(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)
තම කුඩා පුතාට විවිධ දේ ගෙනැවිත් දෙමින් ගණිත හැකියාව දියුණු කිරීමට ගිය පියෙකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටියේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තාවිය.
වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුත්‍රයා මහා උගතෙකු කිරීමට මෙම පියා නිතර සිතුවේය. ඒ සඳහා ඔහු විවිධ උපක්‍රම ද යෙදුවේය. දිනක් පියා පුතාට ජිල් බෝල දහයක් ගෙනැවිත් දී මෙසේ කීවේය. “පුතා මෙතන ජිල් බෝල කීයක් තියනවද” දරුවාද ඒවා ඉතා ආශාවෙන් ගණන් කර “දහයයි තාත්තේ” යි පිළිතුරු දුන්නේය.
පුතාගේ පිළිතුර පියාට මහත් සතුටකි. ඔහු තවත් දිනක පුතාට ජිල් බෝල දහයක් ගෙනත් දී මෙසේ කීවේය. “පුතා මෙතන ජිල් බෝල දහයක් මම ඔයාට දෙනවා. පෙරේදත් මම ඔයාට ජිල් බෝල දහයක් ගෙනත් දුන්නා එතකොට ජිල් බෝල විස්සයි. මම දැන් ඔයාගෙන් පහක් ඉල්ලා ගන්නවා. දැන් ඔයා ළඟ කීයක් ඉතුරු තියනවද” මොහොතක් කල්පනා කළ පුත්‍රයා මෙසේ පිළිතුරු දුන්නේය. “දහයයි තාත්තේ” පුතාගේ පිළිතුර වැරදි බව දැනුණු පියාට මහත් දුකක්ද ඇතිවිය.
ඔහු පුතාගෙන් එම ප්‍රශ්නය ඇසූ දෙවරම එම පිළිතුරම ලැබුණි. “නෑ පුතා ඔයා වැරදියි” හරි උත්තරේ පහළවනේ” පියා දරුවාට කීවේය. ගෙතුළට ගිය දරුවා ජිල් බෝල ටික ගෙනැවිත් පියාට පහක් දී මෙසේ කීවේය. “මෙතන දහයයි තියෙන්නේ. පහක් ඉස්කෝලෙන් ළමයි හොරකම් කරගෙන. දැන් හරිනේ තාත්තේ” පුතාගේ ගණිත දැනුම ගැන පියාට හිනාගියේය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හැදිල්ලට තාත්තාත් හොල්මන් වෙලා