IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සීනි කරිඤ්ඤං පදම දන්වන්න අපූරු බෙර පදයක්

(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
සීනි කරිඤ්ඤං මුට්ටිය පදමට පැසී ඇති බව ගනුදෙනුකරුවන්ට දැනුම්දීම සඳහා අපූරු සන්නිවේදන ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 ගෘහ කර්මාන්තයක් ලෙස සීනි කරිඤ්ඤං නිපදවා විකිණීම වසර තිහ හතළිහක් තිස්සේ ඔහුගේ රැකියාව විය. වසරකට දෙතුන් වරක් නීතියේ රැහැනට අසුවුවද රැකියාව අත්හලේ ඔහු නොවේ. 


උදෑසන පටන් ඇදී එන ගනුදෙනුකරුවෝ කරිඤ්ඤං මුට්ටිය පැසෙන තුරු මුදලාලි කියන ඕනෑම දෙයක් කරති. ඇතැම් අය දර පළති. තවෙකෙක් කඬේ යයි. මුදලාලිගේ නිවසේ වළං පවා සෝදන්නේ ඔවුන් බව ප්‍රසිද්ධ රහසකි.


 මුදලාලි ළඟ හොඳ යක් බෙරයක් ඇත. විවේකයක් ලද විට බෙරය ගැසීම ඔහුගේ එකම විනෝදාංශයයි. බීමට පැමිණෙන ඇතැම් අය ද මුට්ටිය පැසෙන තුරු බෙරට තට්ටුවක් දෙකක් දැමීමට මාන බලති. එහෙත් ඊට මුදලාලිගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. මුදලාලි නුරුස්නා දෙයක් යමෙකු කළහොත් මුදලාලි ඔවුනට බණින්නේ බල්ලන්ට මෙනි.


කෙසේ වෙතත් බීමට පැමිණෙන ඇතැම් අයගේ හැසිරීම මුදලාලිගේ බිරිඳට ඇල්ලුවේ නැත. සමහරු සුරුට්ටු පත්තු කිරීමට ගින්දර ඉල්ලාගෙන හෝ බීමට වතුර ඉල්ලාගෙන කුස්සියට පැමිණීම ඇයට මහත් හිසරදයක් විය. 


වෙලාවක් කලාවක් නොමැතිව පැමිණෙන මිනිසුන්ගේ කරදරයෙන් මිදීමට කල්පනා කළ ඇය ඒ පිළිබඳව යෝජනාවක් සිය සැමියාට ඉදිරිපත් කළාය.


 “මේ ඔහේ ඔය හිතුණු හිතුණු වෙලාවට බෙරේ ගහන එක නතර කරන්න. මුට්ටිය පැහුණම ගනුදෙනුකාරයන්ට දැනුම් දෙන්න විතරක් බෙරේ ගහන්න. එතකොට මටත් මෙතන නිස්කලංකව ඉන්න පුළුවන්”.


බිරිඳගේ අවවාද පිළිගත් මුදලාලි ඒ බව ගනුදෙනුකරුවන් ද දැනුම්වත් කර “මුට්ටිය පැහිලා හනික වරෙල්ලා, මුට්ටිය පැහිලා හනික වරෙල්ලා” යන බෙර පදයෙන් පණිවුඩය දුන්නාලු. 

 



අදහස් (0)

සීනි කරිඤ්ඤං පදම දන්වන්න අපූරු බෙර පදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 419 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site