IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරණීය සංගීතේ 23 දා සයිප්‍රසයේදී

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් 2020 නව වසරේ ප්‍රථම සංගීත ප්‍රසංගය ලෙස ද සයිප්‍රස් රාඡ්‍යයේ වෙසෙන සංගීත ලෝලි ශ්‍රී ලාංකිකයින්ගේ විනෝදාස්වාදය උදෙසාද පැවැත්වීමට නියමිත මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ මහේෂ් මදුසංක (විසිට්) මංගල ප්‍රදිප් සහ නලින් යන අයයි. 


මෙම ප්‍රාසාංගික වේදිකාව හැඩ ගන්වන්නට ගායන ශිල්පීන් ලෙස සහභාගි වෙන්නේ දෙරණ සුපර්ස්ටාර් වේදිකාව අමන්දානන්දයට පත් කළ දිවයිනේ දක්ෂතම හා ජනප්‍රිය යොවුන් පරපුරේ ගායකයකු වන “සංගීතේ” ටෙලි නාටකයේ සිහින තරුව ලවන් අභිෂේක්ය. ඒ සමගින් රටම හඳුනන තියුණු හඬ යොවුන් ගායක ශිල්පි විරාජ් පෙරේරා ද “ආදරණිය සංගීතේ” ගී ගයයි. 


මෙම ප්‍රසංගයට සංගීතය සපයනු ලබන්නේ තාරක සඳරුවන් ප්‍රමුඛ සයිප්‍රස් සී ශයින් සංගීත කණ්ඩායමයි. කථනය සහ නිවේදන කටයුතු සිදු කරනු ලබන්නේ සයිප්‍රසයේ ප්‍රවීණ නිවේදක ශිල්පි ප්‍රසාද් බණ්ඩාර මහතායි. ශබ්ද පරිපාලනය දුලාන් චාමරයි සාදර අනුග්‍රහය කීප්‍රෝ ලංකා. 


2020 පෙබරවාරි මස 23 වැනි ඉරු දින දහවල් 12 සිට නිකෝසියා ලචිචා හි මෙටිට්‍රොපොලිටන් ශාලාවෙහිදී (සුපර් හෝමි සෙන්ටර් අසල) පැවැත්වේ.


විමලා යාපා, නිකෝසියා, සයිප්‍රස්. 



අදහස් (0)

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ආදරණීය සංගීතේ 23 දා සයිප්‍රසයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site