IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සොරාගත් ගල් බෝතලය කසායක් වෙලා

(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
පසුගිය දිනවල තැබෑරුම් වසා තැබීම හේතුවෙන් අරක්කු පිපාසයෙන් පෙළුණු තරුණයන් තිදෙනකු  අහම්බෙන් දුටු  ගල් අරක්කු බෝතලයක්  සොරකම් කරගෙන ගොස් පානය කිරීමට සූදානම් වනවිට එය කොරෝනා  කසාය බෝතලයක් බවට පත් වීමේ පුවතක්  දකුණේ පස් ගොඩක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 පසුගිය දිනවල  කොරෝනා රෝගය හේතුවෙන් බාර් වසා තැබීම නිසා මේ ප්‍රදේශයේ ඇතැම් පිරිස් කිතුල් රා වඩියක් ගැසීමට හුරු වූ අතර තවත් පිරිසක් කසිප්පු කරිඤ්ඤං වැනි වෙනත් මත්ද්‍රව්‍ය කෙරෙහි අවධානය යොමු කළේ ප්‍රදේශයේ ගල් අරක්කු බෝතලය රුපියල් 5000 දක්වා ඉහළ ගොස් තිබූ බැවිනි.


 එහෙත් කොරෝනා රෝගයට ගොදුරු වූ පිරිස් මෙන්ම එයට ගොදුරු වේ යැයි බියට පත්වූ අය ඉන් බේරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර එක්තරා ප්‍රදේශයක විශ්‍රාමික පරිපාලන නිලධාරියකු කොරෝනා මැඩලීම සඳහා ආයුර්වේද ඖෂධ සකස් කර නොමිලේම ලබාදෙන බව ආරංචිමාර්ග මගින් දැනගෙන ඇඳිරිය පවා නොතකා තම ත්‍රීවිල් රථයෙන් විශාල දුරක් ගෙවා  ගොස් නොමිලේ ලබාදෙන කසාය බෝතලය ලබා ගත්තේ ත්‍රීවීලරයේ පිටුපස තිබූ පෙර දිනයක හිස්කළ ගල් අරක්කු බෝතලයකටය. එය පාට අනුව ගල් අරක්කු  බෝතලයක් මෙන් දිස් වූ බැවින් පත්තර කොළ කැබැල්ලකද ඔතා ත්‍රිරෝද රථයේ පිටුපස අසුන මත තබා ගත්තේය. 


පසුව ආපසු එන අතරමගදී එයට නියම කරන ලද කල්කයක් හා සුව ධරණී පෙති මිලදී ගැනීම සඳහා සිංහල බෙහෙත් බඩු කඩයක් අසල නවතා කඩය තුළට ගියේය.


ඒ අසලින් ගිය තරුණයන් තිදෙනෙකු හිස් ත්‍රීවීලය පිටුපස තිබූ ගල් අරක්කු බෝතලය දැක මහත් සේ සතුටට පත්වී කුරුමානම් අල්ලා එය සොරකම් කළේ විජයයග්‍රාහී ලෙසිනි.


පසුව බෝතලයට අවශ්‍ය කොකා කෝලා, කොත්තු, රයිස්, චිකන් රයිස් පැකට් ඇතුළු වැඩිපුර දේවල් පවා මිලදී ගත්තේ 5000 ක බෝතලයක්  නොමිලයේ ලැබුණ බැවිනි. 


සියල්ල රැගෙන හදිසියේ කඩා වැටුණු මෙම වාසනාවේ සතුට භුක්ති විඳීම සඳහා අසල වූ කැලෑ රොදකට ගොස් ගල් තලාවක් මත වාඩිවී සිගරට්ටුවක්ද දල්වාගෙන පිළිවෙළට බයිට් ආදිය දිගහැර අරක්කු බෝතලය ගෙන වීදුරුවකට දමා කොකාකෝලා  සමග මිශ්‍ර කර පානය කළවිට කහට රසක් දැනුණ බැවින්  සෝදිසි කර බැලීමේදී පරිපාලන නිලධාරියාගෙන් ලබාගත්  කසාය බෝතලයක් බව අවබෝධ වී  මහත් සේ ලජ්ජාවටත් කලකිරීමටත් පත්ව මෙය කිසිවකුට  නොපවසන බවට ගිවිස ගෙන එතනින් වෙන්ව ගියද එක් අයෙකු පොඩි අඩියක් ගසා තම හිතවතකු  සමග මේ සිද්ධිය රස කරමින් පැවසීය.


 ඉන්පසු මෙය මිතුරන් අතර කනින් කොනින් ආරංචි වී ‘‘කසාය බිව් ගොළුවන්”‍  වෙනුවට ‘‘කසාය බිව් බූරුවන්”‍ යයි ප්‍රස්තා පිරුල වෙනස් වී ඇති බව සත්‍යයක් දැයි මොවුන්ගෙන් විමසන විට හොඳ දෙකක් කියා මාරු වෙනවාලු‍.



අදහස් (0)

සොරාගත් ගල් බෝතලය කසායක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site