IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සල්ලි නොදුන්නාම ගොළුවා කතාකරලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කතාකිරීමට නොහැකිව පැමිණි යාචකයා මුදල් ලබානොදුන් විට කතාකළ අපූරු පුවතක් ගම්බඳ ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


මේ දිනවලදී ප්‍රදේශයට පවතින වර්ෂාවත් සමග වෙළෙඳාම් සරු ලෙස සිදු නොවේ. කෙසේ වෙතත් සිදුවීම වූ දින උදෑසන තම ව්‍යාපාරය අසලට පැමිණි යාචකයා උගුර පෙන්වා කතා කිරීමට නොහැකි බව පවසා සිටි හෙයින් එම වෙළෙඳසල හිමි පුද්ගලයා ඔහුට අනුකම්පා කර මුදලක් ලබාදී තිබේ.


එහිදී ඒ යාචකයා පාන්දරම මත්පැන් පානය කර ඇති බව හැඟී ගිය හෙයින් “මේ මිනිහා සල්ලි හොයන්නේ කන්න නෙමෙයි බොන්නද කොහෙද” යැයි පවසා ඇත්තේ කඩයට පැමිණි කාන්තාවකටය. එවිට එම කාන්තාව “ඔය මනුස්සයා ටිකකට කලින් යසට කතාකළා. මම අර පැත්තේ ෆෝන් කඩයක ඉන්නකොට යසට කතාකරලා රුපියල් 299ක ඬේටා කාඞ් එකක් ගත්තා” යැයි කඩහිමියාට පවසා ඇත.


එවිට අල්ලපු කඩය දෙසින් ඇසුණු බහින්බස්වීමක් ඇසුණු කඩ හිමියා එදෙස විපරම් කරද්දී කතාකිරීමට නොහැකිව පැමිණි යාචකයා අල්ලපු කඩහිමියාට බැනවදිමින් යන අයුරු දක්නට ලැබී ඇත. ඒ සම්බන්ධව අල්ලපු කඩහිමියාගෙන් විමසූ විට පවසා ඇත්තේ, “මිනිහා බීලා ඉන්නේ. මගෙන් සල්ලි ඉල්ලුවාම මම බැහැ කිව්වා. පස්සේ මිනිහා කඬේ ෆොටෝ අරන් ෆේස් බුක් දානවා කියලා බැන බැන යන්න ගියා” කියාය.

 



අදහස් (0)

සල්ලි නොදුන්නාම ගොළුවා කතාකරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට බීලා බසයේ බජව් දා යොදුන් ගානක් පයින් ගාටලා
2024 ජුලි මස 18 435 0

බස් රථයක ගමනේ දී පැවති මිතුරු සාජ්ජයක් නිසා බසයෙන් බසින තැන අමතක වී රථයේ ගමනාන්තය කරා ගොස් වෙනත් වාහනයකින් හෝ නිවසට ඒමට අතමිට මුදලක් නොමැති වූ හෙයින් ක


නැටුම් ගුරුවරියගේ අමුතු නැටුමෙන් විදුහල්පතිට යකා වැහිලා
2024 ජුලි මස 17 898 0

නැටුම් කාමරයේ බෙරවලින් නැටුම් ගුරුවරිය නටමින් සිටි අමුතුම නැටුම විදුහල්පතිගේ අතටම හසුව දැන් විදුහල්පතිගේ පදයට නටන පුවතක් කරන්දෙණිය පැත්තේ පාසලකින


කණ්නාඩි කුට්ටම වොෂින් මැෂින් එකේ සෝදලා
2024 ජුලි මස 16 714 0

තම නැතිවුණ කණ්ණාඩි කුට්ටම සොයා බැලීමේ දී වොෂින් මැෂින් එකේ ඇඹරී තිබිය දී හමුවූ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. ම


සොරකමෙන් බේරෙන්න බොරු ආරූඪයක් අරන්
2024 ජුලි මස 15 798 0

නිවසේ මේසය මත තිබූ රුපියල් හැත්තෑපන්දහසක් වටිනා තම මුද්ද නොමැති බව දැක ඒ බව ගෙදර සිටි මෙහෙකරුගෙන් විමසීමේදී එක් වරම ඔහුට දේවාරූඪයක් ඇඟට විත් දේව දිෂ්


මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට අහුවෙලා
2024 ජුලි මස 13 641 0

මාමණ්ඩියගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා මායියාට මාට්ටු වී මාර අමාරුවක වැටුණු හාදයකු පිළිබඳ කතාවක් දකුණේ කොණේ ගම්මානයකින් අසන්නට ලැබේ. මාමණ්ඩිය සිය අවස


සේවකයන් වැඩ කරද්දී ඉබ්බෝ දමා වසා ගිහින්
2024 ජුලි මස 13 426 0

දකුණු පළාතේ රාජ්‍ය ආයතනයක කාර්යාල වේලාවෙන් පසු කාර්යාල සේවකයන් පිටව ගියේ යැයි සිතා යතුරු භාරකරු කාර්යාලය වසා දමා යෑම හේතුවෙන් එම කාර්යාලයේ උඩුමහලේ ස


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site