IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැමියාගේ උප්පරවැට්ටියට බිරියත් හොල්මන්

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා අසවලා යැයි රුපියල් 10,000 කට ඔට්ටු ඇල්ලූ අයකුට බිරිඳ බැන වදින අවස්ථාවේ සැමියා දුන් පිළිතුරෙන් බිරිඳ අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය.


 සැමියා රැකියාවක නියුක්ත වූවෙකි. ඔහු තම ගමේදී ද දේශපාලනය ගැන නිතර නිතර නන් දොඩවයි. ඔහු අසල්වැසියෙකු සමග රුපියල් දසදහසක ඡන්ද ඔට්ටුවක්ද ඇල්ලුවේ ප්‍රධාන පක්ෂ දෙකෙහි එක් අපේක්ෂකයෙකු දිනන බවටය.


 මේ පිළිබඳව බිරිඳ මහත් සේ උරණ වී සිටියාය. “පඩියෙන් එහෙම සත පහක් දෙන් නෑ.” බිරිඳ සැමියාට තර්ජනයක් ද කළේය. සැමියා දේශපාලන උණ නිසා ඔට්ටුවක් ඇල්ලුව ද, බිරිඳගේ කේන්තිය සාධාරණ බව ඔහුට ද වැටහිණි.


සැමියා ඔට්ටුවෙන් බේරීමටත් බිරිඳගෙන් බේරීමටත් හොඳම උපායක් කල්පනා කළේය. තම කාර්යාලයට ගොස් කපටි ලෙස එම උපාය ක්‍රියාවට නැංවීය.


 මෙදින නිවසට පැමිණි සැමියාට බිරිඳ සුපුරුදු දෝස් මුරය ආරම්භ කළේය. “යෝදියේ කෑගහන්න එපා. ඔට්ටුව පැරදුණත් මම පරදින්නේ නෑ.” යි සැමියා බිරිඳට පැවැසූ විට බිරිඳ ද වහා ඒ ගැන සැමියාගෙන් විමසුවාය.

“නෝනේ මෙහෙමයි ප්‍රධාන පක්ෂ දෙකේ අනික් අපේක්ෂකයා දිනනවා කියලා මම ඔෆිස් එකේ එකෙක් එක්ක තව ඔට්ටුවක් ඇල්ලුවා. දැන් හරිනේ.” සැමියා බිරිඳට සිනාසෙමින් කීවලු.


සැමියාගේ උපායෙන් ලැජ්ජාවට පත් බිරිඳ අන්දමන්දව, කාමරයට රිංගා ගත්තාලු



අදහස් (0)

සැමියාගේ උප්පරවැට්ටියට බිරියත් හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site