
සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරන ලද නිදහස් සැමරීමේ උත්සව පසුගිය සිකුරාදා දමාම් අල් කොබාර් ගෝල්ඩන් ටියුලිප් හෝටල් සංකීර්ණයේ උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ එදින පැවති තානාපති ජංගම සේවාවට සමගාමීවය.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සැමරීමේ උත්සවය සඳහා රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සහභාගි වූහ. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ධජය එසැවීමෙන් අනතුරුව චිරාගත පොල්තෙල් පහන තානාපති නිලධාරීන් සහ සංසදයේ නිලධාරීන් විසින් දැල්වීමෙන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නිදහස් පණිවුඩය තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් කියවන ලදී. නිදහස් සැමරුම් උත්සවයෙන් අනතුරුව ජංගම සේවාවේ වැඩ කටයුතු ආරම්භ විය.
ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබිය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.