IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිහින පෙම්වතියට අලූත් අවුරුද්දේ සුබ පතන්න ගිහින් ජංජාලයක්

හැඳලට නුදුරු ගමක කුලී නිවසක පදිංචිව සිටි තරුණ විවාහක යුවළකි. පොලොන්නරුව ප‍්‍රදේශයේ උපන් මේ දෙදෙනා එම නිවසේ පදිංචියට ආවේ සැමියා අගනුවර පෞද්ගලික ආයතනයක රැුකියාව කරන නිසාය. එම නිවෙසට යාබද ඉඩමේ පදිංචි තරුණයෙක් මේ පවුලේ උදවිය සමග ඉතා කුළුපගව සිටියේය. තම සැමියා කාර්යබහුල රැුකියාවක නිරතව සිටි හෙයින් නිවසේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට කාන්තාව සහය ලබාගත්තේ එම තරුණයාගෙනි. සිංහල අවුරුද්දට දින තුනකට කලින් තරුණ යුවළත් කුඩා දරු දෙදෙනාත් ගමට යන්නට කල්තියා සූදානම් වී සිටියහ. යාබද ඉඩමේ තරුණයා ද ඒ බව දැන සිටියේය. අවුරුද්ද ලබන අවස්ථාවේ තම ”සිහින පෙම්වතිය” නිවසේ නැති බැවින් ගමට යන්නට කලින් සැමියාට හොරෙන් කෙසේ හෝ ඇයට සුබ පැතිය යුතු යැයි තරුණයා අදිටන් කර ගත්තේය. අසල ඇති වෙළෙඳසලක් වෙත සැමියා යනු දුටු තරුණයා හෙමින් සීරුවේ එම නිවසට ගොඩවැදුණේ සැමියාට හොරෙන් කෙසේ හෝ කාන්තාවට අවුරුදු සුබ පැතුම් පිරිනමන්නටය. ඒ වන විට කාන්තාව සිටියේ මුළුතැන්ගෙයි ආහාර පිසිමිනි. තරුණයා පැමිණි කාරණය ගැන නොදත් කාන්තාව ඔහුට වාඩි වන ලෙස කීවාය. සුළු වේලාවක් වාඩිවී සිටියත් කාන්තාව සාලයට නොපැමිණි නිසාත්, වෙළෙඳසල වෙත ගිය සැමියා ආවොත් තමන් පැමිණි කාරණය ඉටුකර ගත නොහැකි වන නිසාත් කාන්තාවට අවුරුදු සුභ පතන්නට තරුණයා කෙළින්ම මුළුතැන්ගෙය වෙත ගියේය. ”ගමේ යන්න කලින් ඔයාට සුබ පතන්නයි ආවෙ. ඔයාට සුබ අලූත් අවුරුද්දක් වේවා” යැයි කියමින් තරුණයා විවාහක කාන්තාව කීප වතාවක් සිප වැළඳ ගත්තේය. ඒ සමගම ඔහුගේ කම්මුල හරහා පහර කීපයක් වදින්නට වූයෙන් හනික පිටුපස හැරී බලද්දී තරුණයාට දකින්නට ලැබුණේ කාන්තාවගේ සැමියාය. ”අවුරුදු කන්ඩ ආපු මිනිහට හොඳට කන්ඩ දෙන්නත් එපායැ. අවුරුදු කෑමත් දැන්ම කාලා පලයන්” යැයි කී සැමියා තරුණයාට තවත් පහර කීපයක් දී එළියට ඇද දැම්මේය.



අදහස් (0)

සිහින පෙම්වතියට අලූත් අවුරුද්දේ සුබ පතන්න ගිහින් ජංජාලයක්

චතු Wednesday, 25 April 2012 11:05 AM

ඔහොම වෙලා මදි

:       0       0

දර්ෂි Thursday, 26 April 2012 12:46 PM

අනේ අපොයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site