සුනාමි, සුළි කුණාටු සහ මුහුදු ජලමට්ටම ඉහළයෑම වැනි ස්වාභාවික ව්‍යසන හේතුවෙන් වෙරළාසන්න ප‍්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානම අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය ජනක විජේතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරයි.
සාගර ඉංජිනේරු විද්‍යාව, ගණිතමය ආකෘති සහ පරිගණක තාක්‍ෂණය උපයෝගී කරගෙන අවදානම් විශ්ලේෂණය සහ අධ්‍යයනය කිරීම් සිදුකෙරෙන අතර මුහුදු ජලමට්ටම ඉහළයෑම නිසා ජලයෙන් යටවිය හැකි වෙරළබඩ ප‍්‍රදේශ හඳුනාගැනීම, අවදානම් ඇතිවිය හැකි කාල පරාස සහ එම සම්භාවිතා නිර්ණය කිරීම පර්යේෂණයට අයත්ය.
පර්යේෂණය මගින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඉතා වැදගත් දත්ත ලබාගැනීමට හැකි බවත් කියති. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගිනි.
‘මෙම ව්‍යාපෘතියේදී මුහුද ගොඩගැලීමේ අවදානම අපි ඉතා නිවැරැදි ලෙස අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. සුනාමි, සුළි කුණාටු සහ මුහුදු මට්ටමේ ඉහළ යෑම නිසා සිදුවන ස්වාභාවික උවදුරු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගතහොත් ජීවිත හානි සහ දේපළ විනාශය අවම කිරීමටත් උපාය මාර්ග සැකසීමට හා පෙර සූදානමටත් අත්වැලක් වෙනවා. උදාහරණයක් ලෙස පැයට කිලෝමීටර 200 ක වේගයකින් දරුණු සුළි සුළඟක් හමා ගියහොත් රටතුළට කඩා වැදිය හැකි මුහුදු ජල කඳේ උස මට්ටම කොපමණද යන්න අපට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම සුනාමි තත්ත්ව සම්බන්ධ වැදගත් තොරතුරු ලබාගැනීමටත් හැකියාව තියෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් සැකසෙන දත්ත සහ සිතියම් මගින් උවදුරු නිසා ජලයෙන් යටවිය හැකි ප‍්‍රදේශ මධ්‍ය හා දිගුකාලීන පරාස තුළ හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. එමෙන්ම වෙරළබඩ උවදුරු හැදෑරීමට අවශ්‍ය තාක්‍ෂණික, පර්යේෂණ හැකියාව වගේම මානව සම්පත් ද දියුණු කරගැනීමට මෙම පර්යේෂණය ඉවහල්වන බව අපේ විශ්වාසයයි’ යනුවෙන් මහාචාර්ය විජේතුංග මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ශ්‍රී ලංකාව මෙවැනි තාක්ෂණයක් සම්බන්ධයෙන් සිටින පසුගාමී අවස්ථාව ගැන අතෘප්තියට පත්වීමට වඩා වෙන කළ හැකි දෙයක් අපට නොමැත. අාපදා කළමනාකරණ අමාත්‍යාංශයක් කියලා එකක් තිබුණාට එ්කෙනුත් කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි තැන්වලින් කාලගුණය සම්බන්ධයෙන් ලැබෙන දත්ත ගෙන අාපදා සම්බන්ධව ක්‍රියාකිරීමයි. සෘජුවම මේ ආකාරයේ ආපදා සම්බන්ධ කල්තබා ගැනීමේ විද්‍යාත්මක යාන්ත්‍රණයක් මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම අතිශය කණගාටුවට කරුණකි. දැන්වත් මේ සම්බන්ධව උනන්දුවක් ඇති සැබෑ උගතුන්ගේ ක්‍රියාකාරීත්වය මෙසේ ඇතිවීම නම් සතුටට කාරණයක්. ලලිත් කියන කතාව ඇත්ත. (නි)
ඔය වගේ පර්යේෂණ ජපානය ඇතුළු රටවල් බොහොමයක් මිට කාලයකට පෙර කරලා තියෙනවා නේද? මේ ලඟදි දැක්ක භූමිකම්පා ගැන නිවැරදිව කලින් දැනුම්දීමේ හැකියාවක් ඇති තාක්ෂණයක් තවම සොයාගෙන නැහැ කියල ඇමෙරිකානු මහාචාර්යවරු පිරිසක් කියල තිබුන. ඉතින් කොහොමද සුනාමි ඇතිවීමේ කාල පරාසයක් කියන්නේ? නමුත් ජලයෙන් යටවිය හැකි ප්‍රදේශ හඳුනා ගැනීම සහ ඒ ප්‍රදේශ වල කරන ඉඳිකිරීම් සිමා කිරීම, පදිංචිය අවම කිරීම නම් ඉතාම වැදගත් වෙනවා. (ර)
ලංකාවේ විශ්ව විද්‍යාල වල පර්යේෂණ සඳහා කියල කොයිතරම් මහජන මුදලක් ගන්නවද ? (ම)
ඉතා හොඳයි. සුබ පැතුම්! (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල වල පර්යේෂණ සඳහා රජයෙන් වෙන් කරන් මුදල් අනිකුත් රටවල් සම්ග සංසන්දනය කළ විට කිසිසේත් ප්‍රමාණවත් නොවේ .භූමි කම්පාවකින් පසු සුනාමි ඇතිවන කාල පරාසයන් ගණිතමය ආකෘති සහ භෞතික ආකෘති මගීන් සාර්ථකව ගණනය කළ හැකියි .පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨයේ මෙම අධ්‍යනයන් කළ හැකි උගත් බුද්ධිමතුන් සිටින බැවින් ,ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී මෙම රටට වැඩදායක ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම රජයේ වගකීමකි (බ)
පුරාණ ශ්‍රී ලංකාව අාපදා රහිත වුණාට නූතනයේ ශ්‍රී ලංකාව අාපදා සහිත කලායක් ලෙස නම් කර තිබෙන බැවින් ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි ස්වභාවික ව්‍යසන හා අාපදා තත්වයන් කල්තබා දැන හඳුනාගෙන එයින් වැළකිය හැකි සාධක මෙන්ම සිදු වූ එබඳු ව්‍යසන හා අපදාවල හානි ජීවිත හා දේපළ අලාභහානි හැකිතාක් අවම මට්ටමකට පත්කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විද්‍යාත්මක මට්ටමින් ක්‍රමවේද පිළියෙළ කර තැබීම අදාළ වගකිව යුතු අංශවල වගකීමකි. (නි)
මෑත කාලයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරුනු බවක් අසා නැහැ. ඔබට ජය! (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
මහාචාර්ය ජනක විජේතුංග අපේ රටට සම්පතක්. ඔහු මේ ක්ෂස්ට්‍රයේ ප්‍රවීනයෙක්. ලාංකිකයෙක් ලංකාව වෙනුවෙන් කරන මෙම පර්යේෂණය සාර්ථක වේවා! (ර)
මොරටුව විශ්වවිද්‍යාලේ ගුවන් යානා හැදුවා වගේ තවත් මහජන මුදල් නාස්තියක් (බ)