IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


හදිසියේ හමුවූ මිතුරා නිසා දඩයකුත් ගෙවන්න වෙලා

දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියක සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ඔහුට හදිසියේ දක්නට ලැබුණේ වසර ගණනකට පෙර දැඩි හිතවතකුව සිට කාලයකින් හමුනොවූ මිතුරෙකි. ඔහු කලින් දැඩිව රෝගාතුරව සිටි බව ආරංචි වුවද ඒ පිළිබඳව ස්ථිර තොරතුරු නොදැන සිටි නිසා ඔහුට සංඥාවක් දෙමින් යතුරුපැදිය එතනම නවත්වා ඔහු හමුවට දිව ගියේය.


මිතුරා ද ඔහු දැකීමෙන් අපමණ සතුටට පත්ව අසල වූ අවන්හලකට ගොඩවූයේ තොරතුරු කතාබහ කරන අතරතුර තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විදීමටය.
කාලය ගත වී ගියත් ඔවුනට ඒ බව නොදැනුනි. පැය දෙකකට පමණ පසු මිතුරාගෙන් සමුගත් ඔහු යතුරුපැදිය නවතා ඇති ස්ථානයට ගියත් එය එතැන නොවීමෙන් ඔහුට තරු පෙනිණ.


යතුරුපැදිය අවට කිසිතැනක නොවූයෙන් පැමිණිල්ලක් දැමීමට පොලිසියට ගිය ඔහු ගේට්ටුවෙන් ඇතුළුවත්ම දුටුවේ වෙනත් යතුරුපැදි රැසක් මැද තම යතුරුපැදිය ද ඇති බවය.


එහි මුරට සිටි පොලිස් නිලධාරියාගෙන් මේ ගැන විමසූවිට ඔහු කීවේ මහ මග ප්‍රවාහන කටයුතුවලට අවහිර වන පරිදි නවතා තිබූ යතුරුපැදිය පොලිසියට ගෙනා බවත් දඩ මුදලක් ගෙවා එය ආපසු ගෙන යා හැකි බවත්ය.

(තිහගොඩ - උපසේන ලියනගම)

 



අදහස් (0)

හදිසියේ හමුවූ මිතුරා නිසා දඩයකුත් ගෙවන්න වෙලා

මහේෂ් ඩුබායි Tuesday, 16 August 2016 08:27 AM

පරණ බයිසිකල් පැදලා හොදට පුරුදුයි වගේ නේද? (බ)

:       0       0

ජයතු Tuesday, 16 August 2016 08:31 PM

ඔය විදියට සිහිය නැතුව බයිසිකල් පදින අය තමයි අඬු කඩාගන්නේත්. (නි)

:       0       0

ජයසිරි Thursday, 18 August 2016 03:25 AM

ෂුවර් එකටම අනුන්ගේ බයිසිකල් එකක් වෙන්න ඇති (හේ)

:       0       0

වික්‍රම Wednesday, 17 August 2016 02:14 PM

සහතික ඇත්ත ජයා, අපිට ගෙවල් දොරවලුත් අමතක වෙච්ච දවස් තිබුනේ. ඕවා මොනවද?

:       0       0

ඇන්ටන් Monday, 15 August 2016 10:24 PM

දඩය ගෙවන්න යාළුවත් උදවුකරන්න ඇති නේද? (නි)

:       0       0

සරත් Wednesday, 17 August 2016 12:42 AM

දවසක් මගේ මිත්‍රයෙකුත් මෝටර් රථය පාර මැද නවතා මට කතා කළා අවුරුදු 12 කට පස්සේ මුණගැහිලා. එහෙම දේවල් වෙනවා. (නි)

:       0       0

අබය Monday, 15 August 2016 10:50 PM

මිත්‍රත්වය හැමදේටම වඩා ලොකුයි.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 August 2016 11:19 PM

මිතුරුකම ළඟ සියලු දේ අමතක වෙනවා, නැද්ද වික්‍රම? (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 17 August 2016 02:54 PM

මෙහෙම මිතුරෙක් කලකට පස්සේ හරි හමුවීම කොච්චර සතුටට කරුණක්ද? ඉතින් එහෙම වෙලාවට සමහර දේවල් අමතක වෙනවා. මට මතකයි දවසක් කටුනායක බැහැපු ගමන් දිව්වේ යාළුවන් දකින්නටයි. ඉතින් යාළුවන් දැකපු ගමන් අනික් දේවල් අමතකවුණා. පුදුම සතුටක්. ඉතින් එතැනදී එක ගමන් මල්ලක් මට අමතක වී තිබුනා. මිතුරුකමට වැඩිය තව මොනවද අනික් අය කියනවා වගේ (නි)

:       0       0

ටිරාන් Tuesday, 16 August 2016 02:33 PM

හොද වැඩේ මේ මිනිස්සුන්ට කිසි සිහියක් නෑනේ.(හේ)

:       0       0

ජයරත්න Tuesday, 16 August 2016 04:04 AM

කලකින් මුණ ගැසුණු මිතුරා සමග ප්‍රිය සමාගම් පැවැත්වීම වෙනම කාරණාවක්. නමුත් මාර්ගය අවහිරවන පරිදි වාහනය නවතා තබා යෑම නම් වරදක්. එය අනෙකුත් රියදුරන් හට මෙන්ම මගීන්ටත් විශාල හිරිහැරයක් බව බොහෝවිට මමද අත්දැකීමෙන්ම දනිමි. ඒනිසා එම වරදට දඩුවම් කළ යුතුමයි. (බ)

:       0       0

ශාන් Wednesday, 17 August 2016 07:48 AM

තමුන්ටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඉතින් අඩුම ගානේ හොද යාළුකමක්වත් තියෙනවා කියලා සන්තොෂ වෙන්න පුලුවන්(ම)

:       0       0

රූපවතී Tuesday, 16 August 2016 04:57 AM

මම වුනත් කරන්නේ ඒටිකමයි .. කොහෙන් හරි කොබෙයිගනේ ටවුම දිහායින් පිටබැද්දර ජයා අයියව දැක්කොත් පුට් බයිසිකල් කටුව පාරේ අතැරලා යනවා පරණ තොරතුරු කොහොමද කියල බලන්න ඒක තමයි මිතුරු කම ..!! (බ)

:       0       0

හේවා Tuesday, 16 August 2016 07:10 PM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site