ගැඹුරු තෙලේ බදින ආහාර වලට තෙල් උරා ගැනීම අවම කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටියි.
මෙම පර්යේෂණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂක රුමේෂ් ලියනගේ මහතා පවසන්නේ මස්, මාළු, අලපෙති වැනි ගැඹුරු තෙලේ බැදගන්නා ඕනෑම ආහාරයක් සෙවෙල ගතියෙන් යුත් ද්‍රාවණයක තවරා බැදගැනීමෙන් ආහාරයට උරා ගන්නා තෙල් ප්‍රමාණය සියයට 30කින් අඩු කර ගත හැකිබවයි. සෙවෙල ද්‍රාවණය සඳහා දවුල් කුරුඳු කොළ යුෂ හෝ බණ්ඩක්කා යුෂ යොදා ගත හැකි බව ඔහු පවසයි. තෙල් හොඳින් රත් වූ පසු ආහාරය බැද ගැනීමෙන් වඩා සාර්ථික ප්‍රතිළුල ලබාගත හැකි බව ද රුමේෂ් ලියනගේ මහතා පවසයි.
තෙල් අඩුවෙන් උරා ගැනීම නිසා සිරුරට ඇතුළු වන තෙල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය ඉහළ යෑම අඩුවීම මෙමගින් සිදු වේ
ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. බී. නවරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම පර්යේෂණය සිදු කර ඇත.
COMMENTS
පැරණි ක්‍රම අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන්ගේ අත්හදා බැලීම් වලින් සනාථ වූ මනුෂ්‍යයා සඳහා යෝග්‍ය යැයි පිළිගතහැකි ක්‍රමවේදයකි. නවීන විද්‍යාව බිහිවුණේද එසේමය. වෙනසකට ඇත්තේ විද්‍යාත්මක ක්‍රම සහ උපකරණ මඟින් කාලය අඩුකරගැනීම සහ නිවැරදිතාවය ලබාගැනීමයි. (නි)
කෝන් ෆ්ලවර් නමින් හඳුන් වන කෝන් පිටි වල දවටා තෙලෙන් බැද්දොත් මේ ප්‍රතිපලයම ලැබෙනවාද..?කෝන් පිටි වතුරේ දිය කලාම ඇලෙන සුළුයි. (ර)
30% හරි තෙල් අඩුවෙන එක හොඳයි නේද ? (ර)
ඉතා හොඳ සොයාගැනීමක්. බිත්තර ද්‍රාවණය, පාන් පිටි ද්‍රාවණය වගේ දේවලිනුත් ආහාර වලට උරාගන්නා තෙල් ප්‍රමාණය අඩුවීමක් දකින්නට තිබේද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙනුමැනවි. පිටරටක ජීවත්වෙන අපට දවුල් කුරුඳු කොළ සොයාගැනීම සිහිනයක් පමණි. (නි)
ගැඹුරු තෙල හොදින් නටවා බිත්තර සාරු දවටා බැදගන්න.තෙල් උරාගන්නේ ඉතා අඩුවෙන් (හේ)
දවුල් කුරුදු කොළ, බණ්ඩක්කා යුෂ යොදා කෑම ජාති බදින්නේ කොහොමද. වෙනත් ලෙහෙසි ක්‍රමයක් තිබුනොත් හොඳයි. කොහොම නමුත් සුබ පතනවා අලුත් සොයාගැනීම් වලට. (නි)
මෙවන් සොයාගැනීම් කොපමණ තිබුණත් මේවා මිනිස්සු අනුගමනය නොකරන එක ගැනයි දුක (නි)
මේක අලුත් දෙයක් නොවෙයි අපේ අච්ච්ලිලා ඉස්සර කරපු දෙයක් , දවල් කුරුදු හකුරු හදන්න රා උනුකරන්නත් පවිච්හි කලා (අ)
අපේ පැරැන්නෝ මේවා කළා හැබැයි විද්‍යාත්මකව දන්නේ නැහැ කියල අපේ පැරණි මිනිසුන්ට කියන කතාවනම් මම අනුමත කරන්නේ නැහැ , මොකද අපේ පැරැන්නෝ යමක් කලේ තේරුමක් ඇතුව හිඳින් අද්‍යනය කරලා පරීක්ෂණ සමික්ෂණ කර කරුමේ කියන්නේ ඊළඟ පරම්පරාව මේ තාක්ෂණික ක්‍රම වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තේ නැහැ , එයාල හිතුවේ අනේ මේ වයසක මිනිස්සු මොනවද දන්නේ ? (ම)
මේක පැරණි ක්‍රමයක්. අපේ පැරැන්නෝ ආස්මී හදන්න දවුල් කුරුඳු යොදාගත්තා. අදත් එලෙසම කරනවා. එහෙත් විද්‍යාත්මකව දැනගෙන හිටියේ නැහැ (නි)
තුෂාරි, රට ඉන්න ඔයාලට දවුල් කුරුඳු හොයාගන්න බැරිවුණාට ඕනෑතරම් බණ්ඩක්කා තියෙනවානේ. වදමල් යුෂත් ඒ වගේම බරකොකු යුෂත් මේ වැඩේට හොඳයි (නි)
ලාංකීය බුද්ධිමතුන්ගේ මේ නව සොයාගැනීම ඉතා ඉහලින් අගයකරමි, එම බුද්ධිමතුන්ට ජයවේවා ! (ර)
හොඳ සොයාගැනීමක්. නමුත් දැන් තියනවා 'එයාර් ෆ්‍රයර්' කියලා එකක්. විදුලියෙන් ක්‍රියාකරන්නේ. ඕනෑම බැදුමක් කරගන්න පුළුවන් තෙල් බිදක්වත් දාන්නේ නැතුව. තෙල් වලින් බැද්දා වගේ තමා. නමුත් මෙය ටිකක් මිල වැඩියි. දුප්පත් කෙනෙකුට ගන්න අමාරුයි (නි)
ඔබගේ තොරතුරු මට එවන්න. මම ඉන්න රටට ඔබගේ සේවය අවශ්‍යව තිබේ (නි)
දවුල් කුරුඳු කොළ ඉස්ම යොදා තෙලෙන් බැදීමෙන් හදන ආස්මී කනකොට, කැවුම් සහ වඩේ වල තරම් තෙල් ගතියක් නොදැනෙන්නේ මේ හේතුව නිසාද? (නි)
ඔබට දෙවියන්ගේ ආශිර්වාදය!
'එයාර් ෆ්‍රයර්' තමයි හොඳ. ඒක යූ.එස්. ඩොලර් 100 ක් විතර වෙනවා. නමුත් තෙල්වලට වියදමක් නැහැ. හදන කෑම ඇඟටත් හොඳයි. (නි)
දවුල් කුරුඳු වෙනුවට බණ්ඩක්කා ශ්‍රාවයද ඉතා අගනේය. ඒ වගේම "රයිස් ඔයිල්" වලින්ද එක වරක් පමණක් භාවිතයෙන් කොලස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගත හැක. ඉහත කියූ " එයා ෆ්රයර්" එකත් ඉතා හොඳ සොයා ගැනීමක්ය. එහෙත් තෙල් නොමැති වුණාම රසයේ වෙනසක්ද අපිට දැනෙනවා. (නි)
මේක මැනුවල්.ඔටෝ ඉලෙක්ට්‍රික් කියලා දෙකක් තියෙනවනේ. ඒකෙන් කෝකද හොද. මේකෙ වටීනාකම කීයක්ද