තම නිවසට ගෙවල් කීපයකට එහා නිවසේ සාදයක් පවතින හැම දිනකම තම කුකුළු කොටුවේ කුකුළන් එකෙක් දෙන්නෙක් අඩුවන බව දැනගත් කොරටු හිමියා එදා එහි සාදයක් පවතින වෙලාවේ සිටියේ කුකුළු කොරටුව පැත්තට ඇස ගසාගෙනය. හිතුවා හරිය. මැදියම් රැුයේ කුකුළන් ගේ කැ ගැසීමට එහි ගිය ඔහු අඳුර මැද කිසිවකු පැන යන අයුරු දුටුවේය. කුකුළු කොරටුව පරීක්ෂා කිරීමේ දී අඩුවක් නොවූ බව දැනගත් ඔහු ආපසු හැරෙන විටම හොරා කලබලයෙන් දමා ගිය විදුලි පන්දමක්ද දුටුවේය. පසුදා සාදය පැවති නිවසේ තරුණයකු සමග කුකුළු සොරකම ගැන කී විට ඔහු කීවේ මේ දිනවල උගුඩුවන් කුකුළු කොටුවලට ඉව අල්ලන බවකි. කුකුළු කොටු හිමියාද ඒක ඇත්ත පුදුමෙ කියන්නෙ දැන් උගුඩුවන් ටෝච් එකත් අරගෙනම එන්නෙ ටෝච් එක දමල ගිහිං තිබුණා. කී විට තරුණයාගේ මුහුණ අමුතු වුණාලූ. මෙය අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකර ප්රදේශයකිනි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd