IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ

මිතුරකු දුන් උපදේශයක් අනුව තම හිසකෙස් හැඩ ගැන්වීම සඳහා රත්කළ හීටරයක් හිස කෙස් මත තැබූ තරුණයෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව කියවෙන පුවතක් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


පාසල් විය ඉක්මවූ ඔහු ජීවිකාව ලෙස පෙදරේරු වෘත්තියේ නියැළුනද තම රූප සෝභාව ගැන මෙන්ම විලාසිතා ගැනද ඉහළ උනන්දුවක් දැක්වූ පුද්ගලයෙක් විය.


වැඩ බිමට යද්දී මෙන්ම ඉන් පිටව යද්දීද ඔහු තම ඇඳුම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූයේ ඔහු පෙදරේරුවෙකු යැයි කිසිවෙකුටත් සිතාගන්නට නොහැකිවන පරිද්දෙනි.


ක්‍රීම් වර්ග මෙන්ම විවිධ සුවඳ විලවුන් වර්ගවලට සිය වැටුපෙන්ද හෙතෙම විශාල මුදලක් වෙන් කළේ සිය මිතුරන්ගේ අවවාද පවා නොසලකා හරිමිනි.
ඔහු පිළිබඳ දන්නා ඔහුගේ වැඩපළේ මිතුරු පිරිසද වැඩපොළ අතරතුරදී රූපලාවන්‍ය පිළිබඳ ඔහුට විවිධ උපදෙස් ලබාදුන්නේ ඒ පිළිබඳ ඔහු තුළ ඇති උනන්දුව නිසාමය.


සිය හිසකෙස්වල පිහිටීම පිළිබඳව දැඩි කණස්සල්ලෙන් සිටි ඔහු තම කේෂ කලාපය කර්ල් කර ගැනීමට මගක් බලමින් හිඳිනු දුටු වැඩපොළේ එක් මිතුරෙකු ඊට කදිම උපදෙසක් දුන්නේ සෙසු පිරිසගේද සහයෝගය මතය.


“මචං, කොණ්ඩ හදන තැනක මම කාලයක් වැඩකළා. ඒ අය කරන්නේ අපි වතුර උණුකරන හීටරයක් රත්කරල ගානකට ඔලුවේ කොණ්ඬේ උඩින් තියන එකයි.” සිය මිතුරාගේ කතාව විශ්වාස කළ හෙතෙම වැඩ ඇරී නිවස බලා ගියේ රුපියල් 800ක් පමණ වැයකර අලුත්ම හීටරයක්ද මිලදීගෙනය.


කෙසේ වෙතත් පසුදින තම මිතුරා සේවයට පැමිණ නැති බව දුටු මිතුරු පිරිස ඒ පිළිබඳ සොයා බලද්දී ඔවුන්ට අසන්නට ලැබුණේ හිසට සිදුවූ දැඩි පිළිස්සුම් තුවාල හේතුවෙන් පෙරදින රාත්‍රියේදීම ඔහු නගරයේ රෝහලකට ඇතුළත් කළ බවකි.


කෙසේ වෙතත් දැන් මිතුරු පිරිස ඔහු මගහැරීමට උත්සහ කරන බවද දැනගන්නට ඇත.

(වියලුව - වාර්තාකරු)

 



අදහස් (0)

හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ

ලංකාසිරි Wednesday, 10 August 2016 10:26 PM

දුදන ආශ්‍රය තමයි විනාශයට මුල (නි)

:       0       0

අයිරාංගනී Wednesday, 10 August 2016 11:05 PM

අනේ දෙවියනේ මෙහෙමත් මෝඩ මිනිස්සු!

:       0       0

බෙනට් Thursday, 11 August 2016 11:57 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 11 August 2016 11:52 AM

අඩු වියදමින් කොණ්ඩය කර්ල් කරගන්න ගියා මදැයි. මේ යාලුවෝ නෙමෙයි. මාරයෝ. දැන්වත් දැනගත්ත එක හොඳයි. (නි)

:       0       0

ජයරත්න Thursday, 11 August 2016 08:01 AM

ඔහු වෘත්තියෙන් පෙදරේරුවෙක් නම් එතරම් මෝඩ පුද්ගලයෙකු යැයි හිතන්න බැහැ. නමුත් පමණට වඩා තම රූප සෝභාව ගැන උනන්දු වීම යම් මානසික රෝගයක් විය හැකියි. එවැනි පුද්ගලයන් මීටත් වඩා භයානක ක්‍රියාවන් වලට පෙලඹීමට ඉඩ තිබෙනවා. (බ)

:       0       0

නිරූ Thursday, 11 August 2016 09:17 AM

මමත් අහල තියෙනවා එක්තරා බෝඩිමක තරුණයෝ පිරිසක් රෙදි මදින්න විදුලි ඉස්ත්‍රික්කය ඉල්ලගෙන එ්කේ තියල රොටි පුච්චන් කාපු කතාවක්. බෝඩිමේ හිමිකරුට රොටි සුවඳක් දැනිල හොයල බලනකොට වැඩේ අහුවෙලා. (බ)

:       0       0

මයුරි Saturday, 13 August 2016 01:50 PM

අනේ හැබෑට මෙහෙමත් යාළුවෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 159 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 230 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1098 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site