වේදනාකාරි ඉන්සියුලින් එන්නත වෙනුවට දියවැඩියා රෝගිනට වඩාත් හොඳින් ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය අලවනයක් හඳුන්වාදීමට ඇමෙරිකානු පර්යේෂණ කණ්ඩායමක් සමත්ව සිටියි.
එමගින් අවශ්‍ය අවස්ථාවේ දී පමණක් රුධිරයට ඉන්සියුලින් නිකුත් කරයි.
ඉතා කුඩා සහ සියුම්ව නිපදවා ඇති මේ උපකරණයට පුද්ගලයකුගේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය හඳුනාගත හැකිවීම ද ඒ අනුව ස්වයංක්‍රීයව අවශ්‍ය මාත්‍රාව නිකුත් කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.
හතරැස් හැඩයක් ගන්නා මේ අලවනය හෙවත් පැලැස්තරය ඉදිකටු සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.
ලෝකය පුරා දියවැඩියා රෝගීන් ලක්ෂ 3870ක් මේ වනවිට හඳුනාගෙන සිටියි. 2035 වනවිට එම ප්‍රමාණය ලක්ෂ 5920ක් දක්වා වැඩිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. පර්යේෂකයන් පවසන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කැරගැනීමට දිනපතා ඉන්සියුලින් එන්නත් කැර ගැනීම වේදනාකාරී මෙන් ම නිරවද්‍ය නොවූ ක්‍රමයක් බවයි.
නව සොයාගැනීමේ ඇති ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඉදිකටුවල අන්වීක්ෂීය ගබඩා ඒකක ලෙස ග්ලූකෝස් - සංවේදන එන්සයිම ඇත මේවා මගින් රුධිර ධාරාවේ ඇති සීනි ප්‍රමාණය ඉක්මවා ගිය විට වේගයෙන් ඉන්සියුලින් රුධිර ධාරාවට එක්කිරීම සිදුවෙයි. ඉන් සීනි මට්ටම පාලනය වෙයි.
මෙම පර්යේෂණ සම්බන්ධ තොරතුරු නැෂනල් ඇකඩමි ඔෆ් සයන්ස් හි පර්යේෂණ වාර්තා වල දක්වා ඇත. එම වාර්තාවේ දක්වා ඇත්තේ දැනට කරණ ලද පර්යේෂණ අනුව පැලැස්තරය සාර්ථක වී ඇතත් සෘජුව රෝගීන්ට හඳුන්වාදීමට පෙර එය තවදුරටත් සායනික පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බවයි.
මෙම පර්යේෂණයේ ප්‍රධානි ඇමරිකාවේ යූඑන්සි දියවැඩියා කාර්ය මධ්‍යස්ථානයේ ආචාර්ය ජෝන් බුස් පැවසුවේ වැරදි මාත්‍රාවක් ඉන්සියුලින් එන්නත් කිරීම මගින් අන්ධ බව ඇතිවීම, පාදවල දුර්වලතා ඇතිවීම වැනි සංකීර්ණ ගැටළු සහිත තත්වයන් හටගන්නා බවයි. සිනි මට්ටම පාලනය සඳහා සොයාගෙන ඇති නව පැලැස්තර දින කීපයක් භාවිතා කිරීමෙන් අනතුරුව ශරිරයෙන් මාරු කර යුතු බවද පර්යේෂණ කණ්ඩායම කියයි.
COMMENTS
ලංකාවේ තිබෙන පැණි බීම බොන්න එපා (කොකා කෝලා , ෆැන්ට ,මිරින්ඩා ස්ප්‍රයිට් ) 1977 පසුව තමා ඔය ලෙඩ ආවේ (බ)
ලංකාදීපයට තුති. මෙවැනි ලිපි පලකරනවට. මමත් දියවැඩියා රෝගියෙක්. අලුත් සොයාගැනීම් තියෙනවා නම් නැවත ලිපියකින් දන්වන්න. ස්තුතියි. (ර)
මොනවා උනත් හොඳ ක්‍රමයක් මම දැකල තියෙනවා මම ඉන්න රටේ කුඩා ළමුන් වුනත් තනියම එන්නත් කර ගන්නවා. පුරුදු වෙලාමද කොහේදෝ ගානකුත් නැහැ. (බ)
ලංකාවේ අහිංසක අයට ඔය පැලැස්තරයක් ගන්න සල්ලි තියේද අනේ. පව්, දියවැඩියාවට ඉන්සියුලින් එක ගන්න බෙහෙත් පෙත්ත ගහගන්න සල්ලි නැහැ. කට ප්‍රවේසම් කර ගත්තොත් දියවැඩියාව සනීප කරගන්න පුළුවන් කෑමෙන් .අපේ අය කනවා හොදට බොනවා දොස්තරට බනිනවා දොස්තර පලි නැහැ. (නදී)
දිවග අලවන දෙයක් තියනවනම් කොපමණ හොඳද (බ)
මගලි ඔය කතාකරන්නේ කරුණු දන්නේ නැතුව දියවැඩියාව හැදෙන්නේ කට පරිස්සම් කර නොගැනීම නිසා නෙමි .හැදුනට පස්සේ නම් ඉතින් කට පරිස්සම් කරගන්න වෙනවා තමයි !(ම)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
නිමාෂා මමත් අනුරාධපුර. නමුත් ඔය කියන විදිහේ පාරම්පරික වෙදදුරන් අනුරාධපුරයේ නැහැ. පරිස්සමට හොයල බලන්න පාරම්පරික වෙදදුරන් කියල බොරුවට ප්‍රචාරය කරලා සල්ලි ගරන වෙදදුරන් ඉන්න රට මේක. (ස)
බටහිර වෙදකමට අනුව හදවත් සැත්කම් වලට නිර්දේශකරනු ලැබ, නමුත් පසුව දේශීය වෙදකමට අනුව පැලැස්තර ක්‍රමයකින් හදවත් රෝග සාර්ථකව සුවකරන පාරම්පරික වෙදදුරන් අනුරාධපුරයේ, පොළොන්නරුවේ, ගම්පහ සහ ඔවුන්ගේ උපදෙස් මත නාවින්නේත් ඉන්නවා කියල දන්නවා. සොයා බැලුව නම් වටිනවා.(නදී)
මෙය ඉතා සාර්ථක වැඩක් අධි රුධිර පීඩනට සහ අව රුධිර පීඩනයන්ටත් බෙහෙත් දෙන්නේ නැතුව පිටින් මොකක් හරි ගැජට් එකක් හදනවා නම් හොදයි .(ම)
මම ගොඩක් සතුටු වෙනවා මේ ගැන. මම සුබ පතනවා. ඒ වගේම පාර්ථනා කරනවා ඉක්මනට සාර්තක වෙන්න කියලා. මොකද ඉන්සුලින් විදින එකට වඩා මේ ක්‍රමය විශිෂ්ටයි. (ර)
ජගත් මම කියපු එක හොදට කියවන්න. මම කීවේ දියවැඩියාව සනීප කරනගන්න පුළුවන් කට පරිස්සම් කරගත්තොත් කියලා. ඒ කියන්නේ නිතරම කන්න හොද නැහැ තුන් වේල විතරයි. සීනි කන්නම හොඳ නැහැ බත් පාන් වගේ දේවල් අල, සීනි තියෙන දේවල්. බොන්න හොද නැහැ. කොච්චර බෙහෙත් බීවත් වැඩක් නැහැ ප්‍රවේසම් නැත්නම් (නදී)
සරත් සහ අනිකුත් අයට, මොන බෙහෙත් අලුතින් හැදුවත් තමන්ගේ බඩට දාන ආහාරවලින් පරිස්සන්වෙන්ට ඕනේ සහ ව්‍යායාම කරන්ට ඕන. (ර)
සනත් ඔයා හොඳට බලන්න. නො.172 මාර්කට් පෙදෙස අනුරාධපුර. වෙදැදුරු ලියා පදිංචි අංකය 482. මම දන්නා විදිහට අනුරාධපුර මහාචාර්ය වෛද්‍යය රෝහල් ඒකකය සහ නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය එකතුව කරන පර්යේෂණයක් තවමත් කෙරෙනවා. දැනට ඇති තොරතුරු අනුව සාර්ථක ක්‍රමවේදයක්. වේදමහතාගේ නම ගුනවර්දන. (නදී)
දියවැඩියාව සුවකළ නොහැක. කළහැක්කේ පාලනය කිරීම පමණි. මෙය ජාන මඟින් රැගෙන යන රෝගයක්. ඉහත කී සොයාගැනීම ගැන සතුටුවන අතර කණගාටුවක් දැනෙන්නේ දුප්පත් රටක් වන අපට මේවා නිතර මිලදී ගැනීමට හැකියාවක් තියේද යන්න ගැනයි. දියුණු රටවල දියවැඩියා රෝගීන්ට වෛද්‍ය හමුවීම්, බෙහෙත් ලේ බලන පටි, එම උපකරණය සහ එකෝ කොලෝර් ඊසීජී වැනි පරීක්ෂණ නොමිලයේ ලබා දෙනවා. (නි)
මගලී ඔබේ කතාව හරියටම හරි (නදී)