වර්තමානයේ සර්පයන්ට පාද නැතත් අදින් වසර කෝටි 11.3ට පෙර මිහිමත විසූ සර්පයන්ට පාද හතරක් තිබූ බව බ්‍රසීලයෙන් හමුවූ පොසිලයක් පරීක්ෂාකළ විද්‍යාඥයෝ කියති.
එය මෙතෙක් ලෝකයේ හමුවූ මේ වර්ගයේ එකම ෆොසිලයයි. එහි කකුල් හතර පැහැදිලිවම දක්නට ලැබීම විශේෂත්වයකි. එම ෆොසිලය හමුවීමට පෙර පසුපස ගාත්‍රා සහිත ෆොසිල කිහිපයක් කලින් හමුවී ඇතත් ඒවායේ ඉදිරි ගාත්‍රා දක්නට ලැබුණේ නැත.
විද්‍යාඥයන් පවසන්නේ මේ ෆොසිලය නාගයාගේ සැබෑ පූර්වජයා බවයි. පාද හතරක් සහිත අතීත සර්පයන්ගේ ගාත්‍රා හතරම ගමන් කිරීමට නොව ගොදුරු අල්ලා ගැනීමට යොදා ගන්නට ඇති බව ද විද්‍යාඥයෝ කියති. එමෙන් ම ඔවුන් පිහිනීමට හැකියාවක් නොදැක්වූ බව ද පර්යේෂණවලින් හෙළිවී ඇත. වලිගය පිහිනීමට හැකියාවක් ඇති ලෙස හැඩගැසී නැති බවත් වරල් නොතිබූ බවත් ෆොසිල පරීක්ෂාවේ දී තහවුරු වී ඇත.
මේ සත්ත්වයාගේ දිගු බඳ කොටස හා කෙටි හොම්බ දර්ශීය බෙන හාරන්නකුගේ හැඩය ගෙන ඇති බැවින් විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ ඔවුන් ගුල් හාරමින් පොළොවේ ජීවත් වූ බව විශ්වාස කළ හැකි බවයි.
ගොඩබිම සිටින සර්පයන්ගේ පූර්වජයා අතීත මුහුදු උරගයන්ගෙන් පැවත ආ කොටසක් යැයි පාෂාණිභූත විද්‍යාඥයන්ගේ මතයක් විය. දැන් ඒ මතය බැහැරවන බව පර්යේෂකයෝ කියති. මේ ෆොසිලය අනුව පෙනී යන්නේ සර්පයන්ගේ අතීත පූර්වජයා ජලයේ ජීවත් වූ සත්ත්ව විශේෂයක් නොවන බවයි.
හමුවූ මේ ෆොසිලය සෙන්ටිමීට 19.5ක් දිගැතිය. ටෙට්‍රාෆොඩොප්ස් ඇම්ප්ලෙක්ටස්ගේ අත් කකුල් සෙන්ටි මිටර හතරක් හා හතක් දිගුය. බොහෝ විට මොවුන්ගේ පාද සංසර්ග ක්‍රියාවලියට උදව්වන්නට ඇති බව ද විද්‍යාඥයෝ විශ්වාස කරති.
මේ ෆොසිලය සොයාගෙන දශක ගණනාවක් එය ජර්මනියේ සොල්න්හෝෆන් කෞතුකාගාරයේ පුද්ගලික ෆොසිල එකතුවක පසෙක දමා තිබී ඇත. එය වර්ගකැර තිබුණේ හඳුනානොගත් සත්ත්ව විශේෂයක ෆොසිලයක් ලෙසිනි.
පසුගිය දා මේ ෆොසිලය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ අචාර්ය ඩේව් මාටිල් පවසන්නේ තම සිසුන් කිහිප දෙනකු සමග කෞතුකාගාරය නැරඹීමට ගිය අවස්ථාවේ නූලක් වැනි මේ ෆොසිලය දැක මහත් පුදුමයට පත්ව කතා කරගැනීමට පවා නොහැකිවූ බවයි.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.