ආරක්‍ෂක අංශ ලාංඡනයක් දුටු තරුණයෙකුට තරුණ පෙණුනු කතාවකි. කොළඹ සිට බස් රථය ගම බලා ඇදෙමින් තිබිණි. ආසන සියල්ල සම්පූර්ණය. අතට හසුවන තැනක් අල්ලාගත් මගීහු තැන තැන සිටගෙන සිටිති. නැවතුම්පොළින් නැවතුම්පොළට මගීන් පිරෙන බස් රථයේ සුළු වේලාවකින් ඇඟිල්ලක් ගැසිය නොහැකි තරම් විය. පිටුපස දොර අසල සිට ඉදිරි දොර දක්වා කොන්දොස්තර අණසක පතුරුවා තිබූ අතර, මගීහුද එයට අවනත වූ බවක් දැක ගත හැකි විය. මේ අතර සෙනග අතරින් ඉදිරියට පැමිණි හැඩි දැඩි තරුණයෙකු නතර වූයේ අහිංසක පෙනුමින් යුත් තරුණ කාන්තාවක් අසලය. මුහුණට මවාගත් ආඩම්බර පෙනුමෙන් යුක්තව තරුණයා ඇයට සමීප වී නිකම් හිටියේ නැත. තරුණියගේ ඇඟට හේත්තුවක්ද දැම්මේය. මද වේලාවකින් ඇය එක්වරම ඔහු දෙස බැලූවාය. එහෙත් තරුණයා ඇගේ සිරුරට හේත්තුවී සිටීම තවත් වැඩි කළා මිස අඩු කළේ නැත. බැරිමතැන ඇය තමා උඩින් ඇඳ සිටි ඇඳුමේ අත මඳක් ඉහළට එසවූවාය. එවිට ලාංඡනය සහිත නිල ඇඳුමක් දැකගත හැකි විය. ඇය නිල ඇඳුමට උඩින් සැහැල්ලූ ඇඳුමක් ඇඳ සිටියාය. එසේ කළේ බසයෙන් යන නිසා විය යුතුය. ලාංඡනය දුටු ගමන් තරුණයාට උඩින් යන්නට සිතෙන්නට ඇත. ඔහු වහා ජාම් බේරා ගත්තේය. තරුණයා හීන් සීරුවේ පසෙකට වූයේ පූසකු දුටු මී පැටියෙක් මෙනි. ඇය ආරක්‍ෂක අංශයේ උසස් නිලයක් දරන්නියක් බව දැනගත් බසයේ සිටි මගීහු ඇය දෙස බැලූවේ ගරු සරු ඇතිවය. හැඩිදැඩි තරුණයාද, සෙනඟ අතරින් නොපෙනී ඉදිරියට ගොස් ඊළඟ නැවතුමෙන් බැස යන අයුරු දැක ගත හැකි විය.
1
6 ශ්‍රේණියේ මොඩියුල අවුල: රජයේ බුද්ධි සේවා කුමන්ත්රණකරුවන් ලුහුබඳියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වෙලාවෙම කණ පුපුරන්න දෙකක් දුන්නා නම් සෙනග ඉස්සරහදීම, ආයෙත් ඔය වගේ වැඩ කරන එකක් නැහැ. (නි)
තව පොඩ්ඩෙන් මිනිහ ලාංඡනයක් කෙල්ලට තියනවා.
ඒ තරුණිය ආරක්ෂක අංශයේ නිසා එහෙම වුණා. සාමාන්‍ය තරුණියකට ඉතින් දෙවියන්ගෙම පිහිට තමයි
නියමයි
ඔය වගෙ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනෙ...
හරිනම් ලාංඡනය විතරක් පෙන්නල මදි දඩුවමකුත් දෙන්න ඕනා
හොඳ වැඩේ
ඒ වැඩේ නම් නියමයි