවේවී යැයි මම සිතනවා.  


ප‍්‍රශ්නය: අරවින්ද ඔබ ක‍්‍රිකට් ක්‍රීඩාවට බොහෝම ආදරය කරන ක්‍රීඩකයෙක් මෙන්ම අවංක පරිපාලකයෙක්. එසේ වුවද අද ඔබ ක‍්‍රිකට් පරිපාලනයේ නොමැති නිදහස් පුද්ගලයෙක්. එහෙම වුණේ ඇයි?   
පිළිතුර:
ඔබ කිව් පරිදි මම ක‍්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරු දරපු කෙනෙක්. එකක් මගේ අනෙකුත් බාහිර වැඩ කටයුතු නිසා අවිවේකි බවක් ඇතිවී තිබෙනවා. අනෙක අපි තේරීම් කමිටුව නියෝජනය කරමින් පැය හතර පහ සාකච්ඡා කොට ගන්නා තීරණ වෙන තැන් වලින් වෙනස් වෙනවා. එහෙම වෙන කොට තවදුරටත් එවැනි තැන්වල රැඳී ඉන්න එකේ තේරුමක් නැහැ කියන සිතුවිල්ල සිතට ඇතුල් වෙනවා. එසේ වුවද කළ හැකි හැම උපකාරයක්ම ක‍්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිරීමට මම පසුබට වෙන්නේ නැහැ. එයද ව්‍යාකූල නොවුණු සුදුසු පරිසරයක සිදුවිය යුත්තක්. එසේ වුවොත් අපගේ අත්දැකීම්, අපගේ සහය තවදුරටත් ලබා දෙන්න මම ඕනෑම වෙලාවක සූදාානම්.


ප‍්‍රශ්නය: ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ හා එහි පරිපාලනයේ සිටි නිර්භීත කෙළින් කතා කරන දක්ෂ පරිපාලකයෙක් බව මහජනයා සලකනවා. අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ විවිධ දූෂණ, වංචා ගැන මාධ්‍ය තුළින් දැන ගැනීමට ලැබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ දූෂිතම ආයතනයක් ලෙස ප‍්‍රසිද්ධවී සිටිනවා. ගිරව් ඉන්න බෙනයකට රිලව් රිංගාගෙන ඉන්න කතාවක් මාලිංග පසුගිය දිනක මාධ්‍යට කළ ප‍්‍රකාශයක සඳහන් වෙනවා. එවැනි පරිසරයක ක.
ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ඔබගේ විග‍්‍රහය කුමක්ද?   
පිළිතුර:
දූෂණ ගැන කතා කරනවට වඩා, එක පරමාර්ථයක්, එක ඉලක්කයක් කරා යන ගමනකට අවශ්‍ය නිවැරැදි තීන්දු තීරණ ගැනීමේ හොඳ නායකත්වයක් අවශ්‍යයයි. වර්තමාන ඇමැතිතුමා ඉහත කරුණ සම්බන්ධවත්, ක්‍රීඩාව දියුණු කිරීමටත් හැකි උපරිම උත්සාහයක් ගන්න බව පේන්න තිබෙනවා. නමුත් එක පරමාර්ථයක් කරා සැලසුම් සහගතව හොඳ නායකත්වයකින් එම ගමන යායුතුයි. සමස්ථයක් ලෙස අද රටේත් එවැනි සැලසුම් සහිතව ඉදිරියට යන ගමනක සලකුණු දකින්න ලැබීම හරි අඩුයි. එහෙම වුණාම හැම දෙයක්ම අවුල් ජාලාවක් බවට පත්වීම නොවැළැක්විය හැකි වෙනවා. එය දැන් හැම ක්‍ෂේත‍්‍රයකම දකින්න ලැබෙනවා. එය කණ්ඩායමකට වගේම රටක් ලෙසත් ඉතාමත්ම තදබල ලෙස බලපානවා. මාලිංග කිව් ගිරව් කථාව ගැන ඔහු මුණගැසුණු අවස්ථාවක මම ඔහුගෙන් විමසුවා. එය එක එල්ලේ කෙනෙකුට කියපු කථාවක් නොවන බවද ඔහු කීවා. අනෙක වෙනත් උත්සවයකදී ඔහු එම ප‍්‍රකාශය කරළා තියෙන්නේ. ඒ දිනවල තුවාල සිදුවූ ක්‍රීඩකයන් හිටියා. වෙනත් ආබාධ ඇතිවූ ක්‍රීඩකයන් නිසා කණ්ඩායම ටිකක් දුර්වල වුණා. මෙම සියලු තත්ත්වයන් හේතු කොට මාලිංගට එවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදුවූවා යැයි මම සිතනවා. කෙසේ නමුත් ගිරව් ඉන්න බෙන වලට රිලව් ඇතුල් වෙන්න හදනවා නම් අප සියල්ලෝම එය නැවැත්විය යුතුයි නේද?  


ප‍්‍රශ්නය: ඇත්තටම අරවින්ද ක‍්‍රිකට් බෙනයට රිලව් රිංගලාද?   
පිළිතුර:
අරවින්ද සිනාහවේ.  


ප‍්‍රශ්නය: මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, සුුනිල් වෙත්තමුනි, සිදත් වෙත්තමුනි, රන්ජන් මඩුගල්ලෙ, දුලිප් මෙන්ඩිස්, බන්දුල වර්ණපුර, අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, සංගක්කාර වැනි ශූරයන් බිහි කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් වලට දැන් මොකද වෙලා තියෙන්නේ? එයට වගකිවයුත්තේ කවුද?   
පිළිතුර:
ක‍්‍රිකට් ක්‍රීඩාව සඳහා දක්ෂයන් බඳවා ගැනීමට කොකාකෝලා සමාගම සමග පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කළා. එහිදී අපට දැක ගන්න ලැබුණා අපට ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම ඉන්න බව. කළමනාකරණය පැත්ත කෙසේ වෙතත් ක්‍රීඩාව පැත්තෙන් දේශපාලන අත පෙවීම් නොමැතිව ඒ කටයුතු කිරීමට හැකි වුවොත් ක‍්‍රිකට් ක්‍රීඩාව රැකගෙන ඉහළ තත්ත්වයකට එන්න පහසුවෙන්ම අපට පුළුවන්. එම නිසා දේශපාලන න්‍යාය පත‍්‍රයන් නොමැති ක‍්‍රිකට් පරිපාලනයක් ඇතිවුණොත් අපට ක‍්‍රිකට් රැකගෙන ඉදිරි ලෝක ශූරතාවයන් ජය ගැනීමට හැකිවේවි යැයි මම සිතනවා.  


සුනිල් ආනන්ද   
පැරීසියේ සිට.  



අදහස් (0)

ඇත්තටම ගිරා බෙනයට රිළව් රිංගලාද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 58 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site