IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සැමියාගේ මළගමදා බිරිඳගේ විලාපය කෝලමක් වෙලා

තම සැමියාගේ මළගමේදී වැඩි භක්තියෙන් හැඬීමට ගිය කාන්තාවකට වචන පැටලී අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඇය ග්‍රාමීය පෙදෙසක මැදිවියේ කාන්තාවකි. ඇගේ ස්වාමියා හදිසි රෝගාබාධයකින් මියගියේය. ඇය තම ස්වාමියා මියයාමෙන් දැඩි ශෝකයෙන් පසුවන බව රටට ඇඟවීම සඳහා විවිධ විලාප කියමින් මහත් සේ වැළපුණාය.
මළ ගමට පැමිණෙන නෑසියන් බදාගෙන දුක් අඳෝනා කියමින්, විලාප නගමින් මළගම දෙවනත් කරමින් ඇය අමුතුම රංගනයක ද නිරත වෙමින් සිටියා.


ඒ ඇසිල්ලෙන්ම දුර බැහැර සිටි තරමක් වයෝවෘද්ධ ඥාති කාන්තාවක් මළ ගමට පැමිණ ඇත. ඇයව ද බදාගෙන නිවැසි කාන්තාව විලාප කියමින් හඬා වැළපුණාය.


නිතර ශීලයේ පිහිටා සිටි ඥාති කත, නිවැසි කාන්තාව අස්වසමින් ධර්මයෙන් අනුශාසනා කළාය. අවසාන ඇය පටාචාර කතාවස්තුව ද ගෙනහැර පෑවාය.


මොහොතක් ගතවන විට තවත් ඥාති පිරිසක් මළගෙදරට පැමිණ ඇත. එවිට නිවැසි කාන්තාව තම සැමියා කෙරේ භක්තියෙන් පැමිණෙමින් සිටි ඥාතීන් ඉදිරියට දිව ගොස් ඔවුන් බදා හඬා වැලපෙන්නට වූවාය.


“අනේ නංගියේ බලාපල්ලකෝ මටත් වුණේ “චාරාපටාට” වුණ දේ වගේම දෙයක්නේ” යැයි කියමින් මර ළතෝනි දුන්නේලු. කීප වතාවක්ම එසේ කියමින් නිවැසි කාන්තාව විලාප තබද්දී, මළ ගෙදරට පැමිණ සිටි පිරිස් මුව වසාගෙන සිනාසුනේලු.

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

 



අදහස් (0)

සැමියාගේ මළගමදා බිරිඳගේ විලාපය කෝලමක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site