IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආගම ඇදහීම තහනම් කළ කාලයේ ඉදිවූ යටිබිම්ගත රෝම කතෝලික නගරය මතුවෙයි

භූගත නගරයේ දොර අරින්න වතිකානය සූදානම්

 

 

කතෝලික සභාව රෝමානු කතෝලික සභාව ය. පල්ලිය රෝමානු කතෝලික පල්ලිය ය. පල්ලිය ආශ්‍රිත පාසල එවකට රෝමානු කතෝලික පිරිමි පාසල හෝ රෝමානු කතෝලික ගැහැනු පාසල ය. රෝමානු යන මෙම නාම විශේෂණය දුටු පමණින් කෙනකුට හැඟී යන්නේ රෝමානුවන්ගෙන් කතෝලික ආගම පැවැත එන බවකි. නැත්නම් කතෝලික ආගමේ ආරක්ෂකයෝ රෝමානුවෝ බව ය. එහෙත් පස්වැනි සියවස වනතුරු රෝම අධිරාජ්‍යයෝ කතෝලික විරෝධීන් වූහ. ජේසු කුරුසයේ ඇණ ගසා මරා දමන ලද්දේ රෝමවරුන් විසින් ය. ජේසුගේ අගසව් පේදුරුතුමා කුරුසයේ හිස බිමට හරවා අැණ ගසා මරාදැම්මෝ රෝමානුවෝ ම ය. ජේසුගේ තවත් ගෝලයකු වූ පාවුළුතුමා හිස ගසා මරා දැම්මේ ද මේ රෝමයන් විසින් ම ය. ක්‍රි.ව. මුල් සියවස්වලදී රෝම අධිරාජ්‍යවරුන් විසින් කතෝලික ආගම ඇදහීම ජනතාවට මුළුමනින් ම තහනම් කර තිබුණි. කතෝලික ආගම ඇදහීම එවකට මරණීය දණ්ඩනයට යටත් කෙරෙන වරදක් විය. 


තහනම යටතේ වුව ද රෝම ජනතාව කතෝලික ආගම ඇදහීමෙන් වළකාලීමට අධිරාජ්‍යයාට නොහැකි විය. පස්වැනි සියවසේ කොන්ස්තන්තීනු රෝම අධිරාජ්‍යයා විසින් කතෝලික ආගම ඇදහීමේ තහනම ඉවත් කරන තුරු, ජනතාව ආගම ඇදැහූවේ රහසිගතව ය. මේ සඳහා රහස් කුටි භූගතව තනාගත්හ. රහස හෙළිවූ තැන සිය ගණනින් අධිරාජ්‍යයාගේ අනින් මැරුම් කෑහ. මෙසේ මැරුම් කෑවෝ ප්‍රාණ පරිත්‍යාගීන් සේ සලකා කතෝලිකයන් විසින් ම භූගතව මිහිදන් කළහ. මොවුන් වෙනුවෙන් පල්ලි ද භූගතව ම තැනුණි. ඒවා ආගමික චිත්‍රයෙන් සැරසිණි. මළවුන්ගේ විස්තර සහ ගුණ බිත්තිවල ලියන ලදී. වත්පොහොසත් ජනතාව තම පවුලේ සොහොන් භූගතව පවත්වාගෙන ගියහ. එම සොහොන් ගෙවල් චිත්‍රයෙන් අලංකාර කෙරුණි. මළවුන් සමඟම ඔවුන් විසින් ප්‍රියකරන ලද ආභරණ මෙන්ම වෙනත් භාණ්ඩ ද සොහොන් ගෙය තුළ තැන්පත් කෙරුණි. 


පස්වැනි සියවසේ ආගමික නිදහස ලැබීමත් සමඟම කතෝලිකයන් විසින් පවත්වාගෙන යන ලද මෙම භූගත සොහොන් පිටි සහ පල්ලි ද භාවිතය මඳින් මඳ මගහැරී ගියේය. ශත වර්ෂ ගණනකට පසුව යළි මෙම භූගත රෝමය සොයා ගැණුනේ දහනව වැනි සියවස මැද භාගයේ ය. 


වර්තමාන රෝම නගරය යට, උක්ත පැරැණි භූගත රෝමය සැතපුම් සිය ගණනකැයි කියති. මෙම භූගත මුළු ප්‍රදේශයම තවමත් මුළුමනින්ම ගවේෂණය කර නැත. පුරාවිද්‍යාත්මක කැණිම්වලදී ද උමං දුම්රිය මාර්ග තැනීම සඳහා කරනු ලබන කැණීම්වලදී ද තවමත් මෙම භූගත රෝමයේ නටබුන් සොයා ගැනේ. දැනට සොයා ගෙන ඇති භූගත සෙහොන් බිම් ප්‍රමාණය හැටකට මඳක් වැඩිය. පල්ලි සහ බැසිලිකා සංඛ්‍යාව ද විශාලය. මේ සියල්ල චිත්‍රයෙන් අලංකෘත ය. කාලයාගේ ඇවෑමෙන් ඇතැම් තැනක පස කඩාවැටී මේ විභූතිය වැළලී ගොසින් ය. තවත් තැනක මතුපිට, පසුකාලීනව දැවැන්ත ගොඩනැගිලි ඉදිවී ඇත. එම භූගත ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස සලකා ඇතුළු වීම තහනම් කර ඇත. 


මෙතෙක් සොයා ගන්නා ලද භූගත රෝමයේ වැඩි ප්‍රමාණයක් ඉතාලි සංස්කෘතික දේපොළ භාර අමාත්‍යාංශය විසින් සංරක්ෂණය කර සංචාරකයාට දැක ගැනීම සඳහා කටයුතු පිළියෙල කර ඇත. වතිකානයේ මැදහත්වීමෙන් මුල් වරට ඔක්තෝබර් මස දහතුන් වැනිදා දවස පුරා මෙම භූගත රෝමය සංචාරකයාට නොමිලේ දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය. සෑම මසකම එක් ඉරිදාවක මෙම භූගත නටබුන් නොමිලේ නැරැඹීමේ අවස්ථාව ජනතාවට ලබාදීමට වතිකානය මේ දිනවල ඉතාලි සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාශය සමඟ සාකච්ඡා කරමින් සිටී. 


පෞරාණික භූගත රෝමයේ අසිරිය ඡායාරූපවලින් දැක්වේ. 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

ආගම ඇදහීම තහනම් කළ කාලයේ ඉදිවූ යටිබිම්ගත රෝම කතෝලික නගරය මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site